Tuesday, September 28, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 6

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

රකුසෙකු පරිදි රළු පෙනුමැති නැති        පිරිය
රණයද  සිතයි කරගන්නට ඇය             බිරිය
කිසිදෙය නොදත් අවිහිංසක  පොඩි        දැරිය
දුව පැන නටයි හැඩ කරමින  දිගු         නෙරිය 

 6 කොටස 

නපුරගෙ ඇසද ඇය වෙත නිතරම            රැඳුන
බව දැක  මිතුරු කැල ටිකිරට හිත            ඇදුන
දෙන අවවාද  පිළි  අරගෙන  හිස              මුදුන
පැලවෙත දෙපිය නැගුවා හද බැඳි              ලඳුන

"යල මහ දෙකම සරුසාරව                 පිබිදේවා
  අටු කොටු පුරා වී අස්වනු                    ඉතිරේවා
ගිරවිය තුඩ'ග මී අම රස                  තැවරේවා
 දිවි ඇති තුරා නුඹ මගෙ බිරිය  ම            වේවා "

පින්වත් සොඳුරු සිතිවිල්ලෙන් හද            පුරවා
රන්වන්  පබළු මාලයකුත් ඉන                සඟවා
තිස්තුන් කෝටියක් දෙවිවරු සිහි            කරවා
පෙම්හිත් ඇතිව ඇගෙ පැල වෙත පය     තැබුවා

බොළඳිය ලපටි සුකුමාලිය                  දඟකාර
බඩවැටි පුරා දුව පැන ගිය                 හැඩකාර
පැල වෙත රැගෙන යන්නට බැඳ         කරකාර
 අදිටන ඇතුව ගියෙ හිත තුල               තිරසාර 

 මතු සම්බන්ධයි...... 

👈 5 කොටසට

👉7 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, September 24, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 5

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

ඇඳි වත දිළෙන මුත් හැමවිට සුදට          සුදේ
හද තුල අඳුරු පැහැ ගන්වන කහට         බැඳේ
 නැත වගතුවක් දුටුවිට රිවි වඩින             උදේ
මොහු ගැන ගමේ නොයෙකුත් කට කතා  හැදේ

 5 කොටස 

සැමටම වින කටින රණයගෙ රුදුරු         නඩේ
දිවි සරි කලේ සිදු කරමින අනිසි              වැඩේ
පැතිරුණ කංස යායකි ගම් පියස             අඩේ
විමනකි නොදනි ඉන් පිට ඇති ලොවක     හැඩේ
       
තම බල යොදා කොළු ගැටයන් ගෙන       ලඟට
නොමිලෙම වැඩ ගනියි යටකර අණ        සකට
දෙඩුවද කිසිදු වදනක් ඔවුනට              නොපිට
විඳිනට වේය දඬුවම් අසරණ                  කමට 

කරදඬු මහත් වී පිබිදෙන තරුණ            කැළ 
රැකගත යුතුය සැමවිට විෂ දැලෙනි          බල
දුදන ගෙ රළු ගැහැට ඉවසිය නොහැකි      කල
මිණිවත රැකිය යුතු විය තම ගෙපැල       තුල

රකුසෙකු පරිදි රළු පෙනුමැති නැති        පිරිය
රණයද  සිතයි කරගන්නට ඇය             බිරිය
කිසිදෙය නොදත් අවිහිංසක  පොඩි        දැරිය
දුව පැන නටයි හැඩ කරමින  දිගු         නෙරිය 

 මතු සම්බන්ධයි...... 

👈 4 කොටසට

👉6 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, September 21, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 4

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

 ටිකිරද නිතර ඇය දෙස හොරැහිනි         බැලුවේ
සැමවිට දෙදෙන නෙතු කැල්මෙනි ඉඟි     මැරුවේ
 ගුවනට හදවතේ සුසුමන් මුසු                කෙරුවේ 
මෙලෙසයි සොඳුරු ආලයකට මුල            පිරුවේ

 4 කොටස 

දවසක් ඇවිද යනවිට අන්දර                කැලයේ
ටිකිරත් තුටිනි ඇය එන පෙර මඟ           සිටියේ
සුහුඹුල් නෙතින් මිඳුනා වූ ඒ                    ඉඟියේ
 රසවත් ලතාවකි දෙහදක දොර            හැරියේ

සරතැස නිවාගත් මුවරැළ රඟති             කැලේ
සැළලිහිණියන් පියඹති නිල් ගගන            තලේ
කිරිවැදි බන්ඩි ගොයමද රන් රුවට            දිළේ 
සුසිනිඳු සුව දැනී මොවුනගෙ ප්‍රේම           දැලේ

කුපිතව මෙදෙස නෙත හෙළනා උකුසු       ඇස
  ගමවිසු සැවොම අමතයි රණවීර              ලෙස  
යන දඬු මොණරයෙන් නිතරම හරිම          වස
කොලුවෙකි කිසිත් නැත දඟ වැඩ කරනු     මිස 

ඇඳි වත දිළෙන මුත් හැමවිට සුදට         සුදේ
හද තුල අඳුරු පැහැ ගන්වන කහට        බැඳේ
 නැත වගතුවක් දුටුවිට රිවි වඩින            උදේ
මොහු ගැන ගමේ නොයෙකුත් කට කතා  හැදේ

 මතු සම්බන්ධයි...... 

👈3 කොටසට

👉5 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, September 17, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 3

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

     මදමුදු පවන රඟදෙයි තුරු හිස          සිඹිමින්     
නළලත කියඹු වැල් නළියයි  කිති        කවමින්
සැඟවුණ මතකයන් පිබිදෙයි රස         මවමින්
සැතපෙයි හදවතේ ඇය සෙනෙහස       විඳිමින් 

  3 කොටස 

 හින්නී සන්දියේ සිට දැන                  හඳුනන්නේ
ලන්දේ හේනෙ ඇය දුව පැන              ඇවිදින්නේ
බැන්දූ මිතුරුදම ආලෙට                පෙරලෙන්නේ
මන්දෝ ටිකිර බහ දෙනතුරු          ලතැවෙන්නේ

 දිනයෙක එදා අප්පච්චිට ඇඹුල                බැඳන්
  ගිය'යුරු පුංචි මල් ඉහිරුන රෙද්ද              ඇඳන් 
 ගෙල බැඳි මුතු පොටේ හැඩරුව නෙතෙහි    රඳන්
  සුකොමළ බැලුම් හෙළු හැටි  දුර ඈත          ඉඳන් 

කෙළි සෙල්ලමින් ගෙව් ඒ ඉමිහිරි             බාලේ
වෙනුවට ඇතේ නෙතු යුග අයදින             ආලේ
විළියක එතී හිනැහෙන දෙහදක               සීලේ
 බිඳිමින නුහුරු හැඟුමන් පිබිඳෙන              ලීලේ 

ටිකිරද නිතර ඇය දෙස හොරැහිනි          බැලුවේ
සැමවිට දෙදෙන නෙතු කැල්මෙනි ඉඟි     මැරුවේ
 ගුවනට හදවතේ සුසුමන් මුසු                කෙරුවේ 
මෙලෙසයි සොඳුරු ආලයකට මුල            පිරුවේ

 මතු සම්බන්ධයි...... 

👈2 කොටසට

👉4 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, September 14, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 2

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

දෙදෙන ගෙ අනඟි  ජීවිතයේ රුවින             ගෙතු
රස පෙම් පුවත ඔබ සැම දැන ගතම             යුතු
ඇති සැටියෙන්ම මෙහිදී මම දකින               තතු
ගෙන එමි ඔබට හොඳ හැටි රස විඳිනු           මිතු

  2 කොටස 

   පොඩි උන් සමයෙ එක මඟ අකුරට           ඇදුනේ   
  සියොතුන් තුඩක කිචි බිචියකි නිති            රැඳුනේ  
කෙළිලොල් කැකුළු එක පසකට ගොඩ      ගැසුනේ
සොයුරන් සදිසි සැම නොබිදෙන ලෙස       බැඳුනේ
 
තුරු මත රඟන විහඟුන් දැක කල               සද්ද
කැටපොලයකින් මී අඹ ඵලයට                    විද්ද
 සමඟින ටිකිර අසබඩ දොලෙ ඔරු              පැද්ද 
කැකුළිය පරදවයි විකසිත වතු                   සුද්ද

වැඩිවිය පැමිණ ඇත කැකුළිය ලොවට     හොරා
සිරවිය සෙමෙන් ගෙපැලට පැය වඩින        තුරා
ඉවසිලි නැතිව සිටි බඹරිඳු සෙනෙහෙ           දරා
පෙරමඟ බලයි නිකැළැල් හදවතිනි            නුරා

    මදමුදු පවන රඟදෙයි තුරු හිස             සිඹිමින්    
නළලත කියඹු වැල් නළියයි  කිති          කවමින්
සැඟවුණ මතකයන් පිබිදෙයි රස           මවමින්
 සැතපෙයි හදවතේ ඇය සෙනෙහස         විඳිමින් 

 මතු සම්බන්ධයි......

👈1 කොටසට

👉3 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, September 10, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 1

 කවි කතාව

 1 කොටස

පිටිසර ගමකි  මනරම්  වෙල් එළි         දිලෙන
සුපතල "හේනෙගම" යනුවෙනි නම        දරන 
ගොවිකම කිරීමෙනි බත සරි කර          ගමින
සුව බර දිවි පෙවෙත හැඩ කරවන        තුටින

කඩිසර කමයි හිමි උපතේ සිට            ලෙයට
හිත හොද සුසිල්වත් බව සුරකියි          යසට
එනමුදු තවත් පිරිසකි නොනැමෙන       බසට
යහගුණ නසන වෛරය පතුරණ       ලොවට

හරි හුරුබුහුටි කෙල්ලකි ඇය         හේනෙගම
හඳුනයි කැකුළි ලෙස පියතුම           ප්‍රාණසම
ටිකිරද කදිම කොල්ලෙකි එම         ග්‍රාමයෙම
ගොවිතැන හුරුවු හපනෙකු නැත       ඊටසම

දෙදෙන ගෙ අනඟි  ජීවිතයේ රුවින       ගෙතු
රස පෙම් පුවත ඔබ සැම දැන ගතම      යුතු
ඇති සැටියෙන්ම මෙහිදී මම දකින         තතු
ගෙන එමි ඔබට හොඳ හැටි රස විඳිනු     මිතු

 මතු සම්බන්ධයි......

👉2 කොටසට 