Monday, September 25, 2023

ආගමනය

 

~~ ආගමනය ~~

කලක නිහඩ බව
බිදිමින මගේ තුන් හිත
ගොතමින රස පද
යලිදු පැමිනෙමි මිතුරු කැල වෙත

ගෙවුණු කාලය තුල
සොයමින මගේ වතගොත
කවියට අත හිත
පැතු සැමට තුති පුදමි අදරින

යලි නොගොස් ඇතට
රැදෙමින ඔබේ හිත ළඟ
නව පද ගොතනට
දෙනු මැන සහය නොවී පසුබට

( පියුම් ගී විරිත ඇසුරෙන්  ) 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු.. 

වසම්හි අටමත්
සම පෙදේ ඇර තුදුරෙන්
මතෙක්හළිති බඳු යේ
පියුම් නම් වේ හෙ මෙසේ.

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

6 comments:

  1. ඔබේ අළුත් කවි කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  2. නිර්මාණාත්මක රස පදවැල් පහස විඳින්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. එය එසේම වේවා කියා පතමි.

      Delete
  3. දිගටම නිර්මාණ ඉදිරිපත් කරමු. අගෙයි 🙏

    කයි විරිතෙ විස්තරයත් දැම්ම එක මරැ!

    ReplyDelete
    Replies


    1. බොහොම ස්තුතියි. දිගටම ඉන්න තමා හිතා ගෙන ඉන්නේ.

      Delete