Sunday, December 27, 2020

සඳලතා 12

  සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~ 

12 කොටස

  අ..යි...යෝ..! සිටිමි කෙලෙසක දුක      දරාගෙන  
ඇය වැළපුනා නෙතු කඳුළැලි             පුරෝගෙන
පිටවුන පසුව රහසෙම ඔහු                පතාගෙන
මව සහ පියා සදහට නෙතු                පියාගෙන

කිසිවිට නොසිතුවද මේ ලෙස               දුරදිගට
ඇය දැන් මවකි, පියෙකුත් නැත          ළදරුවට 
කොහොමද මුහුණ දෙන්නේ ගම        වැසියනට
කල පව ගැන හැඟෙයි වැලපෙන         හදවතට

බිහිකර ලොවට හරවා රුහිරය                කිරට
ඇතිදැඩි කලේ විලසට සියපත                 සුමට 
රැකවල සදයි සමකර තම පණ                බිඳට
නොම දෙනු කඳුළ රුදුරුව මවකගෙ        නෙතට

මවකට මුවා වී දැඩි සෙනෙහස             පිදුවේ
නඟනට දිවිය සවි ඉණිමඟ  නිති          සැදුවේ
පියතුම නොවෙද පවුලක බැරි බර       දැරුවේ
එය නොම හැඳින කවුරුද ලොව ජය     දිනුවේ

ඉර හඳ සදිසි ආදර මව් පියන්                වෙත
නොම දෙනු දුකක් පමණින් වත් බැලුම්    නෙත
පිදුවිට දෙවිවරුන් සේ බැදි පෙමින්           සිත
නුඹලට නොවරදියි දරුවනි නොවන්         ලත

මගෙ කවි කතා රස විදි  හිතවත්           ඔබට
හද පතුලෙන්ම එන තුති පැසසුම්           එමට
පතමින රැකවරණ සහ දෙවියන්            පිහිට
හමුවමු මතු දිනෙක සමුගන්නම්             අදට

නිමි.

🌹මගේ කවි කතාව රස විඳිමින් මෙතක් මා හා රැදී සිටි ඔබ සැමට ස්තූතියි.
🌹මා හට වර්ණවත් පිට කවරයක් සකසා දෙමින් මට සහය දුන් රසාදරි යෙහෙළිය ට ස්තූතියි.
🌹 වැරදි අඩුපාඩු වගෙම අගය කරමින් මට දිරියක් වු මගෙ යහලු යෙහෙලි සැමටම ස්තුතියි.
🌹කවි ගායනයෙන් සහය දුන් මා මිතුරු රෝහණ දිසානායකට  ස්තූතියි.
🌹හරි වැරදි පෙන්වමින් මගේ දිවි පුරාවට මා රැකගන්නා මගේ ආදර සැමියා වන අසජ   අමරතුංග ටත් මගේ අවංක ස්තුතිය මම පිරිනමමි.

ස්තුතියි. 

👈  11 කොටසට 

👈   මුල සිට    

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

~~ ලියෝනි අමරතුංග ~~

Tuesday, December 22, 2020

සඳලතා 11

   සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

11 කොටස

පියවර මනින විට සුපුරුදු දොළ                 පාරේ
ලැබු අපහාස එමටයි තුන් සිත                   පෑරේ
උහුලනු බැරි දුකට නෙතු කඳුළැලි              බේරේ
පය එඩි නැතිව පැටලී යන බව                 තෙරේ

ගෙබිමට  ඇතුළු  වන  කඩුලුද                දිරාලා
හඳුනනු බැරි ලෙසට එය වල්                   වැදීලා
දෙකොපුල,  ගලන  උණු  කඳුළිනි           පෙඟීලා
හදවත නුහුරු  හැඟුමෙන්  හිරි                වැටීලා

පෙදෙසම පාලු වී ඇති හේතුව               සොයලා
දැනගනු කෙලෙස කිසිවකු නැත එහි         රැදිලා
හෙමිහිට ගොසින යාබඳ නිවසට              එබිලා
තොරතුරු ඇසුවෙ කොහෙදෝ මව පිය    කියලා

අරුණේ තමන් පණ වැනි දුව නැත           දුටුවේ
මව හා පියා උහුලණු බැරි දුක               දැරුවේ
නිවසේ පහන නිවිලා ගියෙදැයි                සිතුවේ
තනිවී සුසුම් මැද දිවි ගඟ නිම              කෙරුවේ

අ..යි...යෝ..! සිටිමි කෙලෙසක දුක       දරාගෙන  
ඇය වැළපුනා නෙතු කඳුළැලි              පුරෝගෙන
පිටවුන පසුව රහසෙම ඔහු                 පතාගෙන
මව සහ පියා සදහට නෙතු                 පියාගෙන 

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  10 කොටසට 

👉  12 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Thursday, December 17, 2020

සඳලතා 10

  සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~ 

10 කොටස

ඇය හට නොමැත කාලය තව              හිතන්නට
ඔහු එන පාටකුත් නොතිබෙයි            පෙනෙන්නට
හැකිවෙද තවත් එහි තනිවම                වසන්නට
යනු ලෙස සිතයි තම මව්පිය                දකින්නට

පොඩි අවධියේ සිට පැතු ලෙස දිවි            සසරේ
විඳ සෙනෙහස වැඩුනු සඳවති ලෙස           අඹරේ
පැන ගිය නමුදු රහසින බියකරු              අඳුරේ
   තනි විය අහෝ පිළිසරණක් නැති            කතරේ   

හඬදෙන බිළිඳු නොහැකිව කුසගිණි           දරනු
තුරුළට රැගෙන මුව සිප සෙනෙහස         රැඳුනු
මුදමින සුසුම් රැළි අසරණ කම              පිරුණු
තම ගම බලා පිටවිය පෙර රිවි                වඩිනු

ඉඳ හිට ඇකයෙ උන්  ළදරුව               හඬන්නේ
පැය හත අටක දුර කල්පෙකි            දැනෙන්නේ
මතු වන ඉකිය ආයාසෙනි                   දරන්නේ
වත මත මවාගත් සතුටකි                   රඳන්නේ

පියවර මනින විට සුපුරුදු දොළ              පාරේ
ලැබු අපහාස එමටයි තුන් සිත                පෑරේ
උහුලනු බැරි දුකට නෙතු කඳුළැලි            බේරේ
පය එඩි නැතිව පැටලී යන බව               තෙරේ

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  9 කොටසට 

👉  11 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, December 12, 2020

සඳලතා 9

  සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~ 

 9 කොටස

 අඟ හිඟ දැනෙන විට ඇති පෙම පරව         ගොසින්
නැති බැරි කමට දෙයි රිදුමන් වියරු           වෙසින්
හැකිවිට ගෙවන්නට තම කල බොහොම    තොසින්
 එය වෙයි සතුට ලැබු දිවියට තිළිණ            ලෙසින්

 ගෙන ආ මිල මුදල් ටික ටික                   දියවන්නේ
කන කර බඩුද මුදලාලිට                      හිමිවන්නේ
අත මිට හිඟව අඩදබරය                     මතුවන්නේ
මව පිය සිහිව නෙතු කඳුළැලි                රජවන්නේ

සමහර විටෙක හොඳටම රහ මෙර                බීලා
ගෙදරට එන්නෙ මැදියම් රැය පසු                  වීලා
  වෙරි මරගාතෙ බිරිඳට ගුටි බැට                      දීලා   
පිටවිය ගෙයින් දෙදෙනම තනිකර                 දාලා 

හඬවා මව් පියන් ආවෙ මොහු                     ළඟට
පතුවේ දෙව් ලොවක ඇති සැප සිත              ගතට 
 විඳිනා මෙවන් තාඩන පීඩන                        වලට 
බොඳවූ නෙතින් ගෙවනට විය දිවි                  ඇයට

ඇය හට නොමැත කාලය තව                හිතන්නට
ඔහු එන පාටකුත් නොතිබෙයි             පෙනෙන්නට
හැකිවෙද තවත් එහි තනිවම                 වසන්නට
යනු ලෙස සිතයි තම මව්පිය                  දකින්නට 

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  8 කොටසට 

👉  10 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Monday, December 7, 2020

සඳලතා 8

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~ 

 8 කොටස

           ඔවදන එසේ වනමුත් ඔහු                පිළිගන්නේ          
නැත මතු දියුණ ගැන සිත කය    වෙහෙසන්නේ
කෙලෙසද තවත් ජීවයකට             පණදෙන්නේ
සිතමින දහස් වර මැරි මැරි             උපදින්නේ

ඔහු හට නොමැත රැකියා වතු පිටි            ජයට
එය වැටහුනේ ආවට පසුවයි                    ලඟට
මව හා පියා කොතෙකුත් කීවද                ඇයට
නොදැනුනෙ තරුණ ආලයෙ ඇති අඳ         කමට

සුරතල් හුරුබුහුටි කොලු පැටියෙකු          ලැබිලා
නැවතත් ඔවුන්ගේ දිවි අරුතිනි                පිරිලා
"විඳිමින් සතුට නැගිටිමු දියුණුව              පතලා"
යනුවෙන් බිරිඳ මතුරයි දුරදිග                 බලලා

නිවසේ අනෙක විධ අඟ හිඟ             මතුවන්නේ
දරුවා හඬන විට කොහොමද            ඉවසන්නේ
කියනා දෙයක් නැත කනකට             අරගන්නේ
උනනා කඳුළු කැට දෙකොපුල           සිපගන්නේ

අඟ හිඟ දැනෙන විට ඇති පෙම පරව      ගොසින්
නැති බැරි කමට දෙයි රිදුමන් වියරු         වෙසින්
හැකිවිට ගෙවන්නට තම කල බොහොම  තොසින්
එය වෙයි සතුට ලැබූ දිවියට තිළිණ          ලෙසින් 

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  7 කොටසට 

👉  9 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Wednesday, December 2, 2020

සඳලතා 7

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

 7 කොටස

කොලුවා පැමිණි වාහනයේ හඬ           ඇහිලා
  සියලුම අවැසි දේ ගෙන පෙර තැබු        ඔතලා  
සුවසේ නිදන මව්පිය පා යුග               වැඳලා
පිටවුනෙ පෑළ දොර හොර රහසෙම       ඇරලා

මනමාලියක වී ගී
ආසිරි                     මැදින
සමුගෙන යන්න සිතුවද පාවඩ             මතින
අද පිටවුනේ අතරේ මව් පිය                නිදන
ඇය හිනැහුණේ උණු කඳුළැලි පිරි       නෙතින

පැමිණිය නිසා අතමිට සරුවට           පෙන්නා
මුව සිප සෙනෙහෙ පුදමින ඇය පිළි      ගන්නා
එනමුදු ටිකෙන් ටික රන්මසු දිය          වෙන්නා
නැදිනිය-ලේලි හබයද ලඟ ලඟ             එන්නා

පියඹන ලදුව කාලය නව දිවි             පලසේ
කිරි සිහිනයකි රැඳුනේ කුස තුළ         රහසේ
"කෙලෙසද ඉන්නේ නැන්දනි සමඟින මෙලෙසේ
  අපි පිට වෙලා යමු, වෙන තැනකට      විගසේ "

           ඔවදන එසේ වනමුත් ඔහු               පිළිගන්නේ          
නැත මතු දියුණ ගැන සිත කය    වෙහෙසන්නේ
කෙලෙසද තවත් ජීවයකට             පණදෙන්නේ
සිතමින දහස් වර මැරි මැරි             උපදින්නේ

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  6 කොටසට 

👉  8 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, November 27, 2020

සඳලතා 6

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

6 කොටස

ලසොවින් හඬන තම බොළඳිය        සනසාලා
මවමින් සිහින නෙතු කඳුළැලි           පිසදාලා
"විසඳුම් නොමැත යමු රහසෙම        පියඹාලා"
සෙනෙහෙන් කීවෙ හදවත දුක           ඉපදීලා 

"සැමටම රහසෙ අපි ගෙදරින් පැන        ගනිමු
මගෙ මව වෙසෙන ගම වෙත හනිකට   ඇඳෙමු
නුදුරෙම දිනෙක මංගල ජය ගොස         නගමු 
  සැලසුම නොබිඳ සිත සතුටින් මුණ      ගැසෙමු "

මව සහ පියා එනු පෙර දිව ගියෙ         ගෙදර
ඇති වැඩ සැමද නිම කර සෝදා          සිරුර
රෙදි පිළි අසුරලා එනු පෙර ගණ           අඳුර
සඟවල තැබුවෙ පහසුවටයි ප්‍රිය           මිතුර

දැවෙමින් නිවස තුල හෙලමින් සුසුම්        දිග
සිතමින් ගත කලා කෙළිලොල් පැතුම්      දඟ
 අවසන් දවස් දෙක තම මව් පියන්          ළඟ 
කඳුලින් බොඳ කළා නිල්වන් නුවන්         යුග

කොලුවා පැමිණි වාහනයේ හඬ           ඇහිලා
 සියලුම අවැසි දේ ගෙන පෙර තැබු        ඔතලා 
සුවසේ නිදන මව්පිය පා යුග               වැඳලා
පිටවුනෙ පෑළ දොර හොර රහසෙම       ඇරලා

මතු සම්බන්ධයි.........

ගායන සහය මාගේ මිතුරු රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  5 කොටසට 

👉  7 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Sunday, November 22, 2020

සඳලතා 5

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

5 කොටස

අසරණ මව් පියන් තම හදවත්              රිඳිලා
"ඔහු අත හරිනු"   කීවේ තරහෙනි        බැනලා
  මට දිවි ගෙවනු බැහැ ඔහු අමතක         කරලා "
පැවසුවෙ ලතා වැලහින්නක ලෙස         අඬලා

ඇය හට තහන්චිද  දැන් නිති       වැඩිවෙන්නේ
නොදැනිම දිනෙන් දින ගෙතුලට     සිරවෙන්නේ
තනිකම දරා ගනු නොහැකිව       ලතවෙන්නේ
හදවත සතුට ඔහු සොයමිනි        ඉඟිලෙන්නේ

ගම විසු කපු රාළ වෙත පණිවිඩ          යවලා
හනිකට දුවට හොඳ සහකරුවෙකු      සොයලා
ජය හඬ මැදින පෝරුවෙ අෂ්ටක          ගයලා
සැලසුම මඟුල ගන්නයි ගමටම            කියලා

යුවතිය හදේ  ඇති දුක් මුසු            කෙදිරිල්ල
    බැහැ ඉවසන්න නෙතු රජ විය         කඳුලැල්ල    
කුඹුරට ඇඳෙන විට මව්පිය          අරුණැල්ල
පිටවිය ගෙයින් සොයමින් ඇය        සැනසිල්ල

ලසොවින් හඬන තම බොළඳිය        සනසාලා
මවමින් සිහින නෙතු කඳුළැලි           පිසදාලා
"විසඳුම් නොමැත යමු රහසෙම        පියඹාලා"
සෙනෙහෙන් කීවෙ හදවත දුක           ඉපදීලා

මතු සම්බන්ධයි.........

ගායන සහය මාගේ මිතුරු රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  4 කොටසට 

👉  6 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, November 17, 2020

සඳලතා 4

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

 4 කොටස

  කාලය ගෙවෙන සඳ මෙලෙසට         නොදැනීම  
මෝරන සෙනෙහෙ පිබිදුනි හද            පතුලේම
ආගිය මගෙහි  සුරතෙහි වෙලි             සිතුසේම
පාවෙන සිහින මත කිමිදුණි              රහසේම

වැඩිහිටි ඇකයෙ හුරතලයට සිටි            දැරිවි
අග මුල නොදත් ආදරයක ඇත             සිරවි
ගතවන සෑම මොහොතම හද තුළ         ගුලිවි
 ඇති රුව සොයා වෙහෙසෙයි ලොවටම   සැඟවි 

 සවසට පැමිණි කල තම දියණිය          ගෙදර 
මදහස  නගයි සතපා දෙනයන              අඹර
සොයනට යෙදුන කල එය හෙමිහිට     කොඳුර
සැලවෙන ලදිය සඟවන පෙම්බර           ඇසුර

කලබල වෙලා මව් පිය දෙදෙනම          විගසේ
සොයනට පෙළඹුනේ තොරතුරු හොර   රහසේ
   මුළු දවසේම ඇවිදින තැන තැන         සිතුසේ   
කෙනෙකුලු ගැලපුනේ නැත පවුලට       රිසිසේ
 
අසරණ මව් පියන් තම හදවත            රිඳිලා
"ඔහු අත හරිනු"   කීවේ තරහෙනි      බැනලා
  මට දිවි ගෙවනු බැහැ ඔහු අමතක       කරලා "
පැවසුවෙ ලතා වැලහින්නක ලෙස         අඬලා

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  3 කොටසට 

👉  5 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, November 13, 2020

සඳලතා 3

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

3 කොටස

විහිදන මුදු සුවඳ විකසිත වුනු                කුසුම
එදෙසට ඇදෙයි බඹරුන්   නොමවෙනු        පුදුම
ඔවුනට දැනුනි ළය සිරකල එම                 රිදුම
සෙනෙහස මුසුව උපදින සුසිනිදු               සුසුම

ගිරවුනි ලිහිණියනි ගගනේ සරන            රුවේ
පැහැබර ඵල වැලින් හෙබි පෙම් සිහින   ලොවේ
දැනුනිද තුරුණු හදවත විඳි නිමල           සුවේ
තුරුළක පහස දැනි සිතිවිලි මිලින        නොවේ

ආලෙට බැඳුනු සිව් මසකුදු            එළබෙන්නා
සාලිය අශෝකා මාලා මෙනි                දෙන්නා
සාගර පරදනා ලෙස සෙනෙහස          පෙන්නා
ආදර සොඳුරිගෙන් මෙලෙසට          විමසන්නා

“ හිතෙනව එතෙර රැකියාවක      නියැලෙන්න 
අදහස ඔබේ නොපැකිල මට             පවසන්න”
එනමුදු ඇගේ සිත නැහැ මෙහි          තනිවන්න
කැමතියි වගේ ඔහු තුරුළෙම        නැළැවෙන්න

  කාලය ගෙවෙන සඳ මෙලෙසට        නොදැනීම  
මෝරන සෙනෙහෙ පිබිඳුණි හද         පතුලේම
ආගිය මගෙහි සුරතෙහි වෙලි            සිතුසේම
පාවෙන සිහින මත කිමිදුණි             රහසේම

මතු සම්බන්ධයි.........

ගායන සහය රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  2 කොටසට 

👉  4 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Monday, November 9, 2020

සඳලතා 2

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

2 කොටස

අහවර කර සිටියි පාසැල් විය              සොඳුරු
ඔසවයි දෙපා ලොව වෙත මල් කෙමි       ඇතිරු
කළඹන කලට සිතිවිලි හද තුළ              නුහුරු 
මදහස නැගෙයි දෙතොලට නොසිතන      අයුරු 

ගෙවනා කලට දිවි සිරවී තුළ                 නිවස
ලැබුනේ කුඩා රැකියාවකි නිවි                පවස
යනෙනා අතර සේවෙට උදයෙද              සවස
දුටුවේ කදිම කොලු ගැටයෙකි හැම          දවස

හිසකෙය බොකුටු උඩු රැවුලද ඇති        මුහුණ
උස සහ මහත ඊටම ගැලපෙන            ලෙසින
හිනහෙන විටදි ආඩම්බර කම            පෙරෙන
හමුවන සැමගෙ සිත යයි ඔහු වෙත       නිතින

දෙදෙනම  නෙත ගැටුණි යනඑන මඟ     දෙපස
දෙනුවන රැඳුනු බැල්මෙන්  අයදියි          පහස
වටපිට බලා ලංවී දවසක                     සවස
මුමුණන ලදිය ඔහු සිත තෙරපෙන         රහස

සුවඳක් විහිදුවයි විකසිත වුනු                 කුසුම
බඹරුන් ඇදෙයි එදෙසට නොමවෙනු        පුදුම
ඔවුනට දැනුනි ළය සිරකල එම                රිදුම
සෙනෙහස මුසුව උපදින සුසිනිදු              සුසුම

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  1 කොටසට 

👉  3 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Wednesday, November 4, 2020

සඳලතා 1

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

සඳලතා

1 කොටස

හද පිරි තුටින් ඔබ සැම දෙන         පිළිගන්නේ
සැම දෙවි නැමද මුලසුන අද       හොබවන්නේ
ඇගෙ දිවි ගමනෙ රස තොරතුරු   ගෙනඑන්නේ
හොඳ හැටි යොමා දෙසවන එය      විඳගන්නේ

සුපතල තැනකි බැද්දේගම හෙල         දෙරණ
වැජබෙන කුඩා පවුලකි සැම දැන         හැඳින
නිලමෙද ටිකිරි මැණිකා ගෙද ලොව      දිලෙන
දුව සඳලතා වෙයි නිවසට සිරි            ගෙනෙන

හොඳ හැදියාව සංවර කම ඇත           පිරිලා
තෙපලන වදන් ගෙයි මිදුලට නැත        ඇහිලා
පහලට හැලෙන ගවුමද දණඉස          වැහිලා
කදිමට පීරලා දිගු වරලස                ගොතලා

අහවර කර සිටියි පාසැල් විය           සොඳුරු
ඔසවයි දෙපා ලොව වෙත මල් කෙමි     ඇතිරු
කළඹන කලට සිතිවිලි හද තුළ           නුහුරු 
මදහස නැගෙයි දෙතොලට නොසිතන   අයුරු 

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👉  2 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Monday, November 2, 2020

සඳලතා

ආදර යහළු  යෙහෙළියනේ..

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

ඔබගේ රසවින්දනය සඳහා මගේ පන්හිඳෙන් හැඩවූ " සඳලතා " කවිකතාව, මගේ මුතුරියක් වන රසාදරි මෙන්ඩිස් ගේ තෙලිතුඩෙන් හැඩවී නව මුහුණුවරකින් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.
 
ස්තුතියි.

👉  1 කොටසට 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Monday, October 26, 2020

ඇය සුර ලඳකි

ඇය සුර ලඳකි 

සහසක් සිහින මන කළඹන         වෙලාවේ
දුටුවෙම් සුරඟනක හිනැහෙන        ලතාවේ
මනරම් උදුල දෙනයන හද            තලාවේ
රහසින් පැමිණ කිමිදුණි රස         ගුලාවේ

දෙබැමද පරදවන සුර දුනු ලෙස        කදිම
ඇය දෙවඟනකි  දුටු විට නොම වනු   පුදුම
පෙර කල පවකි නොදැනිම පිට විය   සුසුම
දුර සිට විඳිමි සැනසෙමි හද බැඳි      කුසුම

(කවි ගායනය රෝහණ දිසානායක )

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, October 20, 2020

හාදු වැස්සක්

හාදු වැස්සක් 

හුදකලා වී සිටින ඔබ දැක පැමිණියෙමි ලඟටම            හෙමින්
හිතුන පුදනට හාදු වැස්සක් ඔබේ වත කමලට              පෙමින්
බැලිමි වට පිට පසක් කෙරුමට නොමැති බව කිසිවෙකු    එමින්
දිනකරත් සැඟවිලා හිමිහිට ඉත සිතින් අනුබල              දෙමින්