Tuesday, November 11, 2025

දෝණි 15

 කවි කතාව



පසුගිය කොටසෙන්.................


පුබුදා කුසුම් සහසක් හද විල්              තලයේ
සපුරා සියලු පියවර බල                 පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින්          රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින්             හිටියේ

15 කොටස  

ඉවසනු හද කෙලෙස මතු දින  තම       දරුවන්
සමුගෙන යනු ඇතිය බොඳ කරමින     දෙනුවන්
එනමුදු කිසි දිනෙක  අහිතක් හිත         රඳවන්
වෙනතක නොයා පැතුවය රැකවල     තෙරුවන්

සියළුම සිහින ඉටුවීලා දෙන                  සතුට
පියඹන දිනය එළඹිය සයුරෙනි              එපිට
හැදු වැඩු මව පිය ද ගම පාසැල            දැයට
සමුදිය යුතුව ඇත පෙර සැලසුම          ලෙසට



සියොතුනි සැරි සරන ගුවනේ රුවට        රුවේ
දැනුනිද ගත දැවටි සිහිලැල් මිහිර        ලොවේ
විඳිනට සතුට නිම නොවනා මෙ මනු       භවේ
එනු මැන රැගෙන මුදු හසරැල් නොමද    සුවේ

මිණිපිරි තුරුළු කරගෙන සුරඟනක         බඳූ
සියුමැලි වතට බර වී හද සිසිල              සැදූ
වැළපෙන මොහොත ගිගුරුම් දෙන අහස  බදූ
සමුගත යුතුව ඇත පිසිමින කඳුළු            බිදූ

දාරක සෙනෙහෙ එන හදවත දෙකට       පැලී
පාවෙන සුසුම් රොද සමඟින එකට         වෙලී
යානය තුලට කිමිදී දෙනුවනින                 දිළී
දෝණි ගෙ මුදු සිනහ කැටියක් සොයයි      යලී



මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 14 කොටසට

👉 16 කොටසට - අවසන් කොටස.


~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

6 comments:

  1. මුල ඉදං කියවන් එන්නං. 😃😃
    කාලෙකිං මේ අහ ආවෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇවිත් යන්න ආවාට. කියවලා බලලා ගුණ අගුණ කියන්නකෝ.

      Delete
  2. එකපාරටම මතක්වුනේ එදා රෑ ගුවන්තොටුපොළේදී මා ගීතය.
    දිගටම ලියමු. එන්නම් කියවන්න!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. කාලෙකින් ඔබගේ සුපුරුදු හඬ ඇහුනේ. ඉතාම සතුටුයි මේ පැත්තේ ආවාට. එදා ඉඳලාම මට ලිය්න්න කිය කියා ඔබ දුන් දිරිය නම් ඉතාම ඉහලයි සොහොයුර.
      ඔව් ඔව් මේකත් ඒ වගේ දෙයක් නේද? පුදු​මෙ කියන්නේ ඔබ කියන තුරුම මට ඒ ගීතය මතකෙට ආවෙ නැති එකනේ. ඒත් මට අනන්ත වාරයක් හිතුනා මම රටෙන් පිටවෙනකොට මගේ ආදරණියයන් ගේ හිතේ මොන වගෙ දුකක් තියෙන්න අතිද කියලා. ජීවිතේ අපිට දෙන දේ අපිට බාරගන්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් . නේද?

      Delete
  3. බොහෝම ස්තූතියි. කාලෙකින් ඔබගේ සුපුරුදු හඬ ඇහුනේ. ඉතාම සතුටුයි මේ පැත්තේ ආවාට. එදා ඉඳලාම මට ලිය්න්න කිය කියා ඔබ දුන් දිරිය නම් ඉතාම ඉහලයි සොහොයුර.
    ඔව් ඔව් මේකත් ඒ වගේ දෙයක් නේද? පුදු​මෙ කියන්නේ ඔබ කියන තුරුම මට ඒ ගීතය මතකෙට ආවෙ නැති එකනේ. ඒත් මට අනන්ත වාරයක් හිතුනා මම රටෙන් පිටවෙනකොට මගේ ආදරණියයන් ගේ හිතේ මොන වගෙ දුකක් තියෙන්න අතිද කියලා. ජීවිතේ අපිට දෙන දේ අපිට බාරගන්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් . නේද?

    ReplyDelete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.