Friday, November 27, 2020

සඳලතා 6

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

6 කොටස

ලසොවින් හඬන තම බොළඳිය        සනසාලා
මවමින් සිහින නෙතු කඳුළැලි           පිසදාලා
"විසඳුම් නොමැත යමු රහසෙම        පියඹාලා"
සෙනෙහෙන් කීවෙ හදවත දුක           ඉපදීලා 

"සැමටම රහසෙ අපි ගෙදරින් පැන        ගනිමු
මගෙ මව වෙසෙන ගම වෙත හනිකට   ඇඳෙමු
නුදුරෙම දිනෙක මංගල ජය ගොස         නගමු 
  සැලසුම නොබිඳ සිත සතුටින් මුණ      ගැසෙමු "

මව සහ පියා එනු පෙර දිව ගියෙ         ගෙදර
ඇති වැඩ සැමද නිම කර සෝදා          සිරුර
රෙදි පිළි අසුරලා එනු පෙර ගණ           අඳුර
සඟවල තැබුවෙ පහසුවටයි ප්‍රිය           මිතුර

දැවෙමින් නිවස තුල හෙලමින් සුසුම්        දිග
සිතමින් ගත කලා කෙළිලොල් පැතුම්      දඟ
 අවසන් දවස් දෙක තම මව් පියන්          ළඟ 
කඳුලින් බොඳ කළා නිල්වන් නුවන්         යුග

කොලුවා පැමිණි වාහනයේ හඬ           ඇහිලා
 සියලුම අවැසි දේ ගෙන පෙර තැබු        ඔතලා 
සුවසේ නිදන මව්පිය පා යුග               වැඳලා
පිටවුනෙ පෑළ දොර හොර රහසෙම       ඇරලා

මතු සම්බන්ධයි.........

ගායන සහය මාගේ මිතුරු රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  5 කොටසට 

👉  7 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Sunday, November 22, 2020

සඳලතා 5

 සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

5 කොටස

අසරණ මව් පියන් තම හදවත්              රිඳිලා
"ඔහු අත හරිනු"   කීවේ තරහෙනි        බැනලා
  මට දිවි ගෙවනු බැහැ ඔහු අමතක         කරලා "
පැවසුවෙ ලතා වැලහින්නක ලෙස         අඬලා

ඇය හට තහන්චිද  දැන් නිති       වැඩිවෙන්නේ
නොදැනිම දිනෙන් දින ගෙතුලට     සිරවෙන්නේ
තනිකම දරා ගනු නොහැකිව       ලතවෙන්නේ
හදවත සතුට ඔහු සොයමිනි        ඉඟිලෙන්නේ

ගම විසු කපු රාළ වෙත පණිවිඩ          යවලා
හනිකට දුවට හොඳ සහකරුවෙකු      සොයලා
ජය හඬ මැදින පෝරුවෙ අෂ්ටක          ගයලා
සැලසුම මඟුල ගන්නයි ගමටම            කියලා

යුවතිය හදේ  ඇති දුක් මුසු            කෙදිරිල්ල
    බැහැ ඉවසන්න නෙතු රජ විය         කඳුලැල්ල    
කුඹුරට ඇඳෙන විට මව්පිය          අරුණැල්ල
පිටවිය ගෙයින් සොයමින් ඇය        සැනසිල්ල

ලසොවින් හඬන තම බොළඳිය        සනසාලා
මවමින් සිහින නෙතු කඳුළැලි           පිසදාලා
"විසඳුම් නොමැත යමු රහසෙම        පියඹාලා"
සෙනෙහෙන් කීවෙ හදවත දුක           ඉපදීලා

මතු සම්බන්ධයි.........

ගායන සහය මාගේ මිතුරු රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  4 කොටසට 

👉  6 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, November 17, 2020

සඳලතා 4

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

 4 කොටස

  කාලය ගෙවෙන සඳ මෙලෙසට         නොදැනීම  
මෝරන සෙනෙහෙ පිබිදුනි හද            පතුලේම
ආගිය මගෙහි  සුරතෙහි වෙලි             සිතුසේම
පාවෙන සිහින මත කිමිදුණි              රහසේම

වැඩිහිටි ඇකයෙ හුරතලයට සිටි            දැරිවි
අග මුල නොදත් ආදරයක ඇත             සිරවි
ගතවන සෑම මොහොතම හද තුළ         ගුලිවි
 ඇති රුව සොයා වෙහෙසෙයි ලොවටම   සැඟවි 

 සවසට පැමිණි කල තම දියණිය          ගෙදර 
මදහස  නගයි සතපා දෙනයන              අඹර
සොයනට යෙදුන කල එය හෙමිහිට     කොඳුර
සැලවෙන ලදිය සඟවන පෙම්බර           ඇසුර

කලබල වෙලා මව් පිය දෙදෙනම          විගසේ
සොයනට පෙළඹුනේ තොරතුරු හොර   රහසේ
   මුළු දවසේම ඇවිදින තැන තැන         සිතුසේ   
කෙනෙකුලු ගැලපුනේ නැත පවුලට       රිසිසේ
 
අසරණ මව් පියන් තම හදවත            රිඳිලා
"ඔහු අත හරිනු"   කීවේ තරහෙනි      බැනලා
  මට දිවි ගෙවනු බැහැ ඔහු අමතක       කරලා "
පැවසුවෙ ලතා වැලහින්නක ලෙස         අඬලා

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  3 කොටසට 

👉  5 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, November 13, 2020

සඳලතා 3

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

3 කොටස

විහිදන මුදු සුවඳ විකසිත වුනු                කුසුම
එදෙසට ඇදෙයි බඹරුන්   නොමවෙනු        පුදුම
ඔවුනට දැනුනි ළය සිරකල එම                 රිදුම
සෙනෙහස මුසුව උපදින සුසිනිදු               සුසුම

ගිරවුනි ලිහිණියනි ගගනේ සරන            රුවේ
පැහැබර ඵල වැලින් හෙබි පෙම් සිහින   ලොවේ
දැනුනිද තුරුණු හදවත විඳි නිමල           සුවේ
තුරුළක පහස දැනි සිතිවිලි මිලින        නොවේ

ආලෙට බැඳුනු සිව් මසකුදු            එළබෙන්නා
සාලිය අශෝකා මාලා මෙනි                දෙන්නා
සාගර පරදනා ලෙස සෙනෙහස          පෙන්නා
ආදර සොඳුරිගෙන් මෙලෙසට          විමසන්නා

“ හිතෙනව එතෙර රැකියාවක      නියැලෙන්න 
අදහස ඔබේ නොපැකිල මට             පවසන්න”
එනමුදු ඇගේ සිත නැහැ මෙහි          තනිවන්න
කැමතියි වගේ ඔහු තුරුළෙම        නැළැවෙන්න

  කාලය ගෙවෙන සඳ මෙලෙසට        නොදැනීම  
මෝරන සෙනෙහෙ පිබිඳුණි හද         පතුලේම
ආගිය මගෙහි සුරතෙහි වෙලි            සිතුසේම
පාවෙන සිහින මත කිමිදුණි             රහසේම

මතු සම්බන්ධයි.........

ගායන සහය රෝහණ දිසානායක
මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  2 කොටසට 

👉  4 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Monday, November 9, 2020

සඳලතා 2

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

~~ සඳලතා ~~

2 කොටස

අහවර කර සිටියි පාසැල් විය              සොඳුරු
ඔසවයි දෙපා ලොව වෙත මල් කෙමි       ඇතිරු
කළඹන කලට සිතිවිලි හද තුළ              නුහුරු 
මදහස නැගෙයි දෙතොලට නොසිතන      අයුරු 

ගෙවනා කලට දිවි සිරවී තුළ                 නිවස
ලැබුනේ කුඩා රැකියාවකි නිවි                පවස
යනෙනා අතර සේවෙට උදයෙද              සවස
දුටුවේ කදිම කොලු ගැටයෙකි හැම          දවස

හිසකෙය බොකුටු උඩු රැවුලද ඇති        මුහුණ
උස සහ මහත ඊටම ගැලපෙන            ලෙසින
හිනහෙන විටදි ආඩම්බර කම            පෙරෙන
හමුවන සැමගෙ සිත යයි ඔහු වෙත       නිතින

දෙදෙනම  නෙත ගැටුණි යනඑන මඟ     දෙපස
දෙනුවන රැඳුනු බැල්මෙන්  අයදියි          පහස
වටපිට බලා ලංවී දවසක                     සවස
මුමුණන ලදිය ඔහු සිත තෙරපෙන         රහස

සුවඳක් විහිදුවයි විකසිත වුනු                 කුසුම
බඹරුන් ඇදෙයි එදෙසට නොමවෙනු        පුදුම
ඔවුනට දැනුනි ළය සිරකල එම                රිදුම
සෙනෙහස මුසුව උපදින සුසිනිදු              සුසුම

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👈  1 කොටසට 

👉  3 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Wednesday, November 4, 2020

සඳලතා 1

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

සඳලතා

1 කොටස

හද පිරි තුටින් ඔබ සැම දෙන         පිළිගන්නේ
සැම දෙවි නැමද මුලසුන අද       හොබවන්නේ
ඇගෙ දිවි ගමනෙ රස තොරතුරු   ගෙනඑන්නේ
හොඳ හැටි යොමා දෙසවන එය      විඳගන්නේ

සුපතල තැනකි බැද්දේගම හෙල         දෙරණ
වැජබෙන කුඩා පවුලකි සැම දැන         හැඳින
නිලමෙද ටිකිරි මැණිකා ගෙද ලොව      දිලෙන
දුව සඳලතා වෙයි නිවසට සිරි            ගෙනෙන

හොඳ හැදියාව සංවර කම ඇත           පිරිලා
තෙපලන වදන් ගෙයි මිදුලට නැත        ඇහිලා
පහලට හැලෙන ගවුමද දණඉස          වැහිලා
කදිමට පීරලා දිගු වරලස                ගොතලා

අහවර කර සිටියි පාසැල් විය           සොඳුරු
ඔසවයි දෙපා ලොව වෙත මල් කෙමි     ඇතිරු
කළඹන කලට සිතිවිලි හද තුළ           නුහුරු 
මදහස නැගෙයි දෙතොලට නොසිතන   අයුරු 

මතු සම්බන්ධයි.........

මුල් කවරයේ ගෞරවය මාගේ මිතුරිය රසාදරි ට.

👉  2 කොටසට   

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Monday, November 2, 2020

සඳලතා

ආදර යහළු  යෙහෙළියනේ..

සවන් දෙන්න රස විඳින්න ඔබත් ගයන්න...
මේ ඇගේ කතාවයි....

ඔබගේ රසවින්දනය සඳහා මගේ පන්හිඳෙන් හැඩවූ " සඳලතා " කවිකතාව, මගේ මුතුරියක් වන රසාදරි මෙන්ඩිස් ගේ තෙලිතුඩෙන් හැඩවී නව මුහුණුවරකින් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.
 
ස්තුතියි.

👉  1 කොටසට 