කවි කතාව
පසුගිය කොටසෙන්.................
දාරක සෙනෙහෙ එන හදවත දෙකට පැලී
පාවෙන සුසුම් රොද සමඟින එකට වෙලී
යානය තුලට කිමිදී දෙනුවනින දිළී
දෝණි ගෙ මුදු සිනහ කැටියක් සොයයි යලී
16 (අවසන් කොටස)
දිවියට ලැබුනු සම්පත ඉර වගෙම සඳ
වැඩිහිටි දෙදෙන සිරි ලක තනි කෙරුණු සඳ
විකසිත සිහිනයක නිසි පල මුසුවු තෙද
බබළන අනාවක පැතුමෙන් පිරුණි හද
දවසක මෙහෙය අහවර කර හිරු රජිදා
පිවිසිය සිඳු ගැඹර වෙත තම දිවි පරදා
සෙවනැළි සැඟව යනු පෙර හරසර අයැදා
තරුපති රජවුණිය ගණදුර සිඳ බිඳදා
මව පිය ගම නිවස තුල ඇත තනිවීලා
පැද යයි ඉසුඹු විය දුක තුට මුසුවීලා
යහ ගුණ සපිරි ගැමි සහයට පැමිණීලා
යන එන මඟද වපුරයි ගුණ හිනැහීලා
කවි සාගරයෙ පිහිනුව ඔබ සැමට තුති
ගුණ'ගුණ සපිරි නෙක පැසසුම් එමට ඇති
පමණට වදන් මා හදවත තුල නොමැති
බැවියෙන රකිමි මුතුදම හද පතුලෙ නිති
ගගනෙහි වළාකුළු සිපගෙන ගිය පෙරට
අභිනව පුන්චි පවුලේ තතු ඔබ සැමට
ගෙනෙනට සිතා දිවයුරු දුටු පිණි ලෙසට
සැඟවෙමි අදට දෙවි රැකවරණයි ඔබට


තවත් කකාවක් ලියනවද ඉතිං.
ReplyDeleteසුඛාන්තයක් කියල හිතුවත් එමමත් නෑ නේද. කොහෙන් හරි කාට හරි රිදෙනව.
අපූරුයි
බොහෝම ස්තූතියි ඔබට මගේ කවිකතාව රස විඳින්න මගේ සිතිවිලි නිවසට ගොඩ වැදුනාට.
Deleteජීවිතේ හැටි මෙහෙමයි.. කෙනෙක් සතුටු වෙනකොට තව කෙනෙකුට දුක. දෙමව්පියන් ගේ පැත්තෙන් දුක. ඒත් නව පරපුර ආසයි අලුත් දේවල් කරන්න. අලුත් අත්දැකීම් ලබන්න. තමා ගන්න තීරණ සාර්ථක කරගන්න වෙහෙස වෙන එක තමා ඊලඟ කාරිය.
තව කතාවක් ලියන්න ඕනේ. ආසයි මම කවි ලියන්න.
මේ කතාවෙ 2 ගැන හිතන්නත් ඕනේ. ඒකත් කොයි අතට පෙරලෙයිද කියලා දැන්ම කියන්න බෑ..
බොහෝම ස්තූතියි ඔබට ඔබගේ වටිනා අදහස මා සමඟ බෙදා ගත්තා ට.
මේකේ දෙක ගැන හිතන් ගමන් වෙනස් විධිහක එකක් ලියන්න . ඔයා ඉන්න පැත්ත ගැන . ඔස්ට්‍රේලියාව නේද
ReplyDeleteනව අදහස් ලබා දීම ගැන බොහෝම සතූතියි. ඔව් මම හිතන්න ගන්නම් ඒ ගැන. වැඩේ කියන්නේ ලියන්න හිතාගෙන යන එක නෙමෙයි අවසානේ ලියවිලා තියෙන්නේ. වැල යන පැත්තට මැස්ස ගහනවා වගේ ගලාගෙන එන පැත්තට මම ලියනවා.
Deleteමේකම නොවුනත් දිගටම ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteබොහෝම ස්තුතියි. ඔබගේ අගනා ප්‍රතිචාරයට සහ මගේ සිතිවිලි නිවහනට ගොඩ උනාට. ඔව් ලියන්න ඕනෙ.
Deleteමේ වගේ දිගැන්විමක් තියෙද්දි නොලියා කොහොමද.
ජය!
ReplyDeleteකවි වගේම කෙටි හෝ දිග කතාවකුත් ලියන්න කැමතිනං... ඉඩක් තියෙන හැටියක
බොහෝම ස්තූතියි නමි හැමදාමත් වගෙ මේ ලබා දෙන දිරියට. හැමදාමත් මට කියනවා ලියන්න කියලා. අනේ ඔයාලට වගේ මට ලියන්න බෑනේ. මටත් දුකයි ඒ ගැන. ඒත් කවමදාක හරි උත්සාහයක් කරලා බලන්නම ඕනෙ.
Delete