Friday, October 29, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 15

 

 කවි කතාව

  

 

පසුගිය කොටසෙන්.................

මෙය දුටු අහිංසක ටිකිර ගෙ              මලයන්ඩි
රැකගනු පිණිස තම ආදර                  අයියන්ඩි
නරකය වෙතට පැන ගියමුදු              මහචන්ඩි
හොඳ හැටි පොර බැදුවෙ සමඟින       කලුබන්ඩි



15 කොටස  

දෙදෙනම එක්ව හරි හරියට පොර          බඳලා
කලුවව බිම දැමුවෙ ඔහු අඩපන             කරලා
වියරුවු රණය අත තිබු මුගුරෙනි           දමලා
මලයගෙ හිසට ගැසුවේ දෑතින                කුදලා

නොසිතුව ලෙසට සිහිසුන් ඔහු ඇද       වැටුනේ
කලබල වුනු චන්ඩි හිස්ලූ අත                 ඇදුනේ
හනිකට ලඟම රෝහල වෙත යොමු     කෙරුනේ
සුවකර ගන්න සැම කටයුතු සිදු          කෙරුනේ

සිදුවුන දෙයින් නෙත අදහනු බැරි           කැකුළි
මුහුණින තලා වැටෙමින මත තණ            පිඩලි
මරහඬ ලමින් බිඳි සේ හදවත                 කැබලි
 වැලපෙන ලදී අසරණ බොළඳිය               මුකුලි  

අබගකි වුනේ මහ පොළොවද            දෙදරගිය
වෙදදුරු සැමගෙ ආයාසය                අපතෙගිය
ටිකිරගෙ මලය යලි නොම එන          ගමනගිය
අසරණ දනගෙ නෙතු කඳුලකි          බොඳවගිය

මතු සම්බන්ධයි......


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


Tuesday, October 26, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 14

 

 කවි කතාව

  


පසුගිය කොටසෙන්.................

දෙවියන් බුදුන් වැඩ සිටිනා සොඳුරු              බිම
මනුසත් බවින් හෙබි ටිකිරගෙ මිතුරු           සැම
පියමන් කරන කල කුඹුරට එහිම                ඉම
ඉවසුම් නොදෙයි හදවත දුටු දසුන               එම



14 කොටස  

මෙම ආරංචි පැතිරී ගම සතර                 දෙස
 මුළු දන ඇවිස්සී මහ කඩි ගුලක                වෙස 
මැර සඟයන්ට, රණයා හා ඔහුගෙ              වස
අත පය විසිකලේ සොල්දාදුවන්                ලෙස

දෙපිලම එක්ව කිසිවකු නොසිතුව         ලෙසට
කති පොලු අමෝරා සටනට බට              කලට
කලබල කලේ ටිකිරව දුටු දෙය               ඇසට
යුහුසුලු වුනේ හද වාවනු බැරි                 කමට

ටිකිරගෙ  දැඩි දෑතෙ සිරවී  ඇය            ඉන්නේ
එය දුටු රණා පොළගෙකු සේ රුදු          වන්නේ
 මුගුරද රැගෙන වේගෙන් ඔහු වෙත       පැන්නේ  
කොලුව ව නසා ඇය ඩැහැගන්නට       වැන්නේ

මෙය දුටු අහිංසක ටිකිර ගෙ              මලයන්ඩි
රැකගනු පිණිස තම ආදර                  අයියන්ඩි
නරකය වෙතට පැන ගියමුදු              මහචන්ඩි
හොඳ හැටි පොර බැදුවෙ සමඟින       කලුබන්ඩි

මතු සම්බන්ධයි......


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, October 22, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 13

 

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................

සවසට ටිකිර හේනට පිය                  ඔසවන්නේ
එළිවන තුරා කවි සීපද                     මුමුණන්නේ
  විටකදි මියුරු බට ලී හඬ                පැතිරෙන්නේ  
බොළඳිය හදවතේ කුකුසකි                උපදින්නේ



13 කොටස  

තුන්යම ගිය කලට ඔහු ඵල                රකින්නට
සිත් මල වෙලා ගත් බිය ඉඟි               කරන්නට
දැල්වෙන පහන වියරුවකිනි              සැලෙන්නට
ගත්විට හද සැලුනි බැහැ දුක               දරන්නට

පසුදින උදේ සුපිපුනු පියුමක                    හැඩට
යන ලෙස සැරසුනේ ඇය පන්සල               දෙසට
හද ඇති සෝක සන්තාපය සහ                   දුකට
වෙන පිලියමක් නොතිබුනෙ ඇයි පොඩි        හිතට

පෙර දින රැයේ ගත් තීරණ වල          සැටියෙන්
රණයගෙ සඟයො සැඟවිල මඟ රැක   cසිටියෙන්
සැලසුම අනුව ගල් පොත්තට යන         අටියෙන්
ඔසවල ගත්තෙ කෙල්ලව තද කර         පටියෙන්

දෙවියන් බුදුන් වැඩ සිටිනා සොඳුරු              බිම
මනුසත් බවින් හෙබි ටිකිරගෙ මිතුරු           සැම
පියමන් කරන කල කුඹුරට එහිම                ඉම
ඉවසුම් නොදෙයි හදවත දුටු දසුන               එම

මතු සම්බන්ධයි......


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Tuesday, October 19, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 12

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................

 කැකුළිය කල ගෙවයි අහසට වෙමින      සිනා
විඳිමින හදේ ඇති සෙනෙහස දෝරෙ       යනා
සිතිවිලි විඩා බර එකිනෙක සෝක        දෙනා
බිඳිමින මඟුල් දිනයද ළඟ ලඟම            එනා

 

12 කොටස

අදරැති  දෙමාපිය දෙදෙනා තම           මැණික
හැඩකර පෝරුවක නංවා  ලෙස           මලක
ජයහඬ  මැදින මනරම් පැහැබර        දිනෙක
සැරසෙයි පැතුම් දෙවනට සුබ දිවි        මඟක 

අදමිටු රණා ආ..රංචිය   ලැබුව               සඳ
කුරිරුවු නොසන්සුන් හිත තුළ වෛර       බැඳ
"මඟුලට ඉඩක් නොම දෙමි මේ වසමෙ       ඉඳ"
වියරුව කීවෙ උල් පිහියක් ඉනෙනි           ඇද

නරකය සමඟ සෙසු  සඟයන්  එකම       තලේ
සිත සිත  නිදි වරා සව්දිය පුරයි           බොලේ
රහසින කැකුළි යන එන මඟ රැකල         මලේ
විගසට රැගෙන යා යුතුවිය දෙසට          කැලේ

සවසට ටිකිර හේනට පිය             ඔසවන්නේ
එළිවන තුරා කවි සීපද                 මුමුණන්නේ
විටකදි මියුරු බට ලී හඬ           පැතිරෙන්නේ 
බොළඳිය හදවතේ කුකුසකි            උපදින්නේ

මතු සම්බන්ධයි......


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, October 15, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 11

 

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................

 කැකුළිගෙ හිතේ නැත කිසිවකු ටිකිර   හැරා  
අහසට හිනැහෙමින පියඹයි සිහින        පුරා
ටිකිරද දවස ඇරඹී පැය ගෙවෙන         තුරා
දහබිඳු හෙලයි මතු දියුණුවෙ පැතුම      දරා

 

11 කොටස

කමතට ඈඳ අටවා යස පැල්          කොටයක්  
අටුකොටු වල බහා අස්වැන්නෙන්    කොටහක්
එළබෙන බක් මහට යෙදි පින්වත්     නැකතක්
හදවත පතුලෙ පුබුදයි තඹරුන්          සහසක්

කෙළිලොල් විය පටන් බැඳි  ආලය      හන්දා
සුහුඹුල් පතිනි පැල වෙත ගෙනෙනට  කැන්දා
හරවත් දිවියෙ උණුසුම හදතුල           රන්දා
දෙහදක් සිනා සලමින පෙම්රස           වින්දා

       මව පිය දෙදෙනගේ හිත් තුළ සතුට        තියා       
හිමිකරු ලෙසට මහ බඹු නළලතෙයි      ලියා
සනහස රැදුනු ලොව තුළ වැජබෙන්න     කියා
පිනකිය ලැබුවෙ ඇය හද තුට ඉපිළ        ගියා

කැකුළිය කල ගෙවයි අහසට වෙමින     සිනා
විඳිමින හදේ ඇති සෙනෙහස දෝරෙ     යනා
සිතිවිලි විඩා බර එකිනෙක සෝක        දෙනා
බිඳිමින මඟුල් දිනයද ළඟ ලඟම          එනා

 

මතු සම්බන්ධයි......


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Tuesday, October 12, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 10

 

 කවි කතාව

 

පසුගිය කොටසෙන්.................

ඉන්නේ  දැරිවි පියතුම  ලයෙහිම            ගුලිවී
දෙන්නේ කෙලෙස කට මැත දෙඩුමට       බියවී
යන්නේ එවිට ඇයගේ සිහිනය              බොඳවී
බැන්නේ සිතේ ඇති ආවේගය                 දැඩිවී

 

10 කොටස

දැරිවිගෙ පියා  හට බැන වැදි        කටකාර
කිසිදින කාටවත් නොනැමෙන        රණවීර
නොකැමති උනොත් දෙන්නට ඇය මනහාර
 බඳිනව කිව්වෙ බලයෙන් හරි        කරකාර  

එසැනින පියාගේ හිත කලබල          බැවින
සිතමින තමා සතු සම්පත ගැන      පෙමින
මතුවිය හැකියි සිතියැකි බාධක       මැදින
 කටයුතු කරනු කැමැතිව නිවසට      වැදින 

පණිවිඩ යවා ටිකිරා යලි              කැඳවාලා
මඟුලට කැමති බව සතුටින           පවසාලා
නැකතට රස කැවිලි මේසය          සකසාලා 
සුපැතුම කුසුමි සරසන්නයි           හැඩදාලා

  කැකුළිගෙ හිතේ  නැත කිසිවකු ටිකිර  හැරා  
අහසට හිනැහෙමින පියඹයි සිහින        පුරා
ටිකිරද දවස ඇරඹී පැය ගෙවෙන         තුරා
දහබිඳු හෙලයි මතු දියුණුවෙ පැතුම      දරා

මතු සම්බන්ධයි......


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, October 8, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 9

 

 කවි කතාව

 


පසුගිය කොටසෙන්.................

කඩිසර කම ද දෑතේ වැඩ නැත            නිම්මා
නිසි කල  තවානට වග බෝගද             දැම්මා
එය දුටු පියාගේ සිත මෙකෙලව            නම්මා
  ගැනුමට සමත් විය තව කුමටද            බුම්මා   


9 කොටස 

අසනට ලැබුණු තොරතුරු රණවීර          වෙත
කලබල කෙරුවෙ ඔහුගේ දා..මරික            සිත
කඩිසර නොවුන හොත් ගන්නට ඇය ගෙ    අත
බැරිවනු හැඩයි දැනි හදවත වුනිය             ලත

     නරකය කැකුළි ගැන සිතමින           ලතවෙන්නේ  
      හද තුල නොරිස්සුම දැඩි ලෙස            දළුලන්නේ    
        නිතරම වහසි බස් දොඩමින             පසුවෙන්නේ      
 තිර අදිටන ඇතිව පෙර මඟ             රැකඉන්නේ

කුඹුරට රණය ගියෙ අප්පච්චිව            දැකලා
පවසනු පිණිස ඇති ආලය හද               පිරිලා
"දැමුවද ගඟට මගෙ දරුවා පෙති          කපලා
තොප හට නොදෙමි" කීවේ හඬ දැඩි     කරලා

ඉන්නේ  දැරිවි පියතුම  ලයෙහිම            ගුලිවී
දෙන්නේ කෙලෙස කට මැත දෙඩුමට       බියවී
යන්නේ එවිට ඇයගේ සිහිනය              බොඳවී
 බැන්නේ සිතෙහි  ඇති ආවේගය               දැඩිවී 

මතු සම්බන්ධයි......


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Tuesday, October 5, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 8

 කවි කතාව

 


පසුගිය කොටසෙන්.................

ටිකිරගෙ හේන පසු කරගෙන යන           අතර
මදකට ඔහුගෙ රුව සොයමින විය         නතර
දුටුකල එයා වැට අද්දර උණ                   පඳුර
   ඉවතට ගියේ හද කළඹන මද                   අඳුර   


8 කොටස 

"මවපිය රුදුරු වී අහිතක් වන්ට                එපා
සුපිපුණු කැකුළු කිසිවක් පරවෙන්ට           එපා 
ඇළ දොළ සිඳී ඉන් නපුරක් වෙන්ට             එපා 
සෙනෙහෙට අපේ කණ කොක් හැඬවෙන්ට  එපා”

අදරැති මව්පියන් අකමැති වෙතැයි           සිතු
ඇය වැලපුනේ උණු කඳුළැලි පිරුනු         නෙතූ
දිවියට ඇගේ ටිකිරම ලැබ ගනිමි             පැතූ
දිව රැය බුදුන් පිදුවේ මල් දමිනි              ගෙතු

සිටිවිට රිදී හිරු අබරේ                 හිනැහෙමින
ටිකිරව දුටුවෙ මුව මදහස                රඳවමින
අලසව නොවේ වෙහෙසව පස         පෙරලමින
රළු වුන  පියාගේ  තුන් සිත               පහදමින

කඩිසර කම ද දෑතේ වැඩ නැත            නිම්මා
නිසි කල  තවානට වග බෝගද             දැම්මා
එය දුටු පියාගේ සිත මෙකෙලව            නම්මා
ගැනුමට සමත් විය තව කුමටද            බුම්මා

 මතු සම්බන්ධයි...... 


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

Friday, October 1, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 7

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................

බොළඳිය ලපටි සුකුමාලිය                  දඟකාර
බඩවැටි පුරා දුව පැන ගිය                 හැඩකාර
පැල වෙත රැගෙන යන්නට බැඳ         කරකාර
   අදිටන ඇතුව ගියෙ හිත තුල               තිරසාර   


 7 කොටස 

කැකුළිද මනාපය ඒ ලෙන්ගතු                හදට
සියොළඟ සැලෙයි දැන් දැන්  නුපුරුදු      කමට
පියතුම දරන මතයන් නොමවෙයි           සුමට
ඇය ලත වුනා පිට දී උළුවහු                   බඳට

  "සිඟිති කලේ වැලි කෙළියේ හිඹුටු         කැලේ      
බොළඳ වියේ එතුනේ රස පිරුණු            දැලේ  
නුදුරු දිනේ නැවතී සුව සැඳුණු               පැලේ
විඳිමි රසේ පිහිනා පෙම් කිඳුරු               විලේ "

වතුසුදු  සමන් මල් අරලිය                 හැඩකාරි
විකසිත වෙමින් කළඹයි මන               දඟකාරි
එළඹෙන දිනෙක වී ඔහු ගෙම               සහකාරි
        සුපැතුම වීමටයි ඒ හදෙ                      හිමිකාරි         
                            
ටිකිරගෙ හේන පසු කරගෙන යන           අතර
මදකට ඔහුගෙ රුව සොයමින විය         නතර
 දුටුකල එයා වැට අද්දර උණ                  පඳුර
  ඉවතට ඇදී ගියෙ හද කළඹන                  අඳුර  

 මතු සම්බන්ධයි...... 


~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.