Monday, September 25, 2023

ආගමනය

 

~~ ආගමනය ~~

කලක නිහඩ බව
බිදිමින මගේ තුන් හිත
ගොතමින රස පද
යලිදු පැමිනෙමි මිතුරු කැල වෙත

ගෙවුණු කාලය තුල
සොයමින මගේ වතගොත
කවියට අත හිත
පැතු සැමට තුති පුදමි අදරින

යලි නොගොස් ඇතට
රැදෙමින ඔබේ හිත ළඟ
නව පද ගොතනට
දෙනු මැන සහය නොවී පසුබට

( පියුම් ගී විරිත ඇසුරෙන්  ) 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු.. 

වසම්හි අටමත්
සම පෙදේ ඇර තුදුරෙන්
මතෙක්හළිති බඳු යේ
පියුම් නම් වේ හෙ මෙසේ.

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.