කවි කතාව
පසුගිය කොටසෙන්.................
සහජීවනය සාමය එක් කර සැදුනු
සැමියගෙ හැඟුම් බර රැකවරණය රැදුනු
අතු පැල්පතේ දිව රෑ උණුසුම පිරුනු
සෙනෙහස මතු කරයි ඇගෙ කුස තුල වැඩුනු
21 කොටස
වැහි කඳ වියළිලා දැන්නම් තද අව්ව
හොඳටම රත්වෙලා මේ ගිරිකුළු පව්ව
තිබහට පෙරන් දිය දෝතක් ගෙන බිව්ව
ඇලදොළ සැඟවිලා හද දවමින සෙව්ව
තම ගැබ්බර ඇඹනි මේ ලෙස තනිව දමා
ඔහු හේනට ගියේ හිතකින් නොවෙයි තමා
ඇති දැඩි කලෙන් දරුවන් ලෙස බෝග සැමා
මහ වන සතුන් ගෙන් රැකුමට නොකර පමා
මුළු රැය පුරා හද සනහන පද කීවේ
ඉඳහිට නැගුනි ඉමිහිරි වස්දඩු රාවේ
මදනළ හා මුසුව විත් දෙසවන යාවේ
රස විඳ ගන්න නිදි දෙව්දුව ඇයි නාවේ
තුරුලත සුවය විඳ නිදනා තම පුතුනු
ඉඳ හිට සුරඟනන් හා හිනැහෙනු ඇසුනු
පිවිතුරු මව් හදේ කිසි විට හිඟ නොවුනු
සෙනෙහස දෝරෙ යයි පියයුරු අඟ රැදුනු
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment