Sunday, November 22, 2020

සඳලතා 5

 

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

 

 



5 කොටස

අසරණ මව් පියන් තම හදවත්              රිඳිලා
"ඔහු අත හරිනු"   කීවේ තරහෙනි        බැනලා
  මට දිවි ගෙවනු බැහැ ඔහු අමතක         කරලා "
පැවසුවෙ ලතා වැලහින්නක ලෙස         අඬලා

ඇය හට තහන්චිද  දැන් නිති       වැඩිවෙන්නේ
නොදැනිම දිනෙන් දින ගෙතුලට     සිරවෙන්නේ
තනිකම දරා ගනු නොහැකිව       ලතවෙන්නේ
හදවත සතුට ඔහු සොයමිනි        ඉඟිලෙන්නේ

ගම විසු කපු රාළ වෙත පණිවිඩ          යවලා
හනිකට දුවට හොඳ සහකරුවෙකු      සොයලා
ජය හඬ මැදින පෝරුවෙ අෂ්ටක          ගයලා
සැලසුම මඟුල ගන්නයි ගමටම            කියලා

යුවතිය හදේ  ඇති දුක් මුසු            කෙදිරිල්ල
    බැහැ ඉවසන්න නෙතු රජ විය         කඳුලැල්ල    
කුඹුරට ඇඳෙන විට මව්පිය          අරුණැල්ල
පිටවිය ගෙයින් සොයමින් ඇය        සැනසිල්ල

ලසොවින් හඬන තම බොළඳිය        සනසාලා
මවමින් සිහින නෙතු කඳුළැලි           පිසදාලා
"විසඳුම් නොමැත යමු රහසෙම        පියඹාලා"
සෙනෙහෙන් කීවෙ හදවත දුක           ඉපදීලා

මතු සම්බන්ධයි.........


~~ ලියෝනි අමරතුංග ~~

 

ගායන සහය මාගේ මිතුරු රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.




2 comments:

  1. කුඹුරට ඇඳෙන විට මව්පිය අරුණැල්ල
    පිටවිය ගෙයින් සොයමින් ඇය සැනසිල්ල........ ඊලග කොටසේ දී අහු වෙයිද ?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබෙ ප්‍රතිචාරයට,
      අනේ මන්ද මේ කෙල්ල කරන දේවල්. බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.