ලන්ද පිරිමැද හමන සිසිලස
වින්ද මුවඟට නැඟුනි මදහස
පුෂ්ප සහසක් පිරුණු තුරුහිස
දැක්ක සඳ සිත නිවුනි සරතැස
තුරින් තුර ඉඟිලෙනා සියොතුනි
සුමුදු මලකට පෙ'බැඳි බඹරුනි
වෙරළ සිඹිනා බුබුළු කැටියෙනි
තෙපි ගෙ තුට දැක මහද පිබිඳුනි
එතැයි ඔහු මෙහි නුදුරු දිනයක
රැගෙන සෙනෙහස තරමෙ වියතක
විඳිමු හද රැඳි මිහිර හමුවක
ලබමු මොහොතක සුවය සුසුමක
( දොඹ විරිත ඇසුරෙන්)
පාදයකට මාත්‍රා 14 ක් ඇත.
මෙහි ලඝූ ගුරු භේදයක් නැතිව මුල් මාත්‍රා 10 න් පසුව සහ නැවතත්
ලඝූ ගුරු භේදයක් නැතිව මාත්‍රා 3ක් ද වෙයි
ඉන්පසු පාදාන්තයේ ලඝු අක්ෂරයකින් පසු යතිය පිහිටයි.
~~~~
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඇර මාටින්! දොඹ විරිත?😮🤔😁
ReplyDeleteකොහොම වුනත් පද පේලි ගැලපනවා කියල. කියවන කොට තේරුනා. පෙ'බැඳි, තුට වගේ වචන ලොප් කරලා රිදම් එක රකින්න ඇහැකි බව ඉගෙන ගත්තා. ස්තූතියි.👌🙏
මුලින්ම හිනාවකින් තමා පටන් ගත්තේ... ඇර මාටින් ......හි... හී ......
Deleteබොහෝම ස්තුතියි ඔබට සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි මංපෙත නිවහනට ගොඩ වැදුනාට,
ඔබ කියා ඇති පරිදි සමහර වචන මේ අයුරින් කෙටිකර ලියන්න පුලවන් රිද්මය සහ මාත්‍රා අනුව අපිට යොදාගන්න උවමනා නිසා. මොනා හරි දෙයක් මගේ කවි වලින් ඉගෙන ගත්තා නම් මටත් සතුටුයි.
ඔයාගේ කවි වල ත්තවය් එන්න එන්නම ඉහල යනව වගේ . මේ විරිත වඩා හොඳයි
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි මංපෙත නිවහනට ගොඩ වැදුනාට. මගේ කවි ටික ටික රසවත් වෙනවා කියලා දැනගත්තහම නම් සතුටුයි. ... කවි කලාවේ තාම මමත් ඉන්නේ මොන්ටිසෝරි වල වගේ තමා. යන්න තියෙන දුර ගොඩයි. සමහර විරිත් තියෙනවා ලස්සන තාල තියෙන. මේකත් ඒ වගේ එකක් තමයි. එතකොට ඕනෙම කෙනෙකුට ගයන්න ලේසියි. එහෙම උනහම රසවත් කම වැඩි වෙනවා.
Deleteදොඹ විරිත කියන එක ඉගෙනගත්තෙ අද
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි මංපෙත නිවහනට ගොඩ වැදුනාට. මගේ නිවහනට ගොඩ වෙලා මගේ කවි රස විඳලා එයින් මොනාහරි දෙයක් ඉගෙනත්තා නම් මටත් ඒක සතුටට කාරණයක්.
Deleteඉතාම ලස්සන කවියක්.
ReplyDeleteඅපි මේ දොඹ විරිත කියන විරිත හැමෝම දන්නේ නෑනේ.
අපි වගේ පාඨකයන්ට,දොඹ විරිත කියන්නේ මොන වගේ එකක්ද කියලා උදාහරණයකින් කිව්වනං ගොඩක්් වටිනවා.
උදාහරණයක් ලෙස දොඹ විරිතෙන් ගැයෙන ප්‍රසිද්ධ කවියක් හෝ ගීතයක් කිව්වනං් වටිනවා
++++++++++++++👌
Deleteදැනට දොඹ පැත්තක තියලා, විරිත කියන්නෙ මොකක්ද කිව්ව නං තමා වටින්නෙ?
මයියා ඔබට බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි මංපෙත නිවහනට ගොඩ වැදී සටහනක් තබා ගියාට.
Deleteදොඹ විරිහ ගැන ටිකක් විස්තර කරනවා නම්,
එහි ප්‍රධාන ලක්ෂණය නම්,
පාදයකට මාත්‍රා 14 ක් ඇත.
මෙහි ලඝූ ගුරු භේදයක් නැතිව මුල් මාත්‍රා 10 න් පසුව සහ නැවතත් ලඝූ ගුරු භේදයක් නැතිව මාත්‍රා 3ක් වෙයි ද ඉන්පසු පාදාන්තයේ ලඝු අක්ෂරයකින් පසු යතිය පිහිටයි.
මෙහෙම ලියවුනු ප්‍රසිද්ධ ගීතයක් හෝ කවියක් ගැන නම් මට මතකක් නෑ. කල්පනා කරලා බලලා කියන්නම් කෝ.
බසු මහත්තයෝ... බොහොම ස්තුතියි සුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි මංපෙත නිවහනට ගොඩ වදුනාට.
Deleteවිරිතක් ගැන කෙටියෙන් කියනවා නම්, ..... ලඝු , ගුරු අක්ෂර සහ යතිය, මාත්‍රා ගණන යම් යම් නියමයනට අනුව හසුරුවමින් ලියන සදැස්
පද ඇමුණුම හරිම ප්‍රියංකරයි. විරිතට අවැසි අයුරින් ගලපා රසවත් අයුරින් ලියා තියෙනවා ..අගයමි ...
ReplyDeleteසුපුරුදු ලෙන්ගතු කමින් මගේ සිතිවිලි මංපෙත නිවසට ගොඩ වැදී මගේ කවි රස විඳින්න පැමිණීම ගැන ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
Delete