කවි කතාව
පසුගිය කොටසෙන්.................
කඩිසර කම ද දෑතේ වැඩ නැත නිම්මා
නිසි කල තවානට වග බෝගද දැම්මා
එය දුටු පියාගේ සිත මෙකෙලව නම්මා
ගැනුමට සමත් විය තව කුමටද බුම්මා
9 කොටස
අසනට ලැබුණු තොරතුරු රණවීර වෙත
කලබල කෙරුවෙ ඔහුගේ දා..මරික සිත
කඩිසර නොවුන හොත් ගන්නට ඇය ගෙ අත
බැරිවනු හැඩයි දැනි හදවත වුනිය ලත
නරකය කැකුළි ගැන සිතමින ලතවෙන්නේ
හද තුල නොරිස්සුම දැඩි ලෙස දළුලන්නේ
නිතරම වහසි බස් දොඩමින පසුවෙන්නේ
තිර අදිටන ඇතිව පෙර මඟ රැකඉන්නේ
කුඹුරට රණය ගියෙ අප්පච්චිව දැකලා
පවසනු පිණිස ඇති ආලය හද පිරිලා
"දැමුවද ගඟට මගෙ දරුවා පෙති කපලා
තොප හට නොදෙමි" කීවේ හඬ දැඩි කරලා
ඉන්නේ දැරිවි පියතුම ලයෙහිම ගුලිවී
දෙන්නේ කෙලෙස කට මැත දෙඩුමට බියවී
යන්නේ එවිට ඇයගේ සිහිනය බොඳවී
බැන්නේ සිතෙහි ඇති ආවේගය දැඩිවී
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment