සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....
~~ සඳලතා ~~
5 කොටස
අසරණ මව් පියන් තම හදවත් රිඳිලා
"ඔහු අත හරිනු" කීවේ තරහෙනි බැනලා
මට දිවි ගෙවනු බැහැ ඔහු අමතක කරලා "
පැවසුවෙ ලතා වැලහින්නක ලෙස අඬලා
ඇය හට තහන්චිද දැන් නිති වැඩිවෙන්නේ
නොදැනිම දිනෙන් දින ගෙතුලට සිරවෙන්නේ
තනිකම දරා ගනු නොහැකිව ලතවෙන්නේ
හදවත සතුට ඔහු සොයමිනි ඉඟිලෙන්නේ
ගම විසු කපු රාළ වෙත පණිවිඩ යවලා
හනිකට දුවට හොඳ සහකරුවෙකු සොයලා
ජය හඬ මැදින පෝරුවෙ අෂ්ටක ගයලා
සැලසුම මඟුල ගන්නයි ගමටම කියලා
යුවතිය හදේ ඇති දුක් මුසු කෙදිරිල්ල
බැහැ ඉවසන්න නෙතු රජ විය කඳුලැල්ල
කුඹුරට ඇඳෙන විට මව්පිය අරුණැල්ල
පිටවිය ගෙයින් සොයමින් ඇය සැනසිල්ල
ලසොවින් හඬන තම බොළඳිය සනසාලා
මවමින් සිහින නෙතු කඳුළැලි පිසදාලා
"විසඳුම් නොමැත යමු රහසෙම පියඹාලා"
සෙනෙහෙන් කීවෙ හදවත දුක ඉපදීලා
මතු සම්බන්ධයි.........
ගායන සහය මාගේ මිතුරු රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.
👈 4 කොටසට
👉 6 කොටසට
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.

කුඹුරට ඇඳෙන විට මව්පිය අරුණැල්ල
ReplyDeleteපිටවිය ගෙයින් සොයමින් ඇය සැනසිල්ල........ ඊලග කොටසේ දී අහු වෙයිද ?
බොහෝම ස්තූතියි ඔබෙ ප්‍රතිචාරයට,
Deleteඅනේ මන්ද මේ කෙල්ල කරන දේවල්. බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා.