යුද හමුදාවේ සේවය කරන තම සොහොයුරා වෙත ලියූ පිලිතුරු ලිපිය......
දයාබර අයියා වෙතයි,
2 කොටස
පසුගිය කොටසෙන්.....
අරගෙන නිවාඩුව ගම වෙත එයි සිතුව
අදහස අනුව අප්පච්චිට සැම නතුව
කොරටුවෙ අක්ක හා ඇති පෙම ඔබ සතුව
සිදුකර විවාහය ඇත සවි කල යුතුව
අදහස අනුව අප්පච්චිට සැම නතුව
කොරටුවෙ අක්ක හා ඇති පෙම ඔබ සතුව
සිදුකර විවාහය ඇත සවි කල යුතුව
.....
පහල ගෙදර මාමගෙ පොඩි දුව අයිරින්
සැඟව ඇතේ කෝමළ හැඟුමක රුසිරින්
විමලෙ සමඟ සුමනත් මංගල අසිරින්
එකතු වුනේ බක් මහ නැකතට අදරින්
සැඟව ඇතේ කෝමළ හැඟුමක රුසිරින්
විමලෙ සමඟ සුමනත් මංගල අසිරින්
එකතු වුනේ බක් මහ නැකතට අදරින්
රත්නේ අයිය සේවය කල හමුදාවේ
උන්නා පැමිණ රෑ ජාමේ අවෙලාවේ
අම්මා තාත්තා බැහැ දැකුමට ආවේ
වෙන්වී යන විටයි රිවි වැඩි හෝරාවේ
ටකරන් කඩේ මැගි අක්කගෙ පොඩි කෙල්ල
හුරතල් උනත් කිසිවෙකුටත් නැහැ මෙල්ල
රහසින් හාද වී සයිමගෙ දඟ මල්ල
සමඟින් පලා ගොස් ඇත අම්මා පල්ල
රෑන ගිරා ජෝඩුව සිටි අඹ අත්තේ
තාම ගී ගයා පෙම් කරනව වත්තේ
සීත ජලය ඇති කුඹුකේ ලිඳ පැත්තේ
පාන සිනහ හඬ පමණයි අද නැත්තේ
මතු සම්බන්ධයි.........
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.



No comments:
Post a Comment