සීත පිනිබිඳු, තැවරි මල්පෙති,
මද පවන් වැද, ලෙළෙන අසිරිය
ඈත සමනොළ, කඳු වළලු සිප,
නැගෙන දිනකර, බිඳියි ඇඳිරිය
පීදි නිල්වන්, බන්ඩි ගොයමද,
සිනහ සලමින්, මවයි මිහිරිය
කාට කියමිද, දැනෙන හැඟුමන්,
ගමට ගිය පසු, මගේ සොඳුරිය
(මදු ඡන්දසට අයත් පුණුඅතිපුණු විරිත ඇසුරෙන්.)
විරිතෙහි ස්වභාවය
පාදයකට මාත්‍රා 28 ක් වන අතර මාත්‍රා 7 න් 7 ට යති ස්ථාන 3 ක් පිහිටයි.
පාදයකට මාත්‍රා 28 ක් වන අතර මාත්‍රා 7 න් 7 ට යති ස්ථාන 3 ක් පිහිටයි.
~*~*~*~
ළඟදීම ඔබ හමුවට....
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
මරු
ReplyDeleteබොහෝම ස්තූතියි මගේ සිතිවිලි නිවසට ගොඩ වැදී ඔබගේ වටිනා ප්‍රතිචාරය දැක්වූවාට. නැවත එන්න. 🙏
Deleteනියමයි👌💐
ReplyDeleteසුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවහනට පිවිසියාට බොහෝම ස්තූතියි. 🙏
Deleteනියමයි . කවි කතාව කියවන්නත් බලන් ඉන්නවා.
ReplyDeleteසුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවහනට පිවිසියාට බොහෝම ස්තූතියි. 🙏
Deleteසුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවහනට පිවිසියාට බොහෝම ස්තූතියි. මමම දාගත්තා
ReplyDeleteආ...නේ මට ලේසි කරලා. 🤭 බොහෝම ස්තූතියි 🙏
Deleteපින්තුරේට ගැලපෙනවා . බිරින්දෑ හොලිඩේ ගියහම මාත් ඔහොම තමා ඉන්නේ
ReplyDeleteඔව් නේද? කස්ටිය චන්ඩි වගේ හිටියාට බිරින්දෑවරු නැති උනහම ඉතින් උදේ ට ලැබෙන තේ එකේ ඉඳලාම නැති වෙනවා. 🤭
Deleteමේක කියවද්දි මුලින්ම දැනෙන්නේ උදේ පාන්දර ගමක තියෙන ඒ සීතල, නිස්කලංක ගතිය. පිනි බිඳු, මල් පෙති, මද පවන්, සමනොළ කඳු, නැගෙන ඉර, පීදෙන ගොයම—එකින් එක ඇස් ඉස්සරහ චිත්‍රයක් වගේ මැවෙනවා.
ReplyDeleteමට විශේෂයෙන්ම ලස්සනට දැනුණේ ලියෝනි සොබාදහම නිකම් විස්තර කරලා නවතින්නේ නැති එක. “කඳු වළලු සිප නැගෙන දිනකර”, “ගොයම සිනහ සලමින්” කියන තැන්වලින් සොබාදහමට ජීවයක් දීලා තියෙනවා. ඒ නිසා කියවන කෙනාට ගම පේනවා වගේම, ඒ ගමේ උදෑසනේ සුවඳත් දැනෙනවා.
ඒත් කවියේ ඇත්තම රසය අන්තිම පේළි දෙකේදී එන්නේ,
“කාට කියමිද, දැනෙන හැඟුමන්,
ගමට ගිය පසු, මගේ සොඳුරිය”
කියන තැනින්. එතකම් අපි දකින්නේ ගමයි. එතැනින් පස්සේ අපි දකින්නේ කවියාගේ හිත. ගමේ සුන්දරත්වය දැකලා ඇතිවෙන ඒ හැඟීම කාට හරි කියන්න තියෙන ආශාවක්, ආදරයක්, පොඩි තනිකමක් ඒ පේළි දෙක ඇතුළේ තියෙනවා.
තව එක ලස්සන දෙයක් තමයි අසිරිය – ඇඳිරිය – මිහිරිය – සොඳුරිය කියන අවසාන පදවල ශබ්ද රසය. ඒක නිසා කවිය කියවනවට වඩා ගීයක් අහනවා වගේ මෘදු රිද්මයක් එනවා.
සරලව කිව්වොත්, මේක ගම ගැන ලියපු කවියක් විතරක් නෙමෙයි. ගමක් දැක්කම හිත ඇතුළේ ඇතිවන හැඟීම ගැන ලියපු කවියක්. ඒ නිසාම අන්තිමට “සොඳුරිය” කියන වචනය එනකොට, ඒ සොඳුරිය කවුද කියලා අපිටම හිතන්න ඉඩක් ඉතිරි වෙනවා. ඒ ambiguity එකත් මට නම් මේ කවියේ ලස්සන තැනක්.
බොහෝම ස්තූතියි මයියා ඔබ මගේ කවිය ගැන ඉතාම පැහැදිලි අර්තකතනයක් දීලා තිබුනා. මම මෙච්චර කවි ලියූවත් මෙච්චර පැහැදිලි විචාරයක් ලැබුනේ අදම වෙන්න අති.
Deleteඒ එක්කම කියන්න විශේෂ දෙයක් තියෙනවා. ඔබ සදහන් කල පරිදි අසිරිය, ඇඳිරිය, මිහිරිය, සොඳුරිය, යන වචන ගැන යමක් සඳහන් කරනවා නම්....
මෙතනදී කාව්‍යකරණය ට අනුව 'ය ව හ න්' කියන දෝශය ට අසු නොවී ලියන්නේ මෙහෙම යි. එතකොට දෝශයත් රැකෙනවා කවියත් ලස්සන වෙනවා. . ඉතිං හැමදාමත් වගේ සිතිවිලි මංපෙත් හා රැඳිලා ඉන්න ආරාධනා කරනවා. 🙏
"ය ව හ න්" දෝෂය
Deleteමට නං දිරෝගන්න බෑ මෙච්චර නීතී අමරාවතී, මං කවි ලියන එක නවත්තනවා.😋
හි... හී .... අමරාවතී .. හිනාත් ගියා
Deleteඅයියෝ බසුරාලේ..... කලබල වන්න එපා. ඔය ලියන විදිහට කවි ලියන්න ඔයා. මේ දේවල් ගැන හිතලා හිත කලබල කර ගන්න කාරි නෑ ඕන්. ඒත් කවි ගැන වැඩිපුර හදාරනකොට දෝෂ සහිත කවි ලියන්න හිතෙන්නේම නෑ. නොදනිම වගේ මොකක් හරි වැරැද්දක් උනොත් මිසක.
ඉතින් ඔබගේ ලින්ක් එකෙන් "ය ව හ න්" දෝෂය ගැන වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් නිසා මම ආයෙම මෙතන ලියන්නේ නෑ කියලා හිතුවා
බොහොම ස්තුතියි සිතිවිලි මංපෙත නිවහනට පිවිසියාට.
හ්ම්. කාලයක් මගැරුනු ගමට ගියාම... ඒ සිරි විඳින්න වෙන්නෙ තනිකමින් 💔.
ReplyDeleteඔව් ඒක නම් ඇත්ත. මොන විදිහෙ මිහිරක් උනත් තනියම විඳින්න ගියහම එතන ලොකු අඬුවක් දැනෙනවා තමයි.
Deleteබොහෝම ස්තූතියි සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩවැදුනාට. 🙏
කවිය පංකාදුයි, ගමේ සිරියාව ලස්සන චිත්‍රයක් මවනවා.
ReplyDeleteමයියාගේ සටහන විමසුමකට එහා ගිය කවි වරුණයක් ඒක නම් සුපර්.
ඒක නම් සහතික ඇත්ත. බොහෝම ස්තූතියි සුපුරුදු ලෙන්ගතුකමින් මගේ සිතිවිලි නිවසට ගොඩවැදුනාට. 🙏
Delete