Wednesday, November 19, 2025

දෝණි 16

 කවි කතාව



පසුගිය කොටසෙන්.................


දාරක සෙනෙහෙ එන හදවත දෙකට       පැලී
පාවෙන සුසුම් රොද සමඟින එකට         වෙලී
යානය තුලට කිමිදී දෙනුවනින                 දිළී
දෝණි ගෙ මුදු සිනහ කැටියක් සොයයි      යලී

16 (අවසන් කොටස)  


දිවියට ලැබුනු සම්පත ඉර වගෙම            සඳ
වැඩිහිටි දෙදෙන සිරි ලක තනි කෙරුණු    සඳ
විකසිත සිහිනයක නිසි පල මුසුවු           තෙද
බබළන අනාවක පැතුමෙන් පිරුණි           හද

දවසක මෙහෙය අහවර කර හිරු        රජිදා
පිවිසිය සිඳු ගැඹර වෙත තම දිවි          පරදා
සෙවනැළි සැඟව යනු පෙර හරසර      අයැදා
තරුපති රජවුණිය ගණදුර සිඳ            බිඳදා



මව පිය ගම නිවස තුල ඇත             තනිවීලා
පැද යයි ඉසුඹු විය දුක තුට              මුසුවීලා
යහ ගුණ සපිරි ගැමි සහයට           පැමිණීලා
යන එන මඟද වපුරයි ගුණ            හිනැහීලා

කවි සාගරයෙ පිහිනුව ඔබ සැමට          තුති
ගුණ'ගුණ සපිරි නෙක පැසසුම් එමට     ඇති
පමණට වදන් මා හදවත තුල         නොමැති
බැවියෙන රකිමි මුතුදම හද පතුලෙ       නිති

ගගනෙහි වළාකුළු සිපගෙන ගිය          පෙරට
අභිනව පුන්චි පවුලේ තතු ඔබ              සැමට
ගෙනෙනට සිතා දිවයුරු දුටු පිණි          ලෙසට
සැඟවෙමි අදට දෙවි රැකවරණයි          ඔබට





   💘      ඉතින් සමුගන්න දෙන්න අවසර ......


  💘   මා විසින් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන ලද "දෝණි" කවි කතාව මෙසේ නිමා කරමි.  මොවුන්  පිටරට ගෙවන දිවියේ රස තොරතුරු ද රැගෙන මතු දිනෙක යලි හමුවෙන බලාපොරොත්තුවක් ද හිත තුළ තැන්පත් වී ඇති සැටියකි.

 
  💘  මගේ කවි කතාව රස විඳිමින් මෙතක් මා හා රැදී සිටි ඔබ සැමට ස්තූතියි. 



 💘 කමෙන්ට්ස්, ලයික් දමමින් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගනිමින් මා දිරිමත් කල ...., 

                    ඔබ සැමට ස්තුතියි හදවතින් ම .  🙏

~~ මම ලියෝනි අමරතුංග ~~

 2025 වසර නොවැම්බර්  මස 19 දින.
කැනඩාවේ සිට. 

~~~~~~



👈 15 කොටසට

👈 මුල සිටම කියවමු ද - 1 කොටසට 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

8 comments:

  1. තවත් කකාවක් ලියනවද ඉතිං.
    සුඛාන්තයක් කියල හිතුවත් එමමත් නෑ නේද. කොහෙන් හරි කාට හරි රිදෙනව.

    අපූරුයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට මගේ කවිකතාව රස විඳින්න මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනා​ට.
      ජීවිතේ හැටි මෙහෙමයි.. කෙනෙ​ක් සතුටු වෙනකොට තව කෙනෙකුට දුක. දෙමව්පියන් ගේ පැත්තෙන් දුක. ඒත් නව පරපුර ආසයි අලුත් දේවල් කරන්න. අලුත් අත්දැකීම් ලබන්න. තමා ගන්න තීරණ සාර්ථක කරගන්න වෙහෙස වෙන එක තමා ඊලඟ කාරිය.
      තව කතාවක් ලියන්න ඕනේ. ආසයි මම කවි ලියන්න.
      මේ කතාවෙ 2 ගැන හිතන්නත් ඕනේ. ඒකත් කොයි අතට පෙරලෙයිද කියලා දැන්ම කියන්න බෑ..
      බොහෝම ස්තූතියි ඔබට ඔබගේ වටිනා අදහස මා සමඟ බෙදා ගත්තා ට.

      Delete
  2. මේකේ දෙක ගැන හිතන් ගමන් වෙනස් විධිහක එකක් ලියන්න . ඔයා ඉන්න පැත්ත ගැන . ඔස්ට්‍රේලියාව නේද

    ReplyDelete
    Replies
    1. නව අදහස් ලබා දීම ගැන බොහෝම සතූතියි. ඔව් මම හිතන්න ගන්නම් ඒ ගැන. වැඩේ කියන්නේ ලියන්න හිතාගෙන යන එක නෙමෙයි අවසානේ ලියවිලා තියෙන්නේ. වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ ගලාගෙන එන පැත්තට මම ලියනවා.

      Delete
  3. මේකම නොවුනත් දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඔබගේ අගනා ප්‍රතිචාරයට සහ මගේ සිතිවිලි නිවහනට ගොඩ උනාට. ඔව් ලියන්න ඕනෙ.
      මේ වගේ ​දිගැන්විමක් තියෙද්දි නොලියා කොහොමද.

      Delete
  4. ජය!
    කවි වගේම කෙටි හෝ දිග කතාවකුත් ලියන්න කැමතිනං... ඉඩක් තියෙන හැටියක

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නමි හැමදාමත් වගෙ මේ ලබා දෙන දිරියට. හැමදාමත් මට කියනවා ලියන්න කියලා. අනේ ඔයාලට වගේ මට ලියන්න බෑනේ. මටත් දුකයි ඒ ගැන. ඒත් කවමදාක හරි උත්සාහයක් කරලා බලන්නම ඕනෙ.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.