Saturday, November 4, 2023

ඔහු ..... (ශනිදා දහයට)

 පෙර මඟ බලමි (ඇය හැරදා ගිය ඔහු ගේ පාපොච්චාරණය )


හදබැඳි සොඳුරිය
අප ගෙවු දිවිය මිහිරිය 
මිතුරගෙ සොයුරිය 
නිතර හමුවී පෑවෙ ඔමරිය 

හිතද හිරි වැටුණි 
තහනම් පෙමක පැටලුණි 
නුඹව අත හැරුණි 
ඇයගෙ සහයට නොයා බැරිවුණි 

නොසිතනු අහිතක්  
කලෙ මම නුඹට වරදක්  
තැවෙමින සහසක් 
සුසුම් ගිලිහෙයි නොමැත සතුටක් 

කිසි දින වරදක් 
නොකළ ඔබ දිව අඟනක් 
නොහෙලනු කඳුලක්  
කරුවෙ හැමවිට මමයි බොරුවක් 

ගිලිහෙත පැතුමන් 
සිරකර සිතෙහි හැඟුමන් 
ලබමින අවමන් 
පුරන බව දැනගතිමි පෙරුමන් 

අදරැති මියුලස 
නුඹ කුසෙහි මගෙ සෙනෙහස 
පිළිසිඳි අනුහස 
නොදැන සිටියෙම් විඳිමි උදහස 

ඔබහැර ගියමුත් 
තැවෙමි මනසින තවමත් 
සතොසින විඳගත්
එකදු මොහොතක් නොමැත අදටත් 

තුරුලෙහි විසුමට 
මදිය කල පින මිහිපිට 
උපදින බවයට 
නැවත එක්විය හැකිද අපහට...?


පිරිවර ගැවසෙත 
නොමැත තනියට හිතවත 
ඇතිදුක හදමත 
සතපවා ගමි කෙරෙන් මධුවිත 

පියුම් ගී විරිත ඇසුරෙනි )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

22 comments:

  1. කවියෙන්ම පිළිතුරු
    ලිවීමත් එක දෙයකි වෙන මරු
    එහෙත් වෙන විට බොරු
    පෙනෙයි මට මහ දාවලෙත් තරු

    ලස්සන කවියක් හැමදා වාගේම!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔයාගේ කවියත් අපුරුයි. ඔයා නිර්මාණය කල ශනිදා දහයට එකතු වෙන්න ලැබීමත් සතුටක්.

      Delete
  2. අසලක සිටිවිට
    අගයක් නොමැත හදකට
    ගිය දින දුරකට
    තැවෙයි විඳවයි කරපු පවකට....

    ලස්සනයි මෙය.
    ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. කවියත් අපුරුයි. ඔබටත් ජය වේවා..

      Delete
  3. බොහෝම අලංකාර කවි කතාව සිත්ගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. ඉඳ හිට මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න.

      Delete
    2. අනිවාර්යයෙන්ම, නිතිපතා එන්නම්. මේ බ්ලොග් යලිපිබිදුම ඉස්සරහර අරන් යන්න ඕනේ, අපි එකතුව!

      Delete
  4. කවි දුමී එක්ක කරට කර එක එක විරිත් ලියන්න පුලුවන් කෙනෙක් ...ජයවෙවා 👍

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට.

      Delete
    2. ඒකනේ සඳූ. හරිම සතුටක් මටත් මේ හමුවීම.
      ජයවේවා

      Delete
  5. විරිත් තියලා වෙන වෙන තේමාවන්ගෙන් කවි කතා ලියන ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. එදා ඉඳලාම මගෙ කවි කතා ඔයා රසවින්ද නේ. ළඟදීම තවත් කවි කතාවක් අරන් එන්නම්.

      Delete
  6. ගිණිවිජ්ජුම්බරයක් නෙ වෙලා තියෙන්නෙ 💔

    මරැ 👌

    ReplyDelete
    Replies
    1. ඒකනේ ... කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට නමී

      Delete
  7. මේ කවියත් ටිකක්,
    Kuch na kaho kuch bhi na kaho (Don't say anything, nothing at all)
    Kya kehna hai, kya sunna hai (What you want to say, what I want to listen)
    Mujhko pata hai, tumko pata hai (I know it and you know it)
    කිසිවක් කියන්න එපා-කිසිම දෙයක්
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. හැමදාම වෙනම ඉසව්වක් කරා ගෙන යනවා. හරියට භාවනාවක් වගේ. ඉතාම අගය කරමි.

      Delete
    2. ඔය ලිංක් එකේ තියෙන්නේ කවර් වර්ෂන් එකක්.
      කුමාර් සානුගෙ ඔරිජිනල් එක ඇත්තටම ඔරිජිනල්!.
      Myself Hattor

      Delete
    3. මම ඒක ඇහුවා. ඒත් මේ තරම් ලස්සනට මම ඒ ගීතය අහලා තිබුන කියලා මතකයක් නෑ. ඒ තරමටම මම ඒ ගීතය රස වින්දා. ස්තූතියි ඔබට.

      Delete