Sunday, April 25, 2021

රත් මලියේ ........

රත් මලියේ..... ඉවසමි කලෙසක ?
මගේ ආදරය දිනූ හදවත හිමි සුකුමලිය ඔබයි.



රත් මලියේ ........

මල් දෙවැටේ වතුසුදු හිනැහුනි නැත        අරුමක්
රන් මැණිකේ ඔය මුහුණද  එවැනිම         දසුනක්
විල් තලයේ රඟ දෙන මහනෙල දැක         දවසක්
    රත් මලියේ ඉවසමි කෙලෙසක නැත        නිවනක්    

ආදර රන් කඳ මගෙ සුකුමලි                පෙම්බරය
සාගර නිල් දිය රළ පෙළ ලෙස                සුන්දරය
දේදුනු වන් දෙබැමද, සිනහව                  පින්බරය
නාඹර බැල්මට බැඳි හදවත                   මල්වරය

පැල වෙත ගෙන යනතුරු සිතිවිලි මගෙ පොරකයි
මතු දින ඔය සුවඳට කෙත ලියලනු          නියතයි
ගෙල බැඳි මුතු දෙපොටට දෙනයන හැඩ   කරවයි
මල වට බිඟු රඟදෙනු දැක අප පෙම       සිහිවෙයි

 
(රවුළු ඡන්දස - සම විරිත් ඇසුරිනි )

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~



සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 


No comments:

Post a Comment

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.