Saturday, November 28, 2026

කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන 7 - ( ශනිදා දහයට)

- නිසල දෙපයට සවියක් වූ ආදරයක කතාව -




 පසුගිය කොටසෙන් ..... 

උදයෙම පිටවුණේ හිරුණක        දැකගන්නයි

තම තීරණය ගැන තුරුළුව           පවසන්නයි

තනිවුණ හදවතෙහි සිසිලස          රඳවන්නයි

දිවිමඟ පුරා අත්වැල ලෙස            ළඟඉන්නයි


7  කොටස  


සමුගෙන  රෝහලෙන් පිට වී යන           දිනය

බැහැ තනි කරන්නට තුල රුදු දිවි          වනය

ගතයුතු වේය පියවර අත හැර             ධනය

සැමවිට සිතුණෙ ඇයහට ඔහු තම        පණය



දිවියට පවන වී සිසිලස                 රඳන්නට

අඳුරුවු හදේ සඳ සදිසිව              දිළෙන්නට

සිතුවද හැකි විගස තුරුළට         ඇඳෙන්නට

වැඩිහිටි වෙර දරුවෙ පෙම් හිත     බිඳින්නට


සුපුරුදු පරිදි දිණකර ඉඟි බිඟි            පාලා

නව දවසකට පිවිසෙයි සෙනෙහස        ගාලා

නුපුරුදු හැඟුම් පුබුදන රශ්මිය              දීලා

හද කිති කවයි ගොතමින සිතිවිලි        මාලා


අළුයම පිබිඳ විකසිත කුසුමක             හැඩට

පොදි බැඳ අවැසි සියළුම දෙය එක     ගොඩට

පිට වුණෙ ගෙයින් කිසිවෙකු මායිම් නොකොට

සඳුනිගෙ සිසිල දෙවනට හිරුණ ගෙ    ලොවට




මෙම පෙම් යුවළ ගේ ඇති තනි     කැමැත්තට

ගතමුත් ගිවිස එක සෙවනක       වෙසෙන්නට

නැතියෙන් නෑසියන් වැඩිහිටි           දකින්නට

මිතුරන් පමණි සිටියේ දුක              අසන්නට




මතු සම්බන්ධයි...... 


👈 6 කොටසට 

👉 8 කොටස  බලාපොරොත්තු වන්න


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~


~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment