Saturday, November 18, 2023

"දෝණි" (ශනිදා දහයට)

කවි කතාව 
 
 
"දෝණි"

දයාබර යහළු යෙහෙළියනි ...,

ඔවුන් දෙදෙනාම ගුරුවරුන් ලෙස බොහෝම සැප සම්පත් මැද නගයේ පාසල් වල සේවය කරමින් ජීවත් උන අය. ඔය අතර තමයි ඔහුට විදුහල්පති කෙනෙකු හැටියට කුඩා ගම්මානයකට පත්වීමක් ලැබෙන්නේ. අලුත විවාහපත් තරුණ යුවලක් නිසා ඇයත් හිතනවා ඒ පාසලටම මාරුවීමක් අරගෙන ඔහු සමඟම යන්න.  ගමේ ඉඳලා කොළඹ එනවා වගේ නෙමෙයි කොළඹ ඉඳලා ගමට යන්න ලේසියි නේ. ඉතින් හිතූ ලෙසටම අලුත් පාසැල් වාරයේ ඉඳලා දෙදෙනාම ගමේ පාසලට යන්න කටයුතු සූදානම් කර ගත්තා. 
ඔවුන්ගේ වාසස්ථානය වුනේ පාසැල් මායිමේ ම තිබෙන කුඩා නිවසක්. ගුරු නිවාසයක් කිවාට එය විශේෂ පහසුකම් තිබුන තැනක් උනේ නෑ.

ඔවුන් පාසලේ දුවා දරුවන්ට හරිම ආදරෙන් සැලකුවා. නගරේ වගේ නෙමෙයි ගමේ දරුවන්ගෙ වැඩිහිටියන්ගේ  දිළිඳු කම නිසාම ඇතිවන පොඩි පොඩි අඩුපාඩු දුක් ගැනවිලි අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒ ගමේ වැසියො හරිම ගුණ යහපත්. ඒ නිසාම කොතරම් දුක් පීඩා මැද වුනත් එම ගමේ දිගටම සේවය කරන්න ඔවුන් හිතාගත්තා. මේ දෙපලගේ තිබෙන හොඳ කම නිසාම ගමේ අයත් මේ අයට දැක්වුයේ ලොකු ආදරයක් ගෞරවයක් සහ ලෙන්ගතුකමක්.

ජීවිතය හරිම පුදුමාකාරයි...අපේ ජීවිත වල වගේම ඒ අයගෙත් ජීවිත වලත්  නොයෙකුත් හැල හැප්පීම් නොතිබුනාම නොවෙයි. හැම මොහොතකම අපි සිතන පතන දේම ලැබෙන්නෙත් නෑ  නේ.  එය කාටත් පොදු ධර්මතාවක්. ඒත් නොහිතන වෙලාවල් වල නොහිතපු විදිහට ලැබෙන දේවලුත් නැතිවාම නොවෙයි. ඉතින්  ඔයවගේ ලැබීම් සහ නොලැබීම අතර එයාලටත් තම ජිවන ඔරුව පැදගෙන යන්න සිදු වුනා. ඒ තමයි අපේ ජිවිත වල හැටි. 

ඉතින් ඔවුනගේ ජිවිතවලත්,  පාසල පිහිටි ලස්සන  ගම්මානයේත් .. තොරතුරු සමඟ  තවත්  රස තොරතුරු රැගත් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන, මගේ අලුත්ම කවි කතාව වන "දෝණි" රසවිඳීමට ඔබට ඉතා ගෞරවයෙන් ආරාධනා කරමි.  


මෙය මගේ හෝ මා ඇසුරු කරන හිතමිතුරකු ලබපු අත්දැකීමක් වටා ගෙතුණු කතාවක් නොව මා විසින්ම නිර්මාණය කරන ලද්දක් බව ද,  මෙහි එන නම් ගම් සියල්ල මනස්කල්පිත බව ද කියනු කැමැත්තෙමි. 

සියලුම රස තොරතුරු සමඟින් ගොඩවෙන්නම් ඔබගේ නිවහනට ශනිදා දහයට ...

හද  බැති  මිතුරු වැඩිහිටි, බාලයිනෙ   සොඳ
නව කවි කතාවක ඇරඹුම තබමි             අද
දින දින ගෙවී යන ලෝකයෙ අරුම          විඳ
රැදෙනට ඇරයුමයි මේ සෙනෙහසිනි      තෙද

 ඉතින්.....,  

රැඳී සිටින්න මා සමඟ...
රස විඳින්න මගේ කවි....
පවසන්න ඔබේ අදහස් .....

ස්තුතියි ඔබ සැමට. 

1 කොටසට  👉

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන්. Thanks Google Images.  - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

22 comments:

  1. වාව්...නියම වැඩක්..අපි බලා ඉන්නවා..ජය වේවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට සහ ප්‍රතිචාරයට.

      Delete
  2. අවිය ලෙසට අරගෙන පන්හිඳ අතට
    සවිය කරන්නට බ්ලොග් ලොව හැඩ වැඩට
    දිවිය ගෙවන හැටි කෙටි කර හොද රසට
    කවිය කතාවෙන් බලන්න එමි පෙරට...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට සහ ප්‍රතිචාරයට.

      Delete
  3. අගෙයි!, බොහොම අගෙයි!
    මං හිතන්නේ මේ කවි කතා ලියන 'එකම' සිංහල බ්ලොගර්.
    වන් ඇන්ඩ් ඔන්ලි

    ජයවේවා
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට සහ නිහතමානි ප්‍රතිචාරයට. මිට කලිනුත් කිහිපයක් ලියුවා වෙලාවක් තිබුනොත් කියවලා බලා ප්ගුණදොස් කියන්නකෝ

      Delete
  4. බලාපොරොත්තු සහගතව සිටිමු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට සහ නිහතමානි ප්‍රතිචාරයට. ඔබේ බලාපොරොතුව ඉටු කරමි.

      Delete
  5. පොතක් ලියනවයි කියන එක ලේසී පාසු වැඩක් නෙමෙයිනේ...ඔබට සුභ පැතුම් - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට සහ නිහතමානි ප්‍රතිචාරයට. දිගටම රැදිලා ඉන්න මම ආරාධනා කරනවා.

      Delete
  6. බලාගෙන ඉන්නවා කියවන්න ඔබේ රසාලිප්ත කවි කථාව. එය නැවුම් අත්දැකීමක් වෙනු ඇත!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට සහ නිහතමානි ප්‍රතිචාරයට.

      Delete
  7. ලස්සන, රසවත් කවි කතාවක් කියවන්න බලා ඉමි. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට සහ නිහතමානි ප්‍රතිචාරයට.

      Delete
  8. //මෙය මගේ හෝ මා ඇසුරු කරන හිතමිතුරකු ලබපු අත්දැකීමක් වටා ගෙතුණු කතාවක්// - කලිංම, පහුවට ඇතිවෙන්න පුලුහං කොස්සක් අයින්කරගත්ත වාගෙ 😁😁

    හුම්. රැදි හිටින්නං... දිගටම ලියන්න. ජය!

    ReplyDelete
    Replies
    1. අන්න තේරුණා කාරනාව.හි...හී ...
      ඇත්තටම හිතලා තමා එහෙම දැම්මේ. මොකද මගේ පරණ කවි කතා වන "සඳලතා" හා "අලුත ගෙනා මනමාලි" .. ටික දුරක් යද්දී ගොඩාක් අය හිතුවා මගේ කතාව කියලා. හි... හි.... මීව ඉතින් රටේ ලෝකේ වෙන දේවල් නිසා එහෙම හිතන එකේ වරදක් නෑ තමා. ඒත් ඉතිං උදෙන්ම දැම්මා මේක මගේ කතාව හරි යාලුවෙක් ගේ කතාවක් හරි නෙමෙයි කියලා.
      බොහොම ස්තුතියි හැමදාමත් වගේ දෙන ඔබගේ දිරියට සහ ප්‍රතිචාරයට.

      Delete