Showing posts with label කවි විරිත්. Show all posts

Saturday, August 8, 2026

හද පෙළන පාළුව - (ශනිදා දහයට)

සීත පිනිබිඳු, තැවරි මල්පෙති, 

                මද පවන් වැද, ලෙළෙන   අසිරිය

ඈත සමනොළ, කඳු වළලු සිප, 

                නැගෙන දිනකර, බිඳියි    ඇඳිරිය

පීදි නිල්වන්, බන්ඩි ගොයමද,

               සිනහ සලමින්, මවයි       මිහිරිය

කාට කියමිද, දැනෙන  හැඟුමන්,  

                 ගමට ගිය පසු, මගේ   සොඳුරිය

       (මදු ඡන්දසට අයත් පුණුඅතිපුණු විරිත ඇසුරෙන්.)

විරිතෙහි ස්වභාවය 
පාදයකට මාත්‍රා 28 ක් වන අතර මාත්‍රා 7 න් 7 ට යති ස්ථාන 3 ක් පිහිටයි.

~*~*~*~

ළඟදීම ඔබ හමුවට....

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, August 1, 2026

සඳ එළියක සිනහව - (ශනිදා දහයට)

හෙලූ සුසුම්          දුරලා
සිනා කුසුම්          ලියලා
හදේ පහන්          පිපිලා
දිලේ  ලවන්          ඔපලා

නුඹේ නෙතේ  කොනකින්
හෙලූ බැලුම්   සැනෙකින්
කියූ  වදන්        රැසකින්
තබයි දුකත්     පසෙකින්

වහන් වෙලා     හෙමිහිට
කියන් හිතේ දුක       මට
වැටී දනින් සැම        විට
දුකින් හඬා        කුමකට

සුපිහිටි ඡන්දස - සසපුලුතු විරිත ඇසුරෙන් 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 25, 2026

නොනිමි මතක දහර - (ශනිදා දහයට)

සයුරු රළ පෙළ සිහින         සඟවා

නොඑන ලෙස යලි දුරක      යනවා

පිපෙන පෙණ පිඩු සිසිල        රදවා

සිනිදු දෙපයට සුවය            සැදුවා

නැගෙන මතකය මහද        රිදවා

පෙළන නෙතුකොණ කඳුළු   පුරවා

තෙපලු වදනට අරුත          බඳවා

පුදන ලද පෙම කොහෙද     ඇසුවා

ගිලෙන සැඩ හිරු  කියන  කොඳුරා

රහස හෙමිහිට හදෙහි        අතුරා

සිහින පොකුරක සිතුසෙ      අසුරා

නුඹගෙ තුරුලට එවමි          ඉඳුරා

(සෙල් ඡන්දස ට අයත් මිණිපොකුරු විරිත ඇසුරෙන් )

~~  ලියෝනි අමරතුංග, හැමිල්ටන්  ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 18, 2026

විසිරුණ පිණි මත කඳුළැලි - (ශනිදා දහයට)

විසිරුණ පිණි පෙතිමත -  වැද දිදුළන -        නිසල රැයක 

මුකුලිත තරු ගගනත -   නිදි කිරමින -       සිටින කලෙක 

පියකරු නුඹ උවනත -    මත සැතපුන -       කියඹු වැලක 

එතෙමින රතු දෙතොලත -  පෙම කොඳුරන - මිහිරි මතක  

පෙරදින අතිනත ගෙන -   රන් හුයකින් -      බැඳ අතැගිලි 

අප අපගෙම වුන දින -    මුදු හදකින් -         විඳ සැනසිලි 

සමුගෙන ගිය බව දැන - නෙතු කොනකින් -  ඉනු  කඳුළැලි 

රිදවන කල මා මන -     මොන හිතකින් -    දෙමි හසරැළි 

( තෙනෙත් ඡන්දස - කුසුම්සිරිඟර විරිත)

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 11, 2026

සෙනෙහෙ මල් සුවඳ - (ශනිදා දහයට)

මල වට රැඟු  මත්   බිඟුසේ

සිඹ සිඹ රොණ ගනිති  රිසේ

යලි යලි තුට විඳ       රිසිසේ

​පැනයයි උන් හොර   රහසේ

දුව පහනකි අප         නිවසේ

දිළි දිළි සුව විඳි      මිණි සේ

තැන තැන යන සිත    රහසේ

රැකගනු පුත තම     පණ සේ

මතුවී උණු කඳුළු       නෙතේ

ටික ටික හද දවනු      ඇතේ

දින දින පිපි මල්         දසතේ

පොඩිකර උන් සැඟව    යතේ

(උතු ඡන්දස - යොන්මත්වැල විරිත ඇසුරෙන්)

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, June 27, 2026

සැනසුමේ සේයාව (ශනිදා දහයට )

සියුමැලි සුදු සළුවෙන - හැඩ  වැඩ කල -  සුවඳ    තැවරු

අතිනත ගෙන සුබදින - මගෙ පැල තුළ - තිබෙන    අඳුරු

තනිකම දුරු කරමින - පිවිසෙන කුල -  කතකි   සොඳුරු

සිහිනෙකි හද කළඹන - මානස විල -   පිපුණු       තඹරු

හමනා මදනල  මත -   නැග රහසින -       දැඟලිල්ලෙන්

දිලෙනා පෙම්බර වත -   මත නැළවෙන -  සැනසිල්ලෙන්

එතෙනා සුන්දර තෙත - සිත අලවන -   කෙහෙරැල්ලෙන්

ගලනා සුවඳින් ගත - නිති මුදවන -            ඉවසිල්ලෙන්

තෙනෙත් ඡන්දස - කුසුම්සිරිඟර විරිත

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, June 13, 2026

ඇයිද මෙසේ ලතවිමක් (ශනිදා දහයට)

ලන්ද කොනේ නොපැතූ     සිදුවීමක්
හින්ද ලැබූ  දිවියේ           පසුබෑමක්
මන්ද මෙසේ ලතැවී           විඳවීමක්
නැද්ද හදේ සුළු හෝ        වැටහීමක්

දෑතෙ පිරී රිදියෙන් හැඩ           දාපු
තෝඩු දිලී මුහුණේ සිරි            ගාපු
හීන තියේ මහදේ නැග             ආපූ
නෑනෙ මෙතෙක් තරුනෙක් බහ  දීපූ

(ගජ ඡන්දසට අයත් තරඟවැල විරිත ඇසුරෙන් )

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, May 9, 2026

මයෙ මැණික නන්දා - ( ශනිදා දහයට)

හදවතෙහි ගැස්මක් 

ඇති කරවනා බැල්මක් 

ලදිමි නව හුස්මක් 

ළඟ දැවටි විට දැනෙයි ගැම්මක් 

ලොව දිනුව වාගේ 

පෙමැති නුඹ දැන් මාගේ 

රජ නොවුනි රාගේ 

ඉතින් සරුමය අපගෙ දීගේ 

පැළඳ රන් තෝඩූ 

සිනහ පා කිරි කෝඩූ 

නිවසෙ අඩු පාඩූ 

මකයි සුවඳින් පිසින නාඩූ 

සිරිදුව ද කැන්දා 

මැඩ සියලු දුක් නින්දා 

මයෙ මැණික නන්දා 

දවසෙ දෙවරක් බුඳුන් වැන්දා

   ( මහ පියුම් ගී විරිත ඇසුරෙන් ) 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, April 25, 2026

රන් මැණිකේ ( ශනිදා දහයට)

මන් පොඩි කල ගම මායිමෙ දිය පිරි නිල්     දොළකී
ඉන් අද්දර තිබු අප නැණ පැහැදුව සිප්          හලකී
රන් තරු සේ දුව පනිනා දරු පැටවුන්            රැසකී
ම​ල් මැණිකේ නුඹ ඒ මැද රඟදුන් පුන්             සඳකී

සල් සපු නිල් මානෙල් පිපි කුසුමන් නැත        අඩුවක්
නිල් අහසේ රඟ දෙන විහඟුන් පැවසුවෙ       රහසක්
පෙම් බැඳි සිතකට ලංවී විඳ ගමු සුව            පහසක්
රන් මැණිකේ නුඹ සඳ වත ගෙන දෙයි හද    සිසිලක්

යන් පන්සල් පුදදෙමු හද බැතියෙන් සුදු        කුසුමන්
පින් පුරවමු මතු බවයෙත් ඉටු වන ලෙස      පැතුමන්
සිත් සතුටින් විඳ ගමු එකිනෙක උපදින       හැඟුමන්
කල් බලමින් ලැබගමු අවසන් දවසෙද           බුහුමන්
 ( තෙනෙත් ඡන්දස - දිගෝවිලි විරිත ඇසුරෙන් )

විරිතේ ස්වභාවය -
*එක් පාදයකට මාත්‍රා 22 කි. 
*පාදවල ලඝු හෝ ගුරු භේද නැත.  
*යතිය තැබිය යුතු ස්ථානයක් පිලිබඳ නිශ්චිත සදහනක් ද කර නැති විරිතකි. 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, April 18, 2026

බාල කාලෙ ( ශනිදා දහයට)

සමනලයින්             ලුහුබඳිමින්
ලියදි පුරා    දඟ           කරමින්
වසු පැටියගෙ  මුව        සිඹිමින්
මිණි කිංකිනි හඬ         තලමින්

සියුමැළි තටු නිති          සලනා
කුරුලන් දැක ගී            ගයනා
මුවරළ මෙන් දුව           පනිනා
කෙළි ලොල් විය යලි     මැවුනා

සුදු ගවුමේ රැළි              ඉහිරී
දුහුවිලි තැන තැන         තැවරී
මුහුණ පුරා තුට              ඉතිරී
ගෙවු කාලය අති            මිහිරී

යන්නට හිත ඇත          විදුහ​ල්
කෙල්ලන් හා දඟ          හුරතල්
මන්දිර නැති මුත්          සුවිසල්
වින්දෙමි සිත සුව       සැමකල්

(උ
තු ඡන්දසට අයත් උවදෑ විරිත ඇසුරෙන් )

*පාදයක මත් 12 කි.

*මත් දහයකින් පසු ගුරක් යෙදිය යුතු ය.

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.  

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, April 11, 2026

වසන්තයත් ඇවිත් - (ශනිදා දහයට)

මැණිකෙ ඇදෙන, කල     කුඹුරට
සුමුදු දෙපය, මැවු            තනුවට
නිය​රෙ සුපිපි, මල්             කදිමට
සිනහ සලයි, හරි              ඔපයට

ලෙලෙන ගොයමෙ, ඇති  සිරියට
පිපි එරබදු, මල්               සුවඳට
පෙ'බැඳි බඹරු, හරි         හරියට
රඟදෙයි නිති, සුව           විඳින​ට

කොවුල් නඳින්, මිහිර        ගන්න
අඹ දඹ රඹ, සුවඳ             දන්න
කොයි කවුරුත්, ඇඟිලි    ගැන්න
වසන්තයත්, ඇවිත්           ඔන්න
( උතු ඡන්දසට අයත් වසත් / වසන්ත විරිත ඇසුරෙන් )
*පාදයකට මාත්‍රා 12 කි.
*මත් 6න් 6ට යතිය තැබිය යුතු අතර පාදාන්තය ගුරක් නොවිය  යුතුය
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.  

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, April 4, 2026

සුළඟ - (ශනිදා දහයට)

සිත සෙනෙහෙ විඳිමින 
මඟ තොරතුරුද අසමින 
සොමි රුව සිතෙහි දරමින 
ඇවිද යමි නුඹ සොයමින 

මද සිසිල දනවන 
හදවතද නිති සරසන  
දෙකොපුල මතෙහි නැළවෙන 
කියඹු වැල මත එතෙමින 

මුවද සිප ගෙන ඇති 
දෙතොලෙහි රසය විඳ ඇති 
නමුදු මට නුඹ හිමි නැති 
ලොවෙහි තනිවෙමි මම නිති 

නුඹ ට තුරුලුව සිට 
යන එන ගමනෙ සැමවිට 
ළඟම නිති සුව සැදුමට 
සිටිමි එයමය මගෙ තුට 

නොයනු යලි අතහැර 
නසනු මැන හද කළුවර 
පිදුවිට සෙනෙහෙ ගරුසර 
පහව යත දුක පපුතුර 

 'යහ ගී'  විරිත ඇසුරෙන්)

විරිතේ ස්වභාවය
* මෙහි මාත්‍රා පිහිටීම  9,  11, 11, 11 වශයෙන් වෙයි. 
* මෙම විරිතෙහි විශේෂම ලක්ෂණය නම්, විරිත සඳහා යොදා ගන්නා      සියලුම අක්ෂර ලඝු අක්ෂරම පමණක් වීමය....
* එළිසමය යෙදීම අවශ්‍යම නැතිමුත්, එසේ කිරමෙන් කවියට අලංකාරයක් එක් කරයි. 