පතිනිය ලෙස අතිනත ගෙන මුව හසරැලි පාලා
දියණිය ඔහු හා යන අප නිවසට සමු දීලා
ගතවන සැම මොහොතම සෙනෙහස් ගඟුලෙනි නාලා
වැජබෙනු මැන සතුටින පළදා පෙම් ලොව මාලා
පණ මෙනි නුඹ රැක්කේ ජීවිත කාලය තිස්සේ
සිත සතුටකි වින්දේ රැජිනකි හදවත අස්සේ
දිවි මතු ජය වෙන්නේ නොතෙමෙනු දුක්ගිණි වැස්සේ
නුබ දිළි තරුවක් සේ ඔහු හා සැනසෙනු රිස්සේ
පියවර නගනා මඟ පාවඩ, මල් ඇතිරේවා
කඳුළැලි වියැළී දිවි ගඟ සතුටින් ඉතිරේවා
දරුකැල මතු සම්පත රන් තරු මෙන් සුදිලේවා
කොතැනක කෙලෙසින් සිටියත් නිදුකින් වැජබේවා
( තෙතෙන් ඡන්දස - සෝදෑමිනි විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
ගුරුහිම් නැත'න් තැනය ගණක් කෙලත යොදමින්
දෙවිසි මතින් බඳුයේ
සෝදැමිනී නම්වේ
සුබ මංගලම් කිව්ව... කපල් එකට 💍💐!
ReplyDeleteබොහෝම ස්තුතියි හොදේ.
Deleteආ සෑහෙන කාලෙකින්!
ReplyDeleteඔව් ....!
Deleteදැන් ඉතින් මගේ කවි බලන්න එකතු වෙන්නකෝ ඔයාත්.
අපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!
ReplyDeleteහා මම වැඩසටහන බැලුවා. හොඳයි විනෝද ජනකයි. දිගටම කරන්නකෝ. මගේ බ්ලොග් එකේ ඔයාගෙ බ්ලොග් එක ඇඩ් කරලා තියෙන නිසා බලන්න පහසුයි.
Deleteකැමති නම් ඔයාගේ බ්ලොග් එකට මාවත් එකතු කරන්න.
සුබ මංගලම්!
ReplyDeleteමම මූකලං බස්සෙක්. ඉන්නෙ ස්කාබරෝ වල බර්ච් ගහක.
බොහොම ස්තුතියි සුබ පැතුමට.
Deleteමීට කලින් නම් අහලා තිබුනෙ නෑ ස්කාබරෝ වල මුකලන් බැස්සො ඉන්නවා කියලා. එයාල කැමති බර්ච් ගස් වලට විතරමද?
මගේ බ්ලොග් එකට ඔබව ඇඩ් කර ගන්නද?
මම අන් සතු බ්ලොග් වලට යන්නේ මගේ බ්ලොග් රෝලෙන් නොව sandhakadapahana.blogspot.com සින්ඩියෙනි. ඒ නිසා මට ඔබව මග නොඇරේවි.
ReplyDelete"බ්ලොගර්" මොකක්දෝ පිස්සුවක් කෙළලා දැන් බ්ලොග් රෝලට එකතු කරණ්න දෙන්නේ බොලොග් 10ක් විතරයි.
මේ සින්ඩියට ගිහින් බලන්නකෝ
ආ... ඒ ගැන හිත කරදර කර ගන්න එපා. මම නිකමට සදහන් කලේ. අපහසුතාවයක් උනා නම් සමාවන්න.
Deleteනමියා කිව්වෙ මෙහෙම එකක් තියෙනවා කියලා. ඉතින් ආව කියවන්න. කැමතිනම් අපේ පැත්තෙත් ගොඩවෙලා යන්න.
ReplyDeletehttp://drackey.blogspot.com
(මට පේන විදිහට මම කලිනුත් මේ පැත්තෙ ඇවිත් තියෙනව වගේ...)
බොහොම ස්තුතියි ආවාට. තේ එකක් එහෙම බොමුද? ඔව් කලින් ඇවිත් තියෙනවා.
Deleteඅනේ ඔව් එදා මෙදා තුර මගේ ගමනට නොපැකිලවම අත හිත දෙන කෙනෙක් තමයි නමියා.
මගේ බ්ලොග් එකට ඔබව ඇඩ් කරන්නම් කමක් නැද්ද?