Friday, January 21, 2022

අලුත ගෙනා මනමාලි 2

 

 කවි කතාව

 

 

පසුගිය කොටසෙන්.................

මව හා පියා කුඹුරේ වැඩ වලට                යති
එනිසා ගෙදර අනිතුත් දේ කරනු              ඇති
හිටියා කෙනෙකු සහයට අප වටම           එති
'මැණිකා' කියා හැමදෙන  ඇමතුවේ         නිති


2 කොටස  

කරුමය මගේ පල දී ගෙන ආපු             ඔතා
පෙරමඟ බලා ඉමි එනතුරු කෙනෙකු     පතා
කපුවට මුදල් දී රහසින කෙරුණු          කතා
කොලුවෙකු ගැනයි යහපත් ගති පිරුණු  ඉතා

         මට මෙම නිවස තුළ ඇති වැඩපල       නුහුරු         
දිවි මඟ හැඩට ඉන්නට තුන්සිත           පැවරු
   කපු මහතාට පැවසුවෙ  බොරුවකි       රුදුරු  
හමුවෙන තුරුයි ගැලපෙන ගැටයෙකු සොඳුරු

එක එක සාරි ඇඳ හෙප්පුව            අරගත්තා
මවුනට මුවා වී එන අය                 පිළිගත්තා
රහසින ඔවුනගේ වත ගොත          අහගත්තා
මනසින කැමති අකමැති බව        මැනගත්තා

    මනමාලයෝ දැන් නිතරම             එනයන්නේ    
     සමහර අයට නැත රුචියක්        ඇතිවෙන්නේ    
තව ටික දෙනෙකු මගෙ හිත තුල රජවෙන්නේ
ඔවුනගෙ සිතැඟි පවසන තුරු     ලතවෙන්නේ

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


👈 1 කොටසට

👉 3 කොටසට

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

8 comments:

  1. ලස්සනයි. ඇත්ත කතාවක්ද මේ ලියවෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.
      ඇත්ත කතාවක් නම් නෙමෙයි. එත් සුරංගනා කතාවකුත් නෙමෙයි. සමාජයේ මේ වගේ චරිත ඕන තරම් ඇති අපි අවට. දිගටම රැඳී ඉන්නකෝ අවසාන වනතෙක් ම.

      Delete
  2. අඩ්ඩේ... 😃😃😃
    කයි කතා කාරියක්... මරු නේ...
    නියමයි වැඩේ නං...
    දිගටම ලියමු ජය

    ReplyDelete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.