Friday, March 26, 2021

ඔබ මගේම නම්,

ඔබ මගේම නම්...

උදයෙ  පිබිඳ දිලෙන හිරුගෙ රැස් අරගෙන   එන්නම්
 වනයෙ පිපෙන පියුම් නෙලා නුඹෙ හිස     දවටන්නම්
 බඹර තුඩින් ගෙන අමරස තොල් මත     තවරන්නම්
සඳුගෙ  සිසිල ගලන රැයේ ඔබ තුරුලෙම     ඉන්නම්

ඔබ පබඳින මිහිරි ගීයෙ ‍රස තාලය          වෙන්නම්
හදතුල නැගි ආදර සිතුවිල්ලට පණ          දෙන්නම්
ගත දැවටෙන සුළං රොදේ පැටලී ළඟ         ඉන්නම්
කොපුලෙහි රැඳි කියඹු වැලක් වී මුව සිප    ගන්නම්

(තෙනෙත් ඡන්දසට අයත් සෝදැමිණි
විරිත ඇසුරෙන් )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..

ගුරුහිම් නැත'න් තැන
ය ගණක් කෙලත යොදමින්
දෙවිසි මතින් බඳුයේ
සෝදැමිනී නම්වේ

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Sunday, March 21, 2021

එහෙත් අද මම තනිව

  එහෙත් අද මම තනිව

විවේකී සැන්දෑව හරිම සිත්ලන                 සුළුයි
බැහැ අහක බලන්නට ඒ තරම් පිය          කරුයි
ළඟ රැඳුනි නම් ඔයා තවත් රස මුසු          කරයි
 නමුදු අද මම තනිව සුසුමකට ගතු          කියයි  

සියොතුන්ගෙ කිචිබිචිය හැඟුම් මුසපත්    කරයි
තව විටෙක ඒ හඬම ශෝකයට මුල          පුරයි
අපි දෙදෙන සුරත පටලා ගියපු දින         වගෙයි
හද කැලතු උණු කඳුළු දෙනුවනෙහි සුව     යදියි 

( රවුළු ඡන්දසට අයත් වියන් විරිත ඇසුරෙන්  ) 

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Tuesday, March 16, 2021

දුවට දුන් ඔවදන්

 දුවට ඔවදනක්

පිපෙන කල පියුමක්
ඇදෙයි බඹරුන් සහසක්
කනට කර රහසක්
මුමුණ හද තුළ මවයි කිතියක්

දියණි නුඹ මලකී
තුරුණු විය රස ගුලකී
කිසිම දින නොමකී
රහස මෙලෙසට කියනු යෙහෙකී

එය අඳුරු දිනයක්
යන විට එයා ගමනක්
වැසි වැටුන තරමක්
ගොඩ වුනේ ගෙට සොයා සෙවනක්

එයා හරි හිතවත්
කතා කියලා රසවත්
මගේ දිවි ගිලගත්
නැතේ ඔහු නම් ආවෙ අදටත්

බිඟුන් නම් ඔහොමය
බලෙන් හෝ තම උරුමය
අරන් යන අරුමය
බලන් ඉන්පසු වැරදි අපිමය

දියණි නුඹ විතරයි
ඉතිරි මට එය සැපතයි
බඹරු සැම පොරකයි
කුමරි බඹසර දිවිය සරසයි

( මහ පියුම් ගී විරිත ඇසුරෙනි  )

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Thursday, March 11, 2021

නැගණියගේ පිළිතුරු හසුන 3

  යුද හමුදාවේ සේවය කරන  තම සොහොයුරා  වෙත  ලියූ පිලිතුරු ලිපිය......

දයාබර අයියා වෙතයි, 

3 කොටස
 
පසුගිය කොටසෙන්.....
 රෑන ගිරා ජෝඩුව සිටි අඹ              අත්තේ
තාම ගී ගයා පෙම් කරනව             වත්තේ
සීත ජලය ඇති කුඹුකේ ලිඳ           පැත්තේ
 පාන සිනහ හඬ පමණයි අද         නැත්තේ
 
.....
 
අම්මයි අප්පච්චි සුවයෙන්             පසුවෙනවා
              නංගිය  උළු මෝලෙ සේවයෙ        නියැලෙනවා              
මල්ලිද පුරුදු ලෙස පාසැල            වෙතයනවා
සුන්දර නිවස නිලඹර වෙත             පියලනවා
 
තමපුතු රටට පිදු පින ඇති මව්             පියට
කිසිදින ණයක් නැත බිව් ඒ  කිරි           බිඳට
පතනෙමි මතු භවෙත් මගෙ  අයියා     ලෙසට
එකකුස ඉපිද තුටු වන්නට මේ            ලෙසට
 
ලඟදිම නිවාඩුව ඔබ හට ලැබෙයි           කියා
 හසුනෙහි තිබු බැවින සිත තොස ඉපිල     ගියා
 ඉඳහිට වරක් ගුරු පාරට දෙනෙත           අයා
 විපරම් කරන්නේ ඔබෙ රුව දකිනු          නියා
 
සටනට පිවිසි කල දිවි පරදුවට              සිතා
දෙඅතට ලබා දෙනු මැන දිරි නොඅඩු      ඉතා
හදතුල උපන් සෙනෙහස මල් දමක     ගොතා
නවතිමි අදට සැම දෙවියන් පිහිට          පතා
 
තෙරුවන් සරණයි මගෙ අයියාට,
මම දයාබර නැගණිය.
 
නිමි.

 👈 නැඟණියගෙ පිළිතුරු ලිපිය 1 

👉 අයියා ගේ  ලිපිය 1 

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, March 6, 2021

නැගණියගේ පිළිතුරු හසුන 2

  යුද හමුදාවේ සේවය කරන  තම සොහොයුරා  වෙත  ලියූ පිලිතුරු ලිපිය......

දයාබර අයියා වෙතයි, 

2 කොටස
 
පසුගිය කොටසෙන්.....
 අරගෙන නිවාඩුව ගම වෙත එයි          සිතුව
අදහස අනුව අප්පච්චිට සැම              නතුව
කොරටුවෙ අක්ක හා ඇති පෙම ඔබ    සතුව
සිදුකර විවාහය ඇත සවි කල             යුතුව
.....
 
පහල ගෙදර මාමගෙ පොඩි දුව      අයිරින්
සැඟව ඇතේ කෝමළ හැඟුමක     රුසිරින්
විමලෙ සමඟ සුමනත් මංගල         අසිරින්
එකතු වුනේ බක් මහ නැකතට       අදරින්

රත්නේ අයිය සේවය කල           හමුදාවේ
උන්නා පැමිණ රෑ ජාමේ           අවෙලාවේ
අම්මා තාත්තා බැහැ දැකුමට           ආවේ
වෙන්වී යන විටයි රිවි වැඩි        හෝරාවේ

ටකරන් කඩේ මැගි අක්කගෙ පොඩි  කෙල්ල
හුරතල් උනත් කිසිවෙකුටත් නැහැ    මෙල්ල
රහසින් හාද වී සයිමගෙ දඟ              මල්ල
සමඟින් පලා ගොස් ඇත අම්මා           පල්ල

රෑන ගිරා ජෝඩුව සිටි අඹ              අත්තේ
තාම ගී ගයා පෙම් කරනව             වත්තේ
සීත ජලය ඇති කුඹුකේ ලිඳ           පැත්තේ
 පාන සිනහ හඬ පමණයි අද         නැත්තේ 
 
මතු සම්බන්ධයි.........

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Monday, March 1, 2021

නැගණියගේ පිළිතුරු හසුන 1

  යුද හමුදාවේ සේවය කරන  තම සොහොයුරා  වෙත  ලියූ පිලිතුරු ලිපිය......

දයාබර අයියා වෙතටයි, 

1 කොටස
 
සොයුරේ ලදිමි ඔබ සැරසූ ලිපිය             අද
දිලුනේ නයන දෝරේ යන සතුට             මැද
නිබඳේ රැඳුන සැක සංකා සුසුම             බිඳ
රිසිසේ විඳින්නට විය සැම ගෙපිලෙ         ඉඳ

රට දැය සමය රැකගන්නට යන        පෙරට
ඔබ සම්පතකි, විරුවෙකි තුට ඇත       අපට
කල ආදරය හද පතුලෙන් දිණු          මවට 
මතු දින දිළෙයි රන් අකුරෙන් හරි     හැඩට
 
කොරටුවෙ ගෙදර අක්කත් හවසට     එනවා
නොමලද බවක් හසුනක් නිති        පවසනවා
පොඩි  නැන්දා ද  ලෙඩ ගානෙම     පසුවෙනවා
ඉදහිට ලියුවොතින් ඇගෙ සිත      සුවවෙනවා
 
අරගෙන නිවාඩුව ගම වෙත එයි          සිතුව
අදහස අනුව අප්පච්චිට සැම              නතුව
කොරටුවෙ අක්ක හා ඇති පෙම ඔබ    සතුව
සිදුකර විවාහය ඇත සවි කල             යුතුව
 
මතු සම්බන්ධයි.........

 👉  නැඟණියගෙ පිළිතුරු ලිපිය 2 