යයුරු රළ පෙළ සිහින සඟවා
නොඑන ලෙස යලි දුරක යනවා
පිපෙන පෙණ පිඩු සිසිල රදවා
සිනිදු දෙපයට සුවය සැදුවා
නැගෙන මතකය මහද රිදවා
පෙළන නෙතුකොණ කඳුළු පුරවා
තෙපලු වදනට අරුත බඳවා
පුදන ලද පෙම කොහෙද ඇසුවා
ගිලෙන සැඩ හිරු කියන කොඳුරා
රහස හෙමිහිට හදෙහි අතුරා
සිහින පොකුරක සිතුසෙ අසුරා
නුඹගෙ තුරුලට එවමි ඉඳුරා
(සෙල් ඡන්දස ට අයත් මිණිපොකුරු විරිත ඇසුරෙන් )
~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
No comments:
Post a Comment