Showing posts with label කවි කතාව - අලුත ගෙනා මනමාලි. Show all posts
Showing posts with label කවි කතාව - අලුත ගෙනා මනමාලි. Show all posts

Friday, June 24, 2022

අලුත ගෙනා මනමාලි 24


  කවි කතාව

 

 

පසුගිය කොටසෙන්.................



 ඉඳුනිල මගේ යහ ගතිගුණ පිරුණ         ඉතා
 කිසිදින කෙනෙකු ගෙන් නපුරක අයුතු    කතා
අහගනු නොදී නිවසෙහි රන් පහන        සිතා
රැකගමි ඔවා දෙමි දියුණුවෙ අසිරි        පතා

 

24 කොටස
(අවසාන කොටස)

මගෙ දිවි සයුරෙ දින මෙලෙසයි ගත  කෙරුනේ
  මඟ දිග සතුටෙ, ශෝකයෙ රළ විලි      නැගුනේ  
  සැමටම ඔවදනක් දෙනු පහපති           හැඟුනේ  
අලසව කල් නොමර දිවි ජය ගනු        සොඳිනේ

රසවත් බතක් හොද්දක් උයලා               කන්න
දැනුමක් නැතිව රෙදි පිළි සකසා              ලන්න
  දරුවන් සැවොම මේ ටික වටහා              ගන්න  
ගියහොත් සරණ අසරණ වෙනවා          ඔන්න

  අඩුවක් නොකර දෑතේ වැඩ               හුරුවන්න  
බොරුවක් පෙරටු කොට සරණෙක   නොමයන්න
තනුවක් වෙමින දිවි මංසල                ජයගන්න 
     පහනක් විලස ආලෝකය                   පතුරන්න     

 මගෙ හිත මිතුරු සැම සමවන            මිණිසේම  
රැකදෙනු මැනවි ලොව පාලන           දෙවියෝම
නැවතද දිනෙක හමුවන්නට                 පතලාම
      සමුගමි අදට අත් එක්කර                    වැදලාම 🙏


නිමි.


💘      ඉතින් සමුගන්න දෙන්න අවසර ......
 

💘   මා විසින් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන ලද " අලුත ගෙනා මනමාලි " කවි කතාව මෙසේ නිමා කරමි. 
 
 
💘    මගේ කවි කතාව රස විඳිමින් මෙතක් මා හා රැදී සිටි ඔබ සැමට ස්තූතියි. 


 
💘    කමෙන්ට්ස්, ලයික් දමමින් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගනිමින් මා දිරිමත් කල ඔබ සැමටම ස්තූතියි. 


 
💘 මෙම කතාවේ අඩුපාඩු පෙන්වමින්, මගේ දිවි පුරාවට මා රැකගනිමින් හා මෙවැනි නිර්මාණ කිරීමට අත්වැලක් වෙමින් මට දිරියක් වන මගේ ආදර සැමියා වන අසජ අමරතුංග ටත් මගේ අවංක ස්තුතිය මම පිරිනමමි. 


 
💘 ඔබ සැමට ස්තුතියි හදවතින් ම .

~~ මම ලියෝනි අමරතුංග ~~
 2022 වසර ජූනි මස 24 දින.
කැනඩාවේ සිට. 
 

~~~~~~

👈 1 කොටසට 

👉 23 කොටසට  

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, June 17, 2022

අලුත ගෙනා මනමාලි 23


  කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................


 ගෙවුනද යුග දිවිය හැල හැප්පිලි     මැද්දේ
නිම කල නොහැකි මිහිරකි තුන් සිත ලද්දේ
නැත ඉවසුමක් තෙරපෙන සිතිවිලි   මැද්දේ
මතු දින අපේ නිවහනෙ තොටිලක්   පැද්දේ


23 කොටස    

මවපිය යුවලගේ සිතුවිලි හොඳ             අතට
හැරෙමින තියෙයි එය වෙයි දිවියෙහි     සතුට
බිළිදිය කෙරෙහි සෙනෙහස මහමෙර     උසට
පවුලම එකළු විය ලැබ සැම දෙවි          පිහිට

මෙතුවක් දිවි ඔරුව පැදගිය නමුදු        ඔහේ
එළියක් ලැබ දියණි දොඩනා සිඟිති       බහේ
අරුතක් දෙනු රුචිව පිපි පෙම් කුසුම     ඉහේ
වෙනසක් විය මගේ සිතිවිලි පහුණු     දොහේ

බිලිඳිය නිදයි තොටිලයෙ කිරි සිනහ       මැද
සුරසඳු ගීත මුමුණයි ඉහ කොනෙහි          ඉද
හනිකට නළල සිඹ උයනා ගෙයට           වැද
පිළියෙල කරමි ම'අතින් තුන් වේල           අද

ඉඳුනිල මගේ යහ ගතිගුණ පිරුණ         ඉතා
කිසිදින කෙනෙකු ගෙන් නපුරක අයුතු  කතා
අහගනු නොදී නිවසෙහි රන් පහන        සිතා
රැකගමි ඔවා දෙමි දියුණුවෙ අසිරි        පතා 


මතු සම්බන්ධයි...... 


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 22 කොටසට

👉 24 කොටසට 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, June 10, 2022

අලුත ගෙනා මනමාලි 22

  කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



 නැන්දගෙ කපටි අරමුණු ඇත        ඉෂ්ටවෙලා
ඉන්නා තැනත් ඇත යමෙකුට        සින්නවෙලා
සන්සුන් සිතින් නිවසින් පිට         වෙන්නවෙලා
දොස් නගනුයේ කිම අපි දැන්        නෑයොවෙලා


22 කොටස  

දිවිගෙවමින උඩඟු උදරම්            ලීලාවෙන්
මහ මඟ වැටී ඇත නරකම        වේලාවෙන්
යනමුදු පයින් බස නම් ඇත        දෝලාවෙන්
ලෙසටය හැඟුනෙ ඇගෙ රළු බස්  මාලාවෙන්

සැමියද අපේ ගෙදරයි දැන්          හැමදාම
ලිසියට යන්න විය ඒ ගෙය           හැරදාම
වැඩිහිටි දෙදෙන අසරණ යැයි      සිතලාම
දෙමි සහයෝගෙ තුටුවම මට      හැකිසේම

ලැබු ආදරය සොඳුරුව දින දින        ලියලයි
හද බිත දෙපළු කර මුදු හැඟුමන්    පිබිදෙයි
සිනහව මුව පුරා දිළි නිවසට          සිරියයි
අප සතුටෙන් නිසා වැඩිහිටියොද    නිහඬයි 

ගෙවුනද යුග දිවිය හැල හැප්පිලි     මැද්දේ
නිම කල නොහැකි මිහිරකි තුන් සිත ලද්දේ
නැත ඉවසුමක් තෙරපෙන සිතිවිලි   මැද්දේ
මතු දින අපේ නිවහනෙ තොටිලක්   පැද්දේ


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 21 කොටසට

👉 23 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

Friday, June 3, 2022

අලුත ගෙනා මනමාලි 21

  කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



 මෙම බස අසා නැන්දත් නැත පසු        බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය           සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක           පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි          කැස්සේ


21 කොටස  

"උඹගේ දුවත් වැඩ කෙරුමට හරි       හපනයි
කපුවා කියුවෙ එහෙමයි අපිටත්         ලැජ්ජයි
උයලා තියන්නට කීවේ එක                දවසයි
වනසා ගියේ කුස්සිය සිටි පැය            ටිකටයි
"

දෙදෙනම එක්ව උණුසුම් ලෙස බැන      වැදිලා
ගමටම ඇසෙන්නට නින්දා ඇති            කරලා
හිමිනම ගමේ හනිකට එතනට             වැඩලා  
අනුශාසනා කෙරුවේ දුර දිග                 බලලා

ඇගෙ යටි සිතේ තිබු ඒකායන              පැතුම
ඉටුවිය ලැබුණි පුතුහට දේපොළ     බොහොම
තැවතිය නොහැක මුදනා ලෙස දුක       සුසුම
පිටකළ යුතුම විය දෙදෙනම ලෙස        නියම

නැන්දගෙ කපටි අරමුණු ඇත        ඉෂ්ටවෙලා
ඉන්නා තැනත් ඇත යමෙකුට        සින්නවෙලා
සන්සුන් සිතින් නිවසින් පිට         වෙන්නවෙලා
දොස් නගනුයේ කිම අපි දැන්        නෑයොවෙලා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 20 කොටසට

👉 22 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 27, 2022

අලුත ගෙනා මනමාලි 20

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................



             නැන්දම්මගේ උගුලෙහි සැම දෙන    ඇලුනා             
රස්සාවකුත් නැති කොළුවට දුව     ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය  සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක       අමුණා


20 කොටස  

රැකියා නොමැත කල ගෙවලා මහ         මඟට
කරලා තියෙන්නේ බොරුවකි අප           සැමට
රිදවා සිතද හඬලා ඇති පල                  කුමට
මෙමගේ අතෙත් තිබු අඩුපාඩුද               එමට

මෙය දැනගත් පසුව උරණවු මගෙ         අම්මා
හනිකට සොයා දුව ගියෙ යස         නැන්දම්මා
දෙදෙනම අතර වූ වාදය                උණුසුම්මා
සිටිනට උනේ අපි දෙදෙනට  ගෙන          බුම්මා

"යන්නේ කොහොම කොම්පැණියක වැඩට තියා
දන්නේ අද නෙ පාසලකට නොගිය            කියා 
කිව්වේ කොහොම කොලුවගෙ ඇති ගුණය දයා
ගම්මුන් කිව්වෙ උබලට නැහැ ලැජ්ජ        බියා
"

මෙම බස අසා නැන්දත් නැත පසු        බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය           සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක           පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි          කැස්සේ



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 19 කොටසට

👉 21 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 20, 2022

අලුත ගෙනා මනමාලි 19

 

 කවි කතාව


පසුගිය කොටසෙන්.................



දැන් දැන් සියළු පාලනයන් ඔහුගෙ       වගේ
ඉන්නේ ගෙදර රැකියාවක නොමැත      අගේ
"යන්නේ නැතිද ඔපිසිය වෙත අයිය       මගේ"
කිව්වේ මමත් ඉවසල බැරි තැනයි        නගේ


19 කොටස  

"ගෙදරට පිරිමි දෑතක ඇති අඩුව        වසා
වතුපිටි නිසි අයුරු රැකගත යුතුවු       නිසා
මතු පරපුරට වසනට හදවතිනි       තොසා
දියුණුව ලබා ගෙනයමු බත සතර      දෙසා
"

සැමියගෙ සිතැඟි කිසිවිට පිළිගත නොහෙන
පිළිතුර නිසා මව තුළ කෝපය         නැගින
සැමගෙම නෙතඟ රැඳි කලබල බව   හැදින
මුනිවත රැකිමි මම, එය යහපති       සිතින

සැනෙකින අපේ අම්මා තොරතුරු   සොයලා
බැලුවනෙ මොකද සැමියා ගෙදරම    කියලා
කපුවද අප සැමට යස බොරුවක්      කරලා
ඇති බව වැටහුනා මා උගසට           තියලා

             නැන්දම්මගේ උගුලෙහි සැම දෙන    ඇලුනා             
රස්සාවකුත් නැති කොළුවට දුව     ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය  සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක       අමුණා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 18 කොටසට

👉 20 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 13, 2022

අලුත ගෙනා මනමාලි 18

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................



අභිමත පරිදි මවගේ නිවසට              වැදුනා
සහනය දැනුනු කීමට බස මදි            හැඟුනා
යලි එහි නොගොස් නවතිනු හැකිවෙද සිතුනා
හොඳ හැටි සිතා වැඩ කල යුතු බව     දැනුනා


18 කොටස  

සැලසුම ලෙසට සැමියා හට කතා           කොට
"පිටවනු නොහැක මව තනිකර දමා        මට
හැකිවෙද ඔයාටත් එන්නට අපේ             ගෙට
"
වැළපෙන හඬින් ඇහුවේ ඔහු මුලා           කොට

හෙමිහිට සැමිය වත් මේ ගෙදරට         කැන්දා
විඳිමින දිවිය නිතියෙන ප්‍රීතිය                රන්දා
ගැනුමට පොටක් පෑදී ගෙන එන            හන්දා
ම'සිතට දැනුන අපහසුතාවය                සින්දා

පෙර සිතු ලෙස ට හැමදෙය සිදු වෙන්න   ගනී
සැමියද අලස ලෙස දින පසු කරනු          දැනී
නිසිලෙස වැඩට යාමට වෙහෙසද නො     ගනී  
ඔහු අප නිවසෙ අයිතිය බදු ගත්ත          වැනී

දැන් දැන් සියළු පාලනයන් ඔහුගෙ         වගේ
ඉන්නේ ගෙදර රැකියාවක නොමැත       අගේ
"යන්නේ නැතිද ඔපිසිය වෙත අයිය      මගේ"
කිව්වේ මමත් ඉවසල බැරි තැනයි         නගේ



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 17 කොටසට

👉19 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, May 6, 2022

අලුත ගෙනා මනමාලි 17

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................



මුළුතැන් ගෙදර ජරමර නැත       නිමවෙන්නේ
වතුරෙන් පෙඟුන බටු කොහොමද   බැදගන්නේ
කඩිනම් කරල මේ නිවසින්            පැනගන්නේ
නොමැතිව තවත් ඇයිදෝ මා       ලතවෙන්නේ


17 කොටස  

දුවගෙන ගිහින් උඩුමහලේ          සැඟවෙන්න
හිතෙනව අහෝ බැහැ මේ දුක        උහුලන්න
ලෙඩවුන හෙයින් අම්මව දැක     සැනසෙන්න
පිටවුනෙ ගෙයින් නැන්දට වැඳලයි       ඔන්න

මම කඩිනමින් නිවසට ගොඩ වැදුනු        සඳ
හමුවිය මැණික දෙනුවන ඉනු කඳුලු       මැද
"මව ඇත යහන මත" යනුවෙන් දොඩන   ලද
වචනෙනි ගියේ හදවත පෙළු සැකය         බිඳ

දෙන්නා එක්ක එකතුව පොඩියට   බොරුවක්
කිව්වා කියල දැනුනේ ගිය පසු          වරුවක්
දැන් මා සිටිනුයේ නිවසෙහි ලෙස       තරුවක්
නැන්දා ලඟත් නැත කිව් තරමට      සරුවක්

අභිමත පරිදි මවගේ නිවසට              වැදුනා
සහනය ලැබුනු කීමට බස මදි            හැඟුනා
යලි එහි නොගොස් නවතිනු හැකිවෙද   තුටිනා
නුවණැස යොදා වැඩ කල යුතු බව      දැනුනා



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 16 කොටසට

👉18 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

Friday, April 29, 2022

අලුත ගෙනා මනමාලි 16

 

 කවි කතාව




 

පසුගිය කොටසෙන්.................



"හනිකේ ලිසී එහෙනම් උයලා                ගන්න
   යනවා මමත් ඇඟපත සෝදා               ගන්න
"
හැරුනේ යලිත් උඩුමහලට දිව               යන්න
දුටුවේ නැන්ද අම්මයි පරලව                  ඉන්න


16 කොටස  


"මොකදෑ අලුත් මනමාලිට මෙහෙම     විසේ
බිඳ යස වළඳ ඉස්සන් තුන් හතර         දෙසේ
    ඔය වැනි ගැහැණු  ලමයින් වටිනවද කෙසේ
"
දැමුවේ ගෝරනාඩුව ඔරවමිනි              එසේ

දැනුනේ හුස්ම ටික නතරව ගියපු         ලෙසේ
සිතුනේ  හඬන්නට පොඩි දැරියකව       රිසේ
පොළවේ තිබුන ඉස්සන් දැක රුදුරු      වෙසේ
දෙඩුවේ හඬද උස් කර බිඳ හදෙහි     තොසේ

අමතක වුනිය හදපතුලෙහි ඉකි              ලෑම
බටු ටික දැමූ වතුරෙහි පිහිනයි               තාම
"අහුලල ගනින් ඉස්සන් බිම වැටි             සෑම"
අණදෙන නිලදරුව මෙනි ඇගෙ මොර    ගෑම

මුළුතැන් ගෙදර ජරමර නැත       නිමවෙන්නේ
වතුරෙන් පෙඟුන බටු කොහොමද   බැදගන්නේ
කඩිනම් කරල මේ නිවසින්            පැනගන්නේ
නොමැතිව තවත් ඇයිදෝ මා       ලතවෙන්නේ


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 15 කොටසට

👉17 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, April 22, 2022

අලුත ගෙනා මනමාලි 15

 කවි කතාව



 

පසුගිය කොටසෙන්.................


උයනා ගෙයට ඇහැ යැව්වට දුකෙන්            වගේ
හැඩිවී ඇති තරම දුටුවම පිස්සු                   වගේ
හකුලා දෙබැම තරමක් දුක මවන්               වගේ
ලිසියා දිහා බැලුවේ හඬමින්ම                    වගේ


15 කොටස  


මගෙ සුදු නෝනෙ දෙන්නකො මට      උයන්නට
පොඩි මහතා ද එයි වහලය               හදන්නට
ලොකු නෝනත් ගියේ බිල් ටික          ගෙවන්නට
මව ඇති මඟ බලා ඔය රුව               දකින්නට
"

ලිසියද ටිකෙන් ටික මොලකැටි වුන           බැවිනා
මට මෙම වදෙන් බේරෙනු හැකි යයි           සිතුනා
හිත දුක වුනත් යන්තම් සහනය                 දැනුනා
හනිකට මෙහෙන් පිටවිය යුතු යැයි           හැඟුනා
 
වරුවක් යාවි බිම පිරිසිදු                      කරලන්ට
කරියත් ඉහිරිලා බිත්තිය               නොපෙනෙන්ට
වළඳෙත් කෑලි හැමතැන බැහැ               පයලන්ට
මෙතනින් යා යුතුය පෙර ඇය            පැමිණෙන්ට

"හනිකේ ලිසී එහෙනම් උයලා                ගන්න
යනවා මමත් ඇඟපත සෝදා                ගන්න
"
හැරුනේ යලිත් උඩුමහලට දිව               යන්න
දුටුවේ නැන්ද අම්මයි පරලව                  ඉන්න


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 14 කොටසට

👉16 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Wednesday, April 20, 2022

අලුත ගෙනා මනමාලි 14

 

 කවි කතාව

 


 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

මතකෙට නගනු බැරි කලබලය කි           ඇතුවා
වචනද අමුනමින නෙතු නලලෙහි              ඉඳුවා
       ලිසියද යමක් කීමට වට පිට                   බැලුවා       
මගෙ ඉවසීම වැට පැනුමට වෙර             දැරුවා



14 කොටස  

"නෑ නෑ නෝනෙ අහගන්නකො අද          උදයේ
මාතර අම්ම ලෙඩ වී  ඉවසනු                බැරියේ
රෝහල කරා ගෙන ගිය බව කඩි           මුඩියේ
කීවනෙ මැණික දුරකථනෙන්  ලහි       ලහියේ "


"මොනවා....! ලිසී මගෙ අම්මට මොකද     උනේ
නොමැතිව මෙමා සහයට නැත කෙනෙකු   අනේ
  කෙලෙසද දරනුයේ තුන් සිත දැවෙනු          දැනේ"

පැවසුවෙ වියරුවෙන් හද තුළ ඉපිද           සෙනේ 


හදවත මගේ හත් පොලකට බිඳ               වැටුනා
ඇගෙ සුදු මුහුණ සිහිවී නෙතු බොඳ         කෙරුනා
අමතපු වෙලාවේ පවසන්නට                      තිබුනා
ලෙඩෙකුට වද කරපු වරදට ඉකි                බිඳුනා

උයනා ගෙයට ඇහැ යැව්වට දුකෙන්            වගේ
හැඩිවී ඇති තරම දුටුවම පිස්සු                   වගේ
හකුලා දෙබැම තරමක් දුක මවන්               වගේ
ලිසියා දිහා බැලුවේ හඬමින්ම                     වගේ


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 13 කොටසට

👉15 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, April 8, 2022

අලුත ගෙනා මනමාලි 13

 

 කවි කතාව



 

පසුගිය කොටසෙන්.................


හනිකට ලිසී මුළුතැන් ගෙට දිව              ආවේ
භය වුන තරම ඇස් දෙක නලලෙහි         වූවේ
කලබල ගතියකිනි එහෙ මෙහෙ නෙත    පෑවේ
"අයියෝ...අලුත් නෝනේ..” යැයි මොර  ගෑවේ


13 කොටස  


මොකදැයි ලිසී කලබලයෙන් මොර         ගෑවේ
 දුටුවද හොල්මනක් වත් මේ              අවෙලාවේ

අසමින හැරුනෙ කඩිමුඩියෙනි         එ’වෙලාවේ
පෙරලුනි හොද්ද දෙවියොයි  සිහියට         ආවේ

"අයියෝ..." කියා ලිසියා කෑ ගහන            කලේ
භය උන තරම ගත තවමත් ගැහෙයි       බොලේ
බිම හැම තැනම ඉස්සන් තුන් හතර          පලේ
මෙම අවනඩුව කා හට නම් කියමි             මලේ

ඉස්සොද නටන හොදි ඇතිලිය බිඳිල          ගියේ
බිත්තිය හතර වට පැල්ලම් විසිර                තියේ
  හැට්ටය පෙඟුනි දිය පට්ටද පිපුණි               පයේ  
කුස්සිය  සටන් පිටියකි හද ගැහුනි              බියේ

මතකෙට නොඑන කලබල ගතියකි            ඇතුවා
   ලිසියද යමක් කීමට වට පිට                     බැලුවා  
වචනද අමුණමින නෙතු නලලෙහි              තැබුවා
මගෙ ඉවසීම වැට පැනුමට වෙර               දැරුවා


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 12 කොටසට

👉14 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.