යුද හමුදාවේ සේවය කරන තම සොහොයුරා වෙත ලියූ පිලිතුරු ලිපිය......
දයාබර අයියා වෙතයි,
3 කොටස
පසුගිය කොටසෙන්.....
රෑන ගිරා ජෝඩුව සිටි අඹ අත්තේ
තාම ගී ගයා පෙම් කරනව වත්තේ
සීත ජලය ඇති කුඹුකේ ලිඳ පැත්තේ
පාන සිනහ හඬ පමණයි අද නැත්තේ
තාම ගී ගයා පෙම් කරනව වත්තේ
සීත ජලය ඇති කුඹුකේ ලිඳ පැත්තේ
පාන සිනහ හඬ පමණයි අද නැත්තේ
.....
අම්මයි අප්පච්චි සුවයෙන් පසුවෙනවා
නංගිය උළු මෝලෙ සේවයෙ නියැලෙනවා
මල්ලිද පුරුදු ලෙස පාසැල වෙතයනවා
සුන්දර නිවස නිලඹර වෙත පියලනවා
නංගිය උළු මෝලෙ සේවයෙ නියැලෙනවා
මල්ලිද පුරුදු ලෙස පාසැල වෙතයනවා
සුන්දර නිවස නිලඹර වෙත පියලනවා
තමපුතු රටට පිදු පින ඇති මව් පියට
කිසිදින ණයක් නැත බිව් ඒ කිරි බිඳට
පතනෙමි මතු භවෙත් මගෙ අයියා ලෙසට
එකකුස ඉපිද තුටු වන්නට මේ ලෙසට
ලඟදිම නිවාඩුව ඔබ හට ලැබෙයි කියා
හසුනෙහි තිබු බැවින සිත තොස ඉපිල ගියා
ඉඳහිට වරක් ගුරු පාරට දෙනෙත අයා
විපරම් කරන්නේ ඔබෙ රුව දකිනු නියා
සටනට පිවිසි කල දිවි පරදුවට සිතා
දෙඅතට ලබා දෙනු මැන දිරි නොඅඩු ඉතා
හදතුල උපන් සෙනෙහස මල් දමක ගොතා
නවතිමි අදට සැම දෙවියන් පිහිට පතා
නිමි.
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.



No comments:
Post a Comment