මල වට රැඟු මත් බිඟුසේ
සිඹ සිඹ රොණ ගනිති රිසේ
යලි යලි තුට විඳ රිසිසේ
පැනයයි උන් හොර රහසේ
දුව පහනකි අප නිවසේ
දිළි දිළි සුව විඳි මිණි සේ
තැන තැන යන සිත රහසේ
රැකගනු පුත තම පණ සේ
මතුවී උණු කඳුළු නෙතේ
ටික ටික හද දවනු ඇතේ
දින දින පිපි මල් දසතේ
පොඩිකර උන් සැඟව යතේ
(උතු ඡන්දස - යොන්මත්වැල විරිත ඇසුරෙන්)
~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦

මෙය මතුපිටින් බැලූ විට දියණියක් රැකගැනීම පිළිබඳ පියෙකුගේ ආදරණීය අවවාදයක් ලෙස පෙනුණද, ගැඹුරින් විමසා බැලූ විට එය අහිංසකත්වය, සුන්දරත්වය සහ වටිනාකම් බලවත් හා ආත්මාර්ථකාමී බලවේගයන් විසින් සූරාකෑමට ලක්වන ආකාරය පිළිබඳ සංවේදී ශෝක ගීයක් ලෙස අර්ථ දැක්විය හැකිය.
ReplyDeleteඔව් ඔබ හරි. බැලු බැල්මට දියණියකට දෙන ගැඹුරු අවවාදයක්. හැම වැඩිහිටියෙක් ම එක එක විදිහට දෙන අවවාද වල ගැබ් වෙන්නේ මේ ටිකම තමා.
Deleteඑත් ටිකක් ගැඹුරින් හිතුවත් මේ ලෝකය විසකුරුයි. මොන පැත්තෙන් බැලුවත් දුබලයා පෑගෙනවා
බොහොම ස්තූතියි මගේ කවි රස විඳින්න සිතිවිලි නිවහනට ගොඩ වැදුනාට
+++++++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි ඔබට මගේ කවි රස විඳින්න මගේ සිතිවිලිමංපෙත නිවහනට ගොඩ වැදුනාට.
Delete