Wednesday, April 7, 2021

අතීතය සිහිනයක් පමණයි..

ඒ අතීතය හුඟාක් ඈතයි වගේ දැනෙන්නේ මට විතරමද?
කියන්න........
ඔයාටත් එහෙම දැනෙනවා ද ..?
 
 
මියැදෙයි බොඳවීලා

ඔබ හා ගෙවූ මතකේ මං         පෙතේහි
තනි වී ගිමන් හරිමින් සිටි        වෙලේහි
සිතිවිලි විහඟ කැල මා හද      ලෙනේහි
දිවයයි සුසුම් හෙලමින් දස        අතේහි

තනමින් මියුරු කවි වැල් මන    තුටුවීලා
ගයමින් තාලයට එම පද         නැළවීලා
 සොයමින් එහි අරුත මා හා     හිනැහීලා 
  ගෙවමින් තිබු යුගය මියැදෙයි  බොඳවීලා  
 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

No comments:

Post a Comment