Friday, April 2, 2021

සමාවනු සමිඳේ .. පව්කරුවකු වන මා හට...


" සමාවනු සමිඳේ .. "

රළු ගල් බොරළු මත පැටලී හැපී         වැටි
දෙනු ලෙස විමුක්තිය ඔබ යන අයුරු    දිටි
 සමිඳුණි අහෝ... මා කල මහ පවක   හැටි
දෙනු මැන සමා අයදිමි පා මුලෙහි      වැටි

ගෙන කුරුසියද නගිමින කල්වරි      මුදුන
දෙවිපුතු ජේසු මරු තුරුලට යන      ගමන
දැක වාවනු කෙලෙස හදවත පව    පිරු

එමි පසුතැවිලිවී ඔබ පසුපස           නිතින

    අනෙකකු සතු දෙයට ලොබ බඳිමින කුරිරු     
සිතිවිලි තුළම ගිලෙමින් දිවි ගෙවු     වියරු
කිලිටිවු හදවතට  සැමවිට විස       තැවරු
වගුරනු මැනව ඔබගේ  සුවිසුදු        රුහිරු

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~



සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

No comments:

Post a Comment