Sunday, April 25, 2021

රත් මලියේ ........

රත් මලියේ..... ඉවසමි කලෙසක ?
මගේ ආදරය දිනූ හදවත හිමි සුකුමලිය ඔබයි.

රත් මලියේ ........

මල් දෙවැටේ වතුසුදු හිනැහුනි නැත        අරුමක්
රන් මැණිකේ ඔය මුහුණද  එවැනිම         දසුනක්
විල් තලයේ රඟ දෙන මහනෙල දැක         දවසක්
    රත් මලියේ ඉවසමි කෙලෙසක නැත        නිවනක්    

ආදර රන් කඳ මගෙ සුකුමලි                පෙම්බරය
සාගර නිල් දිය රළ පෙළ ලෙස                සුන්දරය
දේදුනු වන් දෙබැමද, සිනහව                  පින්බරය
නාඹර බැල්මට බැඳි හදවත                   මල්වරය

පැල වෙත ගෙන යනතුරු සිතිවිලි මගෙ පොරකයි
මතු දින ඔය සුවඳට කෙත ලියලනු          නියතයි
ගෙල බැඳි මුතු දෙපොටට දෙනයන හැඩ   කරවයි
මල වට බිඟු රඟදෙනු දැක අප පෙම       සිහිවෙයි

(රවුළු ඡන්දස - සම විරිත් ඇසුරිනි )

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Monday, April 19, 2021

ඔබ කොහෙද......

ඔයා මා ලඟ නැතත්.... මට දැන්නෙන්නේ ලඟම ඉන්නවා කියලා. ඉතින් පෙම්වත...
ඉඩදෙන්න මට ඔය සෙනෙහස විඳගන්න.
 
සිටියා බලා ඔබ එනතුරු බොඳවු      නෙතින්
සැලුනා බියෙන් ඈතක යනු දුටිමි         සිතින්
බැලුවා හැරී ආමඟ අප දෙහද            වතින්
හැර යා නොහැක ආපසු ආ යුතුය       ඉතින්

සිහිවිය බැඳුනු සෙනෙහස හද නිබඳ     සැලේ
බොඳවිය මතක සටහන් රළ බිඳෙන      ජලේ
හිමි ඔබ නිසා මා නැවතත් මෙලොව     තලේ
බිහි වූ නමුදු ළඟ නැති කල කිමද         පලේ

 සුපුරුදු සුවඳ අරගෙන දුර ඈත          කොනේ
ඔබ කොයි කොහේ සිටියත් ළඟ බවම    දැනේ
තුරුළුව විඳින්නට උනුහුම නිමල         සෙනේ
ඉඩදෙනු තුටින් ඔය හදවත නැමති      ලෙනේ

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, April 13, 2021

ඔබ සැමට සාමය සතුට සපිරි සිංහල අළුත් අවුරුද්දක් වේවා!

ඔබ සැමට සාමය සතුට සපිරි 
සිංහල අළුත් අවුරුද්දක් වේවා!

ඉපදුන බාල විය ගතකළ සොඳුරු         බිමයි
නෙක ඵල වැලින් පෝෂිත පින්සාර     කෙතයි
වඳුලේ රඟන සියොතුන්ගේ මිහිරි         නදයි
දෙනයන පිනයි මගෙ හදවත සලිත      කරයි

නිලඹර වලාවන් රූ සිතුවම්                 මවන
    සිසිලස ගෙනෙන නෙක තුරු නළවන     පවන    
කිරිවැදි බන්ඩි ගොයමද දෙනයන        පිනන
පිවිතුරු ගැමි සුවඳ ඇතිදෝ වෙන    කොතැන

සවනත පිනන රස හඬ මැව් උණ         පඳුරු
         දැහැනත බිඳියි හෙමිහිට දෙසවන        තැවරු         
එරබදු මලින් පිරි මනරම් දොළ            ඉවුරු
මතුකළ හැඟුම කරනට නොහැකිය      අකුරු

මවමින් සිරිය කොවුලා රඟදෙයි         සිත්සේ
දසතින් හඬයි ගිනි කෙළි තුන් යම      තිස්සේ
එබිකම් කරයි මුං ගුලි දුම උඩ           මැස්සේ
රඹකැන් තුටිනි ගහකින් හෙමිහිට      බැස්සේ

කෝවිලෙ, පල්ලියේ, පන්සලෙ බුදු        මැදුරේ
නාදෙන් ඔකඳවූ මිහිරෙන් කිරි             ඉතිරේ
ජීවන ගමන සව් සත වෙත සෙත        පැතිරේ
මේ සුභ පැතුම් ඔබ සැමටයි මගෙ        මිතුරේ

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Wednesday, April 7, 2021

ඒ අතීතය හුඟාක් ඈතයි වගේ දැනෙන්නේ මට විතරමද?
කියන්න........
ඔයාටත් එහෙම දැනෙනවා ද ..?
 
මියැදෙයි බොඳවීලා

ඔබ හා ගෙවූ මතකේ මං         පෙතේහි
තනි වී ගිමන් හරිමින් සිටි        වෙලේහි
සිතිවිලි විහඟ කැල මා හද      ලෙනේහි
දිවයයි සුසුම් හෙලමින් දස        අතේහි

තනමින් මියුරු කවි වැල් මන    තුටුවීලා
ගයමින් තාලයට එම පද         නැළවීලා
 සොයමින් එහි අරුත මා හා     හිනැහීලා 
  ගෙවමින් තිබු යුගය මියැදෙයි  බොඳවීලා  
 
~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, April 2, 2021

සමාවනු සමිඳේ .. පව්කරුවකු වන මා හට...

" සමාවනු සමිඳේ .. "

රළු ගල් බොරළු මත පැටලී හැපී         වැටි
දෙනු ලෙස විමුක්තිය ඔබ යන අයුරු    දිටි
 සමිඳුණි අහෝ... මා කල මහ පවක   හැටි
දෙනු මැන සමා අයදිමි පා මුලෙහි      වැටි

ගෙන කුරුසියද නගිමින කල්වරි      මුදුන
දෙවිපුතු ජේසු මරු තුරුලට යන      ගමන
දැක වාවනු කෙලෙස හදවත පව    පිරු

එමි පසුතැවිලිවී ඔබ පසුපස           නිතින

    අනෙකකු සතු දෙයට ලොබ බඳිමින කුරිරු     
සිතිවිලි තුළම ගිලෙමින් දිවි ගෙවු     වියරු
කිලිටිවු හදවතට  සැමවිට විස       තැවරු
වගුරනු මැනව ඔබගේ  සුවිසුදු        රුහිරු

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.