කවි කතාව
පසුගිය කොටසෙන්.................
බොළඳිය ලපටි සුකුමාලිය දඟකාර
බඩවැටි පුරා දුව පැන ගිය හැඩකාර
පැල වෙත රැගෙන යන්නට බැඳ කරකාර
අදිටන ඇතුව ගියෙ හිත තුල තිරසාර
7 කොටස
කැකුළිද මනාපය ඒ ලෙන්ගතු හදට
සියොළඟ සැලෙයි දැන් දැන් නුපුරුදු කමට
පියතුම දරන මතයන් නොමවෙයි සුමට
ඇය ලත වුනා පිට දී උළුවහු බඳට
"සිඟිති කලේ වැලි කෙළියේ හිඹුටු කැලේ
බොළඳ වියේ එතුනේ රස පිරුණු දැලේ
නුදුරු දිනේ නැවතී සුව සැඳුණු පැලේ
විඳිමි රසේ පිහිනා පෙම් කිඳුරු විලේ "
වතුසුදු සමන් මල් අරලිය හැඩකාරි
විකසිත වෙමින් කළඹයි මන දඟකාරි
එළඹෙන දිනෙක වී ඔහු ගෙම සහකාරි
සුපැතුම වීමටයි ඒ හදෙ හිමිකාරි
ටිකිරගෙ හේන පසු කරගෙන යන අතර
මදකට ඔහුගෙ රුව සොයමින විය නතර
දුටුකල එයා වැට අද්දර උණ පඳුර
ඉවතට ඇදී ගියෙ හද කළඹන අඳුර
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment