Saturday, August 15, 2026

සඳු එපා මගෙ ලොවට (ශනිදා දහයට)

සඳු එපා මගෙ ලොවට

මැවු සිහින පොද තාම තනි රකියි මගෙ           හදට

ළඟ දැවටි කියු කතා සිහිව එයි දැනි             පෙමට

දින ගණන් මඟ බලා සිටිමි එන තුරු              පැලට

යලි දකින තුරු ඔයා මොටද පුන් සඳ             මෙමට

බැඳි සෙනෙහෙ බොඳ නොවෙයි සතුටකිය     ලන්වීම

යලි යලිත් දකින්නට මඟ බලයි                  තුන්යාම

නුඹ එදා මගෙ හිතත් රැගෙන ගිය               හින්දාම

ළය දවයි දරාගනු හැකිද මෙම                  වෙන්වීම

මටම පමණක් උරුම බවකි හද           කොඳුරන්නෙ

උණු කඳුළු බිඳු ඔහේ නෙතු කොනෙහි      නළියන්නෙ

අද හෙටම එයි කියා දුකද තුනි               කරගන්නෙ

මදනලක ඔතා එව් හාදුවයි                    එයදන්නෙ

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, August 8, 2026

හද පෙළන පාළුව - (ශනිදා දහයට)

සීත පිනිබිඳු, තැවරි මල්පෙති, 

                මද පවන් වැද, ලෙළෙන   අසිරිය

ඈත සමනොළ, කඳු වළලු සිප, 

                නැගෙන දිනකර, බිඳියි    ඇඳිරිය

පීදි නිල්වන්, බන්ඩි ගොයමද,

               සිනහ සලමින්, මවයි       මිහිරිය

කාට කියමිද, දැනෙන  හැඟුමන්,  

                 ගමට ගිය පසු, මගේ   සොඳුරිය

       (මදු ඡන්දසට අයත් පුණුඅතිපුණු විරිත ඇසුරෙන්.)

විරිතෙහි ස්වභාවය 
පාදයකට මාත්‍රා 28 ක් වන අතර මාත්‍රා 7 න් 7 ට යති ස්ථාන 3 ක් පිහිටයි.

~*~*~*~

ළඟදීම ඔබ හමුවට....

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Thursday, August 6, 2026

නොනිමි සෙනෙහසේ ගමන

'නොනිමි සෙනෙහසේ ගමන' 

වරෙක නිදහස් ආරෙකට හා තවත් වරෙක විරිතට මගේ හිතේ උපදින අදහස් කවියට නගන අතරම.., සුපුරුදු පරිදි තවත් රසබර කවි කතාවක් රැගෙන ඉතා නුදුරේම ඔබ හමුවට එන්නයි මගේ මේ වෑයම. 

මේ වනවිට මා මනසේ උපන් කතා කිහිපයක් ම කවියට නගා ඇති බව දන්වන්නේ ඉතා සතුටිනි. ඔබගේ කැමැත්ත පරිදි පහත පෙන්වා ඇති ලින්ක් මඟින් එම කතා මුල් සිට අගට එක දිගට රස විඳින්න හැකියි. 

කවි කතාව 👉 සඳලතා 
කවි කතාව 👉 අලුත ගෙනා මනමාලි 
කවි කතාව 👉 දෝණි 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, August 1, 2026

සඳ එළියක සිනහව - (ශනිදා දහයට)

හෙලූ සුසුම්          දුරලා
සිනා කුසුම්          ලියලා
හදේ පහන්          පිපිලා
දිලේ  ලවන්          ඔපලා

නුඹේ නෙතේ  කොනකින්
හෙලූ බැලුම්   සැනෙකින්
කියූ  වදන්        රැසකින්
තබයි දුකත්     පසෙකින්

වහන් වෙලා     හෙමිහිට
කියන් හිතේ දුක       මට
වැටී දනින් සැම        විට
දුකින් හඬා        කුමකට

සුපිහිටි ඡන්දස - සසපුලුතු විරිත ඇසුරෙන් 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 25, 2026

නොනිමි මතක දහර - (ශනිදා දහයට)

සයුරු රළ පෙළ සිහින         සඟවා

නොඑන ලෙස යලි දුරක      යනවා

පිපෙන පෙණ පිඩු සිසිල        රදවා

සිනිදු දෙපයට සුවය            සැදුවා

නැගෙන මතකය මහද        රිදවා

පෙළන නෙතුකොණ කඳුළු   පුරවා

තෙපලු වදනට අරුත          බඳවා

පුදන ලද පෙම කොහෙද     ඇසුවා

ගිලෙන සැඩ හිරු  කියන  කොඳුරා

රහස හෙමිහිට හදෙහි        අතුරා

සිහින පොකුරක සිතුසෙ      අසුරා

නුඹගෙ තුරුලට එවමි          ඉඳුරා

(සෙල් ඡන්දස ට අයත් මිණිපොකුරු විරිත ඇසුරෙන් )

~~  ලියෝනි අමරතුංග, හැමිල්ටන්  ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 18, 2026

විසිරුණ පිණි මත කඳුළැලි - (ශනිදා දහයට)

විසිරුණ පිණි පෙතිමත -  වැද දිදුළන -        නිසල රැයක 

මුකුලිත තරු ගගනත -   නිදි කිරමින -       සිටින කලෙක 

පියකරු නුඹ උවනත -    මත සැතපුන -       කියඹු වැලක 

එතෙමින රතු දෙතොලත -  පෙම කොඳුරන - මිහිරි මතක  

පෙරදින අතිනත ගෙන -   රන් හුයකින් -      බැඳ අතැගිලි 

අප අපගෙම වුන දින -    මුදු හදකින් -         විඳ සැනසිලි 

සමුගෙන ගිය බව දැන - නෙතු කොනකින් -  ඉනු  කඳුළැලි 

රිදවන කල මා මන -     මොන හිතකින් -    දෙමි හසරැළි 

( තෙනෙත් ඡන්දස - කුසුම්සිරිඟර විරිත)

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 11, 2026

සෙනෙහෙ මල් සුවඳ - (ශනිදා දහයට)

මල වට රැඟු  මත්   බිඟුසේ

සිඹ සිඹ රොණ ගනිති  රිසේ

යලි යලි තුට විඳ       රිසිසේ

​පැනයයි උන් හොර   රහසේ

දුව පහනකි අප         නිවසේ

දිළි දිළි සුව විඳි      මිණි සේ

තැන තැන යන සිත    රහසේ

රැකගනු පුත තම     පණ සේ

මතුවී උණු කඳුළු       නෙතේ

ටික ටික හද දවනු      ඇතේ

දින දින පිපි මල්         දසතේ

පොඩිකර උන් සැඟව    යතේ

(උතු ඡන්දස - යොන්මත්වැල විරිත ඇසුරෙන්)

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, July 4, 2026

හදවතින් දුටු සොබා දහම (ශනිදා දහයට)

නෙත් අඳ මුත් හදවතින් ලොව දිටිමි..

පිබිදුන කුසුම් නෙක පාටින් ලෙලෙන     හැටි

මනසින දකිමි මතුපිට රැදි තුෂර         කැටි

සවනත පිනයි බඹරුන් නද අවට          සිටි

දැකුමට වරම් නැති ලැබු දිවි ගමනෙ  කෙටි

පාසැල වෙත ඇදෙන හුරතල් සිඟිති     රැල

වාගෙලු ගගන තල රඟනා සකුණ        කැල

ගීතය හද පිනයි දැකුමට නොහැකි        කල 

මා ළය නිති පෙළයි වැලපෙනු කුමට      පල

ගත දැවටෙනා සිහිලැල් මද පවනෙ       රඟ

ලෙලදෙන මයුර පිල් බඳු නිල් වරලෙ      දඟ

හද පොපියනා සුසුමෙහි රැඳි සුවඳ        ළඟ

හැඩ කර ගලන සිතිවිලි ගඟ නොවේ    හිඟ

හිරිගඩු පිපෙනු දනුනිය ගත සිත      එකසේ

ලතවුනි දිය බිඳිති දැහනට සම         වැදිසේ

සියොළඟ සලිත කර මිහිමත සිප     රිසිසේ

නද නගමින්ම මහ වැසි උපදින         විලසේ

ලන්දේ කැකුළු වතු සුදු මල් පිපෙන      උදේ

කන්දේ ලැහැබෙ විහඟුන් ගී ගයන       ලදේ

පිම්මේ ඇඳෙන මුව පැටවුන් මවන      නදේ

වින්දේ සිතිනි සිහිනෙන් ගෑ සුවඳ        හදේ

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, June 27, 2026

සැනසුමේ සේයාව (ශනිදා දහයට )

සියුමැලි සුදු සළුවෙන - හැඩ  වැඩ කල -  සුවඳ    තැවරු

අතිනත ගෙන සුබදින - මගෙ පැල තුළ - තිබෙන    අඳුරු

තනිකම දුරු කරමින - පිවිසෙන කුල -  කතකි   සොඳුරු

සිහිනෙකි හද කළඹන - මානස විල -   පිපුණු       තඹරු

හමනා මදනල  මත -   නැග රහසින -       දැඟලිල්ලෙන්

දිලෙනා පෙම්බර වත -   මත නැළවෙන -  සැනසිල්ලෙන්

එතෙනා සුන්දර තෙත - සිත අලවන -   කෙහෙරැල්ලෙන්

ගලනා සුවඳින් ගත - නිති මුදවන -            ඉවසිල්ලෙන්

තෙනෙත් ඡන්දස - කුසුම්සිරිඟර විරිත

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, June 20, 2026

මගේ රන් කඳ (ශනිදා දහයට)

නන්දා මගේ රන් කඳ පෙම හද            රන්දා

වින්දා සියලු දුක් ගැරහුම් නව             නින්දා

අන්දා කසී සළු කර මාල ද                  බන්දා

කැන්දා යන නැකත කවදා දැයි           මන්දා

බැන්දේ සෙනෙහෙ දුටු සඳ දොළ ළඟ  ලන්දේ

නැන්දේ ඇයිද නෑනගෙ පෙම් සිත        බින්දේ

වින්දේ සිහින දකිමින් තුන්යම            නින්දේ

වැන්දේ බුදුන් පේවී වැඩ සිටි              කන්දේ

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, June 13, 2026

ඇයිද මෙසේ ලතවිමක් (ශනිදා දහයට)

ලන්ද කොනේ නොපැතූ     සිදුවීමක්
හින්ද ලැබූ  දිවියේ           පසුබෑමක්
මන්ද මෙසේ ලතැවී           විඳවීමක්
නැද්ද හදේ සුළු හෝ        වැටහීමක්

දෑතෙ පිරී රිදියෙන් හැඩ           දාපු
තෝඩු දිලී මුහුණේ සිරි            ගාපු
හීන තියේ මහදේ නැග             ආපූ
නෑනෙ මෙතෙක් තරුනෙක් බහ  දීපූ

(ගජ ඡන්දසට අයත් තරඟවැල විරිත ඇසුරෙන් )

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, May 30, 2026

නුඹය මගෙ කවිමල්ල - (ශනිදා දහයට)

රහසින බාල කාලේ සිට පෙම්             බැන්ද
සිතිවිලි ගඟේ පිහිනා සතුටකි              වින්ද 
සහසකි පැතුම් ගොනුකල නොමැ තිව  නින්ද
නුඹ හද රිදී මා මඟහැර යනු               මන්ද 

කෙළිලොල් වියේ සිටි ඔබ හරි         දඟමල්ල
නව යෞවනය එලබී වුනෙ            හැඩමල්ල
විසිතුරු වදන් සැමටම බෙදු           රසමල්ල
සිතුනෙම මෙමට ලැබුනා යැයි        ජයමල්ල

හද තුල නිමක් නෑ සෙනෙහේ          ඉතිරිල්ල
වලකනු කෙලෙස හද දවනා          මැසිවිල්ල
පෙර ලෙස නොවේ දැන් නුඹ ගේ    සැලකිල්ල
නෙතු යුග බොඳ කරයි නැගෙනා    කදුලැල්ල

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, May 23, 2026

දියණිට සුබ උපන්දිනයක් වේවා - (ශනිදා දහයට)

දිවිමන් තලාවට නව අරුතක්              කැන්දු
හැඟුමන් කැටිවු මව් සෙනෙහෙට නම   රැන්දු
පැතුමන් තුළට බර දී හදවත               බැන්දු
මුතුවන් දෙනෙත දුනි දිවියට අම           බින්දු

දියණිය අපේ නිවසට පායපු                තරුව
පුදදුණි හදේ සෙනෙහස සැමටම          ගරුව
විසිරුණි දැනුන සෝ දුක කඳුළක         දැරුව
ලැබදුනි සවිය පැදයන්නට දිවි              ඔරුව
 
මේ දිවි ගමන අප ගෙවනා රඟ           හලකි
ඒ මත රඟන ඔබ මැව්වේ රස             ගුලකි
රෑ කළ අඹර මත දිදුළන පුන්              සඳකි
මා ලද මහඟු සම්පත මගෙ දුව           මලකි

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, May 16, 2026

මගෙ දියණි - (ශනිදා දහයට)

දියණි මගෙ කුසුමක්,  දිවියටම          අවියක්

ලැබුන නව දෙනෙතක්, එහි නොමැත සැකයක්

අමාවක අහසක්, එළිය කළ              තරුවක්

තව මොටද පහනක්, නිවසටම           සිරියක්

දිවි මඟට අරුතක්, විඩා නිවි              පවනක්

ගියද දිගු ගමනක්, ගෙනෙයි මට         සවියක්

නෙත පිනන දසුනක්, ඔප දමපු        මැණිකක්

කියමි පොඩි රහසක්, මලකි මැද        උයනක්

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, May 9, 2026

මයෙ මැණික නන්දා - ( ශනිදා දහයට)

හදවතෙහි ගැස්මක් 

ඇති කරවනා බැල්මක් 

ලදිමි නව හුස්මක් 

ළඟ දැවටි විට දැනෙයි ගැම්මක් 

ලොව දිනුව වාගේ 

පෙමැති නුඹ දැන් මාගේ 

රජ නොවුනි රාගේ 

ඉතින් සරුමය අපගෙ දීගේ 

පැළඳ රන් තෝඩූ 

සිනහ පා කිරි කෝඩූ 

නිවසෙ අඩු පාඩූ 

මකයි සුවඳින් පිසින නාඩූ 

සිරිදුව ද කැන්දා 

මැඩ සියලු දුක් නින්දා 

මයෙ මැණික නන්දා 

දවසෙ දෙවරක් බුඳුන් වැන්දා

   ( මහ පියුම් ගී විරිත ඇසුරෙන් ) 