Friday, November 19, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 21

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................

සහජීවනය සාමය එක් කර                    සැදුනු 
සැමියගෙ හැඟුම් බර රැකවරණය           රැදුනු
අතු පැල්පතේ දිව රෑ උණුසුම                 පිරුනු 
සෙනෙහස මතු කරයි ඇගෙ කුස තුල      වැඩුනු 



21 කොටස  

වැහි කඳ වියළිලා දැන්නම් තද                  අව්ව
හොඳටම රත්වෙලා මේ ගිරිකුළු                 පව්ව
තිබහට පෙරන් දිය දෝතක් ගෙන              බිව්ව
ඇලදොළ සැඟවිලා හද දවමින               සෙව්ව

තම ගැබ්බර ඇඹනි මේ ලෙස තනිව             දමා
ඔහු හේනට ගියේ හිතකින් නොවෙයි            තමා
ඇති දැඩි කලෙන් දරුවන් ලෙස  බෝග        සැමා
  මහ වන සතුන් ගෙන් රැකුමට නොකර        පමා   

මුළු රැය පුරා හද සනහන පද                   කීවේ
ඉඳහිට නැගුනි ඉමිහිරි වස්දඩු                    රාවේ
මදනළ හා මුසුව විත් දෙසවන                   යාවේ
රස විඳ ගන්න නිදි දෙව්දුව ඇයි                 නාවේ

තුරුලත සුවය විඳ නිදනා තම                 පුතුනු
          ඉඳ හිට සුරඟනන් හා හිනැහෙනු              ඇසුනු          
පිවිතුරු මව් හදේ කිසි විට හිඟ             නොවුනු
සෙනෙහස දෝරෙ යයි පියයුරු අඟ            රැදුනු

මතු සම්බන්ධයි...... 

 

👈20 කොටසට

👉22 කොටසට


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment