සියුමැලි සුදු සළුවෙන - හැඩ වැඩ කල - සුවඳ තැවරු
අතිනත ගෙන සුබදින - මගෙ පැල තුළ - තිබෙන අඳුරු
තනිකම දුරු කරමින - පිවිසෙන කුල - කතකි සොඳුරු
සිහිනෙකි හද කළඹන - මානස විල - පිපුණු තඹරු
හමනා මදනල මත - නැග රහසින - දැඟලිල්ලෙන්
දිලෙනා පෙම්බර වත - මත නැළවෙන - සැනසිල්ලෙන්
එතෙනා සුන්දර තෙත - සිත අලවන - කෙහෙරැල්ලෙන්
ගලනා සුවඳින් ගත - නිති මුදවන - ඉවසිල්ලෙන්
තෙනෙත් ඡන්දස - කුසුම්සිරිඟර විරිත
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~Subject to copyright.
No comments:
Post a Comment