Saturday, June 13, 2026

ඇයිද මෙසේ ලතවිමක් (ශනිදා දහයට)

ලන්ද කොනේ නොපැතූ     සිදුවීමක්
හින්ද ලැබූ  දිවියේ           පසුබෑමක්
මන්ද මෙසේ ලතැවී           විඳවීමක්
නැද්ද හදේ සුළු හෝ        වැටහීමක්

දෑතෙ පිරී රිදියෙන් හැඩ           දාපු
තෝඩු දිලී මුහුණේ සිරි            ගාපු
හීන තියේ මහදේ නැග             ආපූ
නෑනෙ මෙතෙක් තරුනෙක් බහ  දීපූ

(ගජ ඡන්දසට අයත් තරඟවැල විරිත ඇසුරෙන් )


~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 


❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

6 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් පැමිණ සටහනක් තබා ගියාට.

      Delete
  2. ඒකත් ප්‍රශ්නයක් තමා ලංකාවේ තරුණියන්ට . පිරිමි අඅඩුලු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් පැමිණියාට. ඒකනේ.. ගැටලුව. දැන් අපි මොනාද කරන්න ඕනේ විසදුමක් හැටියට.

      Delete
  3. ලන්ද කොනේ පසුබෑම ද හේතුව?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින් පැමිණියාට.
      මමත් හිතන්නේ ඒකම තමා හේතුව.
      දැන් ඉතින් හොයා ගන්න වෙනවා සුළු වැරදි වලට සමාව දෙන්න පුළුවන් කෙනෙක් නේ...හ්

      Delete