Showing posts with label කවි කතාව - ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය. Show all posts

Friday, November 26, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 23

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

කෙළිලොල් කවටකම් කරමින පාන         සිනා
දුව පැන නටයි පොඩි දරුවන් සතර       දෙනා
සිය නෑසියන් වැඩිහිටියන් සෑම                 දනා
ගම ඔප කරයි සතුටින ජීවිතය                දිනා

23 කොටස  (අවසන් කොටස )

රණයා ගැනත් අමතක කරලනු    කොහොම
දඟගේ සදා උරුමව දෙයි දුක             සුසුම
ඔහුගේ ගෝල බාලයො හිත ලැදි  බොහොම
වැදුනේ නොමැත බියටම ගම වෙත     තවම

කිසි විට එපා අනුනට කරදර            දෙන්න
සමඟිය පෙරටු කොට නිසි පියවර      ගන්න
හැකි සැම විටම දෙඅතට වීරිය          ගන්න
සහජීවනය සාමය ලොව              පතුරන්න

කවි සාගරයෙ පිහිනුව ඔබ සැමට        තුති
ගුණ'ගුණ සපිරි නෙක පැසසුම් එමට   ඇති
පමණට වදන් මා හදවත තුල       නොමැති
බැවියෙන රකිමි මුතුදම හද පතුලෙ     නිති

නිමි.

ඔබගෙන් සමුගන්න අවසරයි......
 
🌹මගේ කවි කතාව රස විඳිමින් මෙතක් මා හා රැදී සිටි ඔබ සැමට ස්තූතියි.
🌹කමෙන්ට්ස් දමමින් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගනිමින්  මා දිරිමත් කල ඔබ සැමටම ස්තූතියි.
🌹මෙම කතාවේ අඩුපාඩු පෙන්වමින් හා මගේ දිවි පුරාවට මා රැකගනිමින් මට සහය වන මගේ ආදර සැමියාටත් මගේ අවංක ස්තුතිය මම පිරිනමමි.

ස්තුතියි.
 
2021 නොවැම්බර් මස 26
කැනඩාවේ, හැමිල්ටන් නුවර සිට.

👈22 කොටසට

👉1 කොටසට මුල සිට ...

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, November 23, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 22

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

තුරුලත සුවය විඳ නිදනා තම                 පුතුනු
          ඉඳ හිට සුරඟනන් හා හිනැහෙනු              ඇසුනු          
පිවිතුරු මව් හදේ කිසි විට හිඟ             නොවුනු
සෙනෙහස දෝරෙ යයි පියයුරු අඟ           රැදුනු

22 කොටස  

සියුමැලි දෙතොල් විහිදා කිරි මුව     කොනින
මදහස නගයි ටිකිරා සිහිකර               වමින
දැක හද සැලෙයි සිහියට විත් ඔහු      පෙමින
ඉවසුම බිඳෙයි නිසසල රැය දිගු           බැවින

"දිගු රැය පුරා නිදිබර නෙතු        දැවෙන්නෙපා  
තරුකැට දිලෙන අහසට ගතු        කියන්නෙපා
සඳවති හොර හොරෙන් ඔච්චම්     කරන්නෙපා
තනිකම දැනී හද සුසුමන්          හෙලන්නෙපා "

දිවිගමනේ අරුත දින දින              ලියලන්නේ
කැකුළිය මවක වී සෙනෙහස         උතුරන්නේ
මව පිය සැදෑ සමයේ සුව               විඳිමින්නේ
මුණුපුරු මිණිපිරින් හා දිවි          ගතවෙන්නේ

කෙළිලොල් කවටකම් කරමින පාන         සිනා
දුව පැන නටයි පොඩි දරුවන් සතර       දෙනා
සිය නෑසියන් වැඩිහිටියන් සෑම                 දනා
ගම ඔප කරයි සතුටින ජීවිතය                දිනා

මතු සම්බන්ධයි...... 

👈21 කොටසට

👉23 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, November 19, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 21

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

සහජීවනය සාමය එක් කර                    සැදුනු 
සැමියගෙ හැඟුම් බර රැකවරණය           රැදුනු
අතු පැල්පතේ දිව රෑ උණුසුම                 පිරුනු 
සෙනෙහස මතු කරයි ඇගෙ කුස තුල      වැඩුනු 

21 කොටස  

වැහි කඳ වියළිලා දැන්නම් තද                  අව්ව
හොඳටම රත්වෙලා මේ ගිරිකුළු                 පව්ව
තිබහට පෙරන් දිය දෝතක් ගෙන              බිව්ව
ඇලදොළ සැඟවිලා හද දවමින               සෙව්ව

තම ගැබ්බර ඇඹනි මේ ලෙස තනිව             දමා
ඔහු හේනට ගියේ හිතකින් නොවෙයි            තමා
ඇති දැඩි කලෙන් දරුවන් ලෙස  බෝග        සැමා
  මහ වන සතුන් ගෙන් රැකුමට නොකර        පමා   

මුළු රැය පුරා හද සනහන පද                   කීවේ
ඉඳහිට නැගුනි ඉමිහිරි වස්දඩු                    රාවේ
මදනළ හා මුසුව විත් දෙසවන                   යාවේ
රස විඳ ගන්න නිදි දෙව්දුව ඇයි                 නාවේ

තුරුලත සුවය විඳ නිදනා තම                 පුතුනු
          ඉඳ හිට සුරඟනන් හා හිනැහෙනු              ඇසුනු          
පිවිතුරු මව් හදේ කිසි විට හිඟ             නොවුනු
සෙනෙහස දෝරෙ යයි පියයුරු අඟ            රැදුනු

මතු සම්බන්ධයි...... 

👈20 කොටසට

👉22 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, November 16, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 20

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

සැතපෙන විටදි  ඔහු ගේ පුළු'ලුර         තලයේ
සඳවති සෙමිනි නුබ යහනාවට            වැඩියේ
හද සැරිසරයි ආදර ගඟුලෙහි              රිසියේ
මදනළ පවා නැත හැමුවේ කඩි            මුඩියේ

20 කොටස  

රන් දහදියෙන් පෙඟි හැඩි දැඩි      තරුණවිය 
දැක් මෙන් ඇය හදේ ආලය             ජනිතවිය
මින් පෙර නොවිදි ලෙස දිවියම        මිහිරිවිය
පෙම් ආලිංගනෙන් සියොලඟ           සලිතවිය 

නොනැවති ඉදිරියට යනු මිස නිම         නොවන
අඹුසැමි දෙමල්ලෝ සතුටින් දිවි              ගෙවන
නොමියෙන පෙමින් හද දොරගුළු හැර     දෙවන
 සෙනෙහයෙ කැදැල්ලකි සුරලොව සිරි   ගෙනෙන

දසඅත පැතිර එන ගිගුරුම්  හඬ           අස්සේ
රුදු සැඩ සුළං හැමු රෑ තුන් යම           තිස්සේ
ඉකියද සෙමින් මෝදුව එන  මහ          වැස්සේ
ඇය පැල්පතේ ඔහු හේනේ හද             ගැස්සේ

සහජීවනය සාමය එක් කර                    සැදුනු 
සැමියගෙ හැඟුම් බර රැකවරණය           රැදුනු
අතු පැල්පතේ දිව රෑ උණුසුම                 පිරුනු 
සෙනෙහස මතු කරයි ඇගෙ කුස තුල      වැඩුනු 

මතු සම්බන්ධයි......

👈19 කොටසට

👉21 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, November 12, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 19

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

පලමුව ගියේ මලයාගේ සොහොන            වෙත
කරමින බලා සිටියාවූ සැම                       මවිත
කැකුළිය සමඟ ටිකිරද එක්කර              දෙඅත
සුපැතුම වුනේ හමුවන්නට මතු                 දියත

19 කොටස  

අරලිය මලින් විකසිත  සුපුරුදු               දෙවට
අතිනත පටල ඔහු හා පියලන                 සුමට
කැකුළිය සමඟ ටිකිරද රන් රස            ලෙසට
සමවිය පිණි අතුල ලෙස සුසිනිදු              මලට

ටිකිරගෙ පැලට සපැමිණ ඔවදන         ලබමින්
සමුදුනි සොවින් මාපිය පායුග              වඳිමින්
මතු දිවි මඟ තොසින නිති සනහස       රඳමින්
පතමින යහපතම සියළුම දෙවි            වරමින්

දිය මත පිපී අත වනනා සඳ               එළියයි
තැන තැන රිදී පාටට දිළිසෙන         ගොයමයි
වැව ඉස්මත්ත සිප හමනා මද            පවනයි
සිත ගත හඹා කිතියක් මතු කල    දෙතොලයි

සැතපෙන විටදි  ඔහු ගේ පුළු'ලුර         තලයේ
සඳවති සෙමිනි නුබ යහනාවට            වැඩියේ
හද සැරිසරයි ආදර ගඟුලෙහි              රිසියේ
මදනළ පවා නැත හැමුවේ කඩි            මුඩියේ

මතු සම්බන්ධයි......

👈18 කොටසට

👉20 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, November 9, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 18

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

කැවුම් කොකිස් මුං අතිරස              හැඩදාලා
තුටින් නැකත එනතුරු                  පාවඩ දාලා
නැවුම් මනාලිය නෙතු කොන              පිසදාලා
දුකින් පියා තුරුළේ,.. යයි                   හදදාලා

18 කොටස  

හැදු වැඩු මව්පියන් සෙනෙහස  පිරි      නිවසේ
සමු ගෙන යන්න සැරසෙන මංගල        දවසේ
     ඉනු උණු කඳුළු පිය දෙනෙතේ නොම    සිතුසේ     
මිහිකත වැළඳ ගත්තේ නම් හොර        රහසේ 

බැබළෙන සුදට ඔසරිය ඉන වට            පටලා
පෙරදින තිළිණ ලෙස ලද මුතු පට         කරලා
මව සහ පියා පා වැඳ අවසර                පතලා
පතිනිය ඔහුගෙ දෑතේ සෙනෙහෙනි        එතිලා

මෙම පෙම් යුවල එක් කරනට තම           දිවිය
    පරදුව තබා අරගෙන දෑතට                     සවිය   
නිදහස ලබා දුන'යුරු මනසෙහි                මැවිය
අමතක කරන්නට හිත දිරියද              නොවිය

පලමුව ගියේ මලයාගේ සොහොන            වෙත
කරමින බලා සිටියාවූ සැම                       මවිත
කැකුළිය සමඟ ටිකිරද එක්කර              දෙඅත
සුපැතුම වුනේ හමුවන්නට මතු                 දියත

මතු සම්බන්ධයි......

👈17 කොටසට

👉19 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, November 5, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 17

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

රැකුමට දනා නිරතුරු  බල අත                රඳනා 
නිල දරු පිරිස ගම සැම තැන පෙළ         ගැසුනා
ලුහුබැද දුදන නීතිය අභියස                     ඇදුනා
දිවි ඇති තුරා රණයා දඟ ගෙට                වැදුනා

17 කොටස  

ඔවුනගෙ කංස යායම ගිණි තබන             ලදී
පැහැබර ගොවිතැනක මඟ එළි කෙරෙයි  සැදී
වග බෝගයෙන් සුවඳව ජය කෙහෙළි        දිදී
සැමගෙම හදට නව ජවයක සිසිල            වදී

සයමස් සපිරි මත්තෙන්                 ආදාහනය
එළියක් ලැබුනි වැනසී කංසා                වනය
හදවත් රිදුම් දුන් ඒ අමිහිරි                   දිනය
කෙලෙසින් පැහැර හරිමුද සැම       අසරණය 

සිදුවුන  සියළු  දුක් දොම්නස් සැමට        පසූ 
  වැඩිහිටි බාල ගොවි කම්කරු පිරිස         සෙසූ  
 පිබිදුණු සොබා දහමද නෙක ඵලිනි          පැසූ  
සැරසෙයි පැතුම් දෙවනට පෙම් සිනහ      මුසූ

කැවුම් කොකිස් මුං අතිරස              හැඩදාලා
තුටින් නැකත එනතුරු                  පාවඩ දාලා
නැවුම් මනාලිය නෙතු කොන              පිසදාලා
දුකින් පියා තුරුළේ,.. යයි                   හදදාලා

මතු සම්බන්ධයි......

👈16 කොටසට

👉18 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, November 2, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 16

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

අබගකි වුනේ මහ පොළොවද            දෙදරගිය
වෙදදුරු සැමගෙ ආයාසය                අපතෙගිය
ටිකිරගෙ මලය යලි නොම එන          ගමනගිය
අසරණ දනගෙ නෙතු කඳුලකි          බොඳවගිය

16 කොටස  

ඇසු පුවතින්ම ගැමියන් අසරණ           වෙන්නා
කලයුතු දෙයක් ගැන නැත සිහියට         එන්නා
නරකය ඇතුළු සඟයන් ගෙන් පළි           ගන්නා
අටියෙන් ගමේ තැන තැන සිට  රැක       උන්නා 

අප එකිනෙකාගේ දෛවය ලෙස               භවක
ගෙන ආ කුසල් කර්මය පල දෙයි           කලෙක
යනු ඇත නිසැකමයි මරු අත වැනු         දිනෙක
දොරගුළු විවරවී නිවනෙහි  සුව               මඟක

ගිගුරුම් දෙමින් මහ වැසි ඇද           හැලෙන්නේ
ලතැවුල් හඬින් මළ බෙරයකි            වැයෙන්නේ
හදවත් ශෝකයෙනි ඉකිබිඳ                හඬන්නේ
ගැමියන් සැවොම සෝ සයුරෙහි         ගිලෙන්නේ 

රැකුමට දනා නිරතුරු  බල අත                රඳනා 
නිල දරු පිරිස ගම සැම තැන පෙළ         ගැසුනා
ලුහුබැද දුදන නීතිය අභියස                     ඇදුනා
දිවි ඇති තුරා රණයා දඟ ගෙට                වැදුනා  

මතු සම්බන්ධයි......

👈15 කොටසට

👉17 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, October 29, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 15

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

මෙය දුටු අහිංසක ටිකිර ගෙ              මලයන්ඩි
රැකගනු පිණිස තම ආදර                  අයියන්ඩි
නරකය වෙතට පැන ගියමුදු              මහචන්ඩි
හොඳ හැටි පොර බැදුවෙ සමඟින       කලුබන්ඩි

15 කොටස  

දෙදෙනම එක්ව හරි හරියට පොර          බඳලා
කලුවව බිම දැමුවෙ ඔහු අඩපන             කරලා
වියරුවු රණය අත තිබු මුගුරෙනි           දමලා
මලයගෙ හිසට ගැසුවේ දෑතින                කුදලා

නොසිතුව ලෙසට සිහිසුන් ඔහු ඇද       වැටුනේ
කලබල වුනු චන්ඩි හිස්ලූ අත                 ඇදුනේ
හනිකට ලඟම රෝහල වෙත යොමු     කෙරුනේ
සුවකර ගන්න සැම කටයුතු සිදු          කෙරුනේ

සිදුවුන දෙයින් නෙත අදහනු බැරි           කැකුළි
මුහුණින තලා වැටෙමින මත තණ            පිඩලි
මරහඬ ලමින් බිඳි සේ හදවත                 කැබලි
 වැලපෙන ලදී අසරණ බොළඳිය               මුකුලි  

අබගකි වුනේ මහ පොළොවද            දෙදරගිය
වෙදදුරු සැමගෙ ආයාසය                අපතෙගිය
ටිකිරගෙ මලය යලි නොම එන          ගමනගිය
අසරණ දනගෙ නෙතු කඳුලකි          බොඳවගිය

මතු සම්බන්ධයි......

👈14 කොටසට

👉16 කොටසට

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, October 26, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 14

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

දෙවියන් බුදුන් වැඩ සිටිනා සොඳුරු              බිම
මනුසත් බවින් හෙබි ටිකිරගෙ මිතුරු           සැම
පියමන් කරන කල කුඹුරට එහිම                ඉම
ඉවසුම් නොදෙයි හදවත දුටු දසුන               එම

14 කොටස  

මෙම ආරංචි පැතිරී ගම සතර                 දෙස
 මුළු දන ඇවිස්සී මහ කඩි ගුලක                වෙස 
මැර සඟයන්ට, රණයා හා ඔහුගෙ              වස
අත පය විසිකලේ සොල්දාදුවන්                ලෙස

දෙපිලම එක්ව කිසිවකු නොසිතුව         ලෙසට
කති පොලු අමෝරා සටනට බට              කලට
කලබල කලේ ටිකිරව දුටු දෙය               ඇසට
යුහුසුලු වුනේ හද වාවනු බැරි                 කමට

ටිකිරගෙ  දැඩි දෑතෙ සිරවී  ඇය            ඉන්නේ
එය දුටු රණා පොළගෙකු සේ රුදු          වන්නේ
 මුගුරද රැගෙන වේගෙන් ඔහු වෙත       පැන්නේ  
කොලුව ව නසා ඇය ඩැහැගන්නට       වැන්නේ

මෙය දුටු අහිංසක ටිකිර ගෙ              මලයන්ඩි
රැකගනු පිණිස තම ආදර                  අයියන්ඩි
නරකය වෙතට පැන ගියමුදු              මහචන්ඩි
හොඳ හැටි පොර බැදුවෙ සමඟින       කලුබන්ඩි

මතු සම්බන්ධයි......

👈13 කොටසට

👉15 කොටසට