කවි කතාව
පසුගිය කොටසෙන්.................
සැතපෙන විටදි ඔහු ගේ පුළු'ලුර තලයේ
සඳවති සෙමිනි නුබ යහනාවට වැඩියේ
හද සැරිසරයි ආදර ගඟුලෙහි රිසියේ
මදනළ පවා නැත හැමුවේ කඩි මුඩියේ
20 කොටස
රන් දහදියෙන් පෙඟි හැඩි දැඩි තරුණවිය
දැක් මෙන් ඇය හදේ ආලය ජනිතවිය
මින් පෙර නොවිදි ලෙස දිවියම මිහිරිවිය
පෙම් ආලිංගනෙන් සියොලඟ සලිතවිය
නොනැවති ඉදිරියට යනු මිස නිම නොවන
අඹුසැමි දෙමල්ලෝ සතුටින් දිවි ගෙවන
නොමියෙන පෙමින් හද දොරගුළු හැර දෙවන
සෙනෙහයෙ කැදැල්ලකි සුරලොව සිරි ගෙනෙන
දසඅත පැතිර එන ගිගුරුම් හඬ අස්සේ
රුදු සැඩ සුළං හැමු රෑ තුන් යම තිස්සේ
ඉකියද සෙමින් මෝදුව එන මහ වැස්සේ
ඇය පැල්පතේ ඔහු හේනේ හද ගැස්සේ
සහජීවනය සාමය එක් කර සැදුනු
සැමියගෙ හැඟුම් බර රැකවරණය රැදුනු
අතු පැල්පතේ දිව රෑ උණුසුම පිරුනු
සෙනෙහස මතු කරයි ඇගෙ කුස තුල වැඩුනු
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment