කවි කතාව
පසුගිය කොටසෙන්.................
දෙවියන් බුදුන් වැඩ සිටිනා සොඳුරු බිම
මනුසත් බවින් හෙබි ටිකිරගෙ මිතුරු සැම
පියමන් කරන කල කුඹුරට එහිම ඉම
ඉවසුම් නොදෙයි හදවත දුටු දසුන එම
14 කොටස
මෙම ආරංචි පැතිරී ගම සතර දෙස
මුළු දන ඇවිස්සී මහ කඩි ගුලක වෙස
මැර සඟයන්ට, රණයා හා ඔහුගෙ වස
අත පය විසිකලේ සොල්දාදුවන් ලෙස
දෙපිලම එක්ව කිසිවකු නොසිතුව ලෙසට
කති පොලු අමෝරා සටනට බට කලට
කලබල කලේ ටිකිරව දුටු දෙය ඇසට
යුහුසුලු වුනේ හද වාවනු බැරි කමට
ටිකිරගෙ දැඩි දෑතෙ සිරවී ඇය ඉන්නේ
එය දුටු රණා පොළගෙකු සේ රුදු වන්නේ
මුගුරද රැගෙන වේගෙන් ඔහු වෙත පැන්නේ
කොලුව ව නසා ඇය ඩැහැගන්නට වැන්නේ
මෙය දුටු අහිංසක ටිකිර ගෙ මලයන්ඩි
රැකගනු පිණිස තම ආදර අයියන්ඩි
නරකය වෙතට පැන ගියමුදු මහචන්ඩි
හොඳ හැටි පොර බැදුවෙ සමඟින කලුබන්ඩි
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment