Saturday, October 28, 2023

පෙර මඟ බලමි (ශනිදා දහයට)

පෙර මඟ බලමි  

දිවි සම හිමියනි 
නොසිතු ලෙස ඔබ පිටවුනි
හදගැබ කැලඹුණි  
නෙතු යුගෙහි උණු කඳුළ රජවුනි 

අසනෙමි කරුණක් 
කිමද ඇදුනේ වෙනතක් 
සුළු හෝ වරදක් 
වුනිද කිවමැන මගෙන් මෙතුවක් 

පවසමි රහසක් 
ඇදුනු පසු ගව් ගණනක් 
සෙනෙහයෙ ලකුණක් 
වැඩුනි කුසතුල ලදිමි සතුටක් 

තනි වුන දින සිට
පොරකති බඹරු මලවට 
සැඟවිල වසනට 
දැරුව තැත නොම දනී රට තොට 

සිරිදුව සමඟින 
පිවිතුරු කමද රැකගෙන 
පුතු තුරුලට ගෙන  
දිවිය තරණය කලෙමි කඳුළින 

පුතු මගෙ පණ නල 
නිම කර සතර නිසිකල  
දකිනට හසරැළ  
දුනිමි ඔවදන් මැදින කඳුළැල

නිසි කල එලබින
පිටවිය කාර බඳිමින 
ලැබ දූ දරුවන 
වෙසෙන බව දැනගතිමි නිදුකින

දිවියෙහි පැරදුම 
දසතින් ලබත් ගැරහුම 
හදගැබ රහසෙම  
සතුට සමරයි ලැබුව ජයබිම 

පාලුය හදවත 
වාගෙම තනිවු සඳවත 
සීනය විකසිත 
ඒවි කියලයි මගේ රන් පුත

පිරිවර සමඟින
දකිනු රිසි යලි එන දින
අතැඟිලි ගනිමින 
බලමි පෙරමඟ බොඳවු දෙනෙතින 

පියුම් ගී විරිත ඇසුරෙනි  )

ඇය හැරදා ගිය ඔහු ගේ පාපොච්චාරණය 👉

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, October 20, 2023

ඔබ මට වාසනාවන් (ශනිදා දහයට)

සෙනෙහෙන් සැදුම් ලත් අමයුරු මියුරු  තෙද
හැඟුමෙන් ලයට තෙරපී සුව විඳින         ලද
පැතුමන් එතී ආ මිහිරක අරුම              පද
අතරින් තෙපුල් දිය දිවියට අරුත          බැඳ

තවමත් එදා මෙනි වෙනතක නැති      බැඳිලා
සතුටක් වෙසින් රජ වෙන සෙනෙහයෙ  එතිලා
සහසක් පැතුම් තෙරපෙයි හද විල       පිපිලා
මදහස් මුවින් කොඳුරයි ඔබ මගෙ      කියලා

ලඟ දැවටෙමින බිඟු ලෙස සියුමැලි     මලට
දුක හා සැපත සම ලෙස මුසුකර       පෙමට
හද නැඟි සුසුමකින් දී උණුහුම           බරට
වෙනු මැන වාසනාවන් අද වගෙ        හෙටට

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, October 13, 2023

නොමියෙන සෙනෙහස

දැනි සෙනෙහසට පණ පෙව් ජීවිත     අඹරේ
මගෙ සුදු මැණික නුඹ විය දියබිඳ    කතරේ
ගත අඩපනව මියැදෙන අනියත        සසරේ
විඳි පෙම් සුවඳ සුරැකිව ඇත හද    ගැඹරේ

දරු මුණුබුරන් හා සතුටින ගත        කෙරුව
දින අවසන්ය උන් හට ඇත ලොව       හුරුව
අප හට අපව හිමිවිය සෙනෙහස        දැරුව
යමු ඉදිරියට පැදගෙන යලි දිවි           ඔරුව

~~  හැමිල්ටන් ලියෝනි අමරතුංග  ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, October 6, 2023

සුබ පැතුම්

 යුග දිවියට සු'පැතුම්  

පතිනිය ලෙස අතිනත ගෙන මුව හසරැලි             පාලා
දියණිය ඔහු හා යන අප නිවසට සමු                   දීලා
ගතවන සැම මොහොතම සෙනෙහස් ගඟුලෙනි    නාලා
වැජබෙනු මැන සතුටින පළදා පෙම් ලොව           මාලා

පණ මෙනි නුඹ රැක්කේ ජීවිත කාලය              තිස්සේ
සිත සතුටකි වින්දේ රැජිනකි හදවත               අස්සේ
දිවි මතු ජය වෙන්නේ නොතෙමෙනු දුක්ගිණි    වැස්සේ
නුබ දිළි තරුවක් සේ ඔහු හා සැනසෙනු          රිස්සේ

පියවර නගනා මඟ පාවඩ,  මල්                  ඇතිරේවා
කඳුළැලි වියැළී දිවි ගඟ සතුටින්                   ඉතිරේවා
දරුකැල මතු සම්පත රන් තරු මෙන්             සුදිලේවා
කොතැනක කෙලෙසින් සිටියත් නිදුකින්        වැජබේවා

තෙතෙන්  ඡන්දස -  සෝදෑමිනි විරිත ඇසුරෙන්   ) 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු.. 

ගුරුහිම් නැත'න් තැන
ය ගණක් කෙලත යොදමින්
දෙවිසි මතින් බඳුයේ
සෝදැමිනී නම්වේ
 
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.