කවි කතාව
පසුගිය කොටසෙන්.................
ටිකිරගෙ හේන පසු කරගෙන යන අතර
මදකට ඔහුගෙ රුව සොයමින විය නතර
දුටුකල එයා වැට අද්දර උණ පඳුර
ඉවතට ගියේ හද කළඹන මද අඳුර
8 කොටස
"මවපිය රුදුරු වී අහිතක් වන්ට එපා
සුපිපුණු කැකුළු කිසිවක් පරවෙන්ට එපා
ඇළ දොළ සිඳී ඉන් නපුරක් වෙන්ට එපා
සෙනෙහෙට අපේ කණ කොක් හැඬවෙන්ට එපා”
අදරැති මව්පියන් අකමැති වෙතැයි සිතු
ඇය වැලපුනේ උණු කඳුළැලි පිරුනු නෙතූ
දිවියට ඇගේ ටිකිරම ලැබ ගනිමි පැතූ
දිව රැය බුදුන් පිදුවේ මල් දමිනි ගෙතු
සිටිවිට රිදී හිරු අබරේ හිනැහෙමින
ටිකිරව දුටුවෙ මුව මදහස රඳවමින
අලසව නොවේ වෙහෙසව පස පෙරලමින
රළු වුන පියාගේ තුන් සිත පහදමින
කඩිසර කම ද දෑතේ වැඩ නැත නිම්මා
නිසි කල තවානට වග බෝගද දැම්මා
එය දුටු පියාගේ සිත මෙකෙලව නම්මා
ගැනුමට සමත් විය තව කුමටද බුම්මා
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment