Showing posts with label කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන. Show all posts
Showing posts with label කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන. Show all posts

Saturday, October 17, 2026

කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන 1 - ( ශනිදා දහයට)

- නිසල දෙපයට සවියක් වූ ආදරයක කතාව -




 1  කොටස 

දළුපොත නමිනි හෙළ දෙරණට සිරි      මවපු

ඵලබර ගමකි සරු කෙත් වතු මැදි       කරපු

තම දරු පැටව් හා නිදුකින් දිවි           ගෙවපු

පවුලකි වැජඹුණේ සෙනහස නිති          විඳපු


පැසසුම් ලබා සිප් නැණයෙන් ලොව       දින්න

කුසුමන් ලෙසට එක ඉත්තට බර            දුන්න

දුටුවන් සතුටු වන යහගුණ නිති            දන්න

දරුවන් අඹරෙ සුදිලෙන රන් තරු        වැන්න




එක එක දරුව තම කල වයසද           සපිරු

හෙළ කුල සිරිත මත බැඳ ආදර           පවුරු

තනනට කැදැලි සුවඳැති කුසුමෙන       ඇතිරු

ඉඟිළල ගියේ තුටු කඳුළිනි නෙත           ඉතිරු

 

අද මෙම කතාවේ මුලසුන අර             ගන්නි

එම නිවසෙහිම විසු බඩපිස්සිය            වන්නි

හරි හැඩකාරි ගමටම සිරි ගෙන          එන්නි

දුටු වන සිත් සතන් නිතැතින් බැඳ       ලන්නි




වත පියකරුය සමවෙයි පුන්සඳ       සොඳුරු

දිදුලන නයන පරදයි විකසිත             තඹරු

දෙබැමද වැනිය ඉඳුදුනු නිලඹර          ඇතිරු

සුරලිය පරදවන යුවතිය හරි             මියුරු





මතු සම්බන්ධයි...... 


👉 2 කොටස  බලාපොරොත්තු වන්න.


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. (මෙහි අන්තර්ගත සිතුවම් AI තාක්ෂණය භාවිතයෙන් කළ නිර්මාණ වේ). මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Thursday, August 6, 2026

සෙනෙහසේ විරාජිත ගමන

 







'සෙනෙහසේ විරාජිත ගමන' 

වරෙක නිදහස් ආරෙකට හා තවත් වරෙක විරිතට මගේ හිතේ උපදින අදහස් කවියට නගන අතරම.., සුපුරුදු පරිදි තවත් රසබර කවි කතාවක් රැගෙන ඉතා නුදුරේම ඔබ හමුවට එන්නයි මගේ මේ වෑයම. 

මේ වනවිට මා මනසේ උපන් කතා කිහිපයක් ම කවියට නගා ඇති බව දන්වන්නේ ඉතා සතුටිනි. ඔබගේ කැමැත්ත පරිදි පහත පෙන්වා ඇති ලින්ක් මඟින් එම කතා මුල් සිට අගට එක දිගට රස විඳින්න හැකියි. 


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.