Saturday, December 16, 2023

දෝණි 4 (ශනිදා දහයට)

කවි කතාව

පසුගිය කොටසෙන්.................

ගම මායිමට වෙන්නට මිලදී               ඉඩමක්
නව ආරෙකට තනවා යස ගේ          පොඩියක්
කිරි උතුරවා නැකතට ගයලා              පිරිතක්
තිර සර විසුම විය සැම දනගේ           සතුටක්

4 කොටස  

මව සහ පියා ගම පාසලෙ ශිල්ප             දෙන
අතරම දුවණි යැවුනේ නගරෙකට          වෙන
සවසට පැමිණ පාඩම් වැඩ නිමවු           තැන
දුව පැන නටයි මිතුරන් සැම එකෙකු      මෙන


ගම පාසැලේ දරු දැරියන් සිත              නිවන
දෙනිබිම අසල ඇති සහනය සුව           මවන
අරණෙහි ගත දැවටි සිහිලැල් මද          පවන
මන දොළ සතපවයි සරසා දිවි              බවන

වැඩිවිය පැමිණි දින මේ පින්බර             දුවනි
තුටුවිය ගමේ සැම ආදර හද               බැතිනි
නැකතට සියළු කටයුතු ඉටුකර         සොඳිනි
පැතුවනෙ ජයෙන් ජය සෙනෙහස පිරි    හදිනි


වෙහෙසව යොදා සිත කය තම දියුණ      ගැන
අහවර කළා දෙටු පෙළ දිවි විජය           ගෙන
වැඩි ඉගෙනුමට සරසවියට ඇතුළු            වන
දින නෙතු පොඟයි තුටු කඳුළින හදෙනි    පැන


ඉගෙනුම නිමා කර ඇය ඇත            පැමිණීලා
මව පිය දෙදෙන තුටු සයුරෙහි            කිමිදීලා
නිසි කල වයස ගිලිහෙනු පෙර         බොඳවීලා
හොඳ පෙළ වහක් කර දීමට            සැරසීලා

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

18 comments:

  1. බලා ඉමු එහෙනම් පෙළවහක් කරන තුරු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. ඔව් ඔව් මඟුල් ගෙදර එන්න ලෑස්ති වෙලා ඉන්න හොඳේ.

      Delete
  2. පෙල වහ... වහ.
    මයෙ කට හොඳ නෑ අනේ 😂🤭. විස්තරේ ඉලග පෝස්ට් එකෙන්ම කියවන්නං කො

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. ඔව් ඉතින් ජිවිතයේ දෙවන උපත කියනවා නේ. හරියන්නත් වරදින්නත් පෙළ වහක් කරගෙනම බලන්න ඕන.

      Delete
  3. ගැටුම එන්නෙ පෙළවහට පස්සෙ වෙන්නැති. ඉඳලා බලමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. ඔව් ඔව් ගැටුම් නැති ජිවිත කොහෙද මේ ලෝකේ. දිගටම රැදිලා ඉන්නකෝ.

      Delete
  4. කවි කතාව අදත් ආසාවෙන් බැලුවා. ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. දිගටම කියවලා බලන්නකෝ.

      Delete
  5. කවිකතාවක් නේ. නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට සහ මගේ බ්ලොගය පැත්තේ ආවාට. මගේ කවි කතාව දිගටම රස විඳින්න මම ආරාධනා කරනවා.

      Delete
  6. පෙලවහ ගැන ඊලඟ සතියේ බලමු ....+++++++++ ..... Mayya

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. ඔව් ඔව් මඟුල් ගෙදර එන්න ලෑස්ති වෙලා ඉන්න හොඳේ.

      Delete
  7. අයියෝ දෝණි මෙච්චර ඉක්මනට ලොකු කලාද...කෙල්ලට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න එපැයි කවි ලස්සනයි ඒත් ❤❤

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. ඔව් අනේ බන්දලා දෙන්න හිතුවා. මඟුල් ගෙදර එන්න හොඳේ

      Delete
  8. අද හතර!
    හතර වරිගයටම කියන්න ලෑස්ති වෙලා!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඔබ තුමාටත් මඟුල කියනවා. එන්න පුළුවන් නෙවෙද? වැඩි දුරකුත් නෑනේ.
      බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරය ට.

      Delete
  9. ගොඩක් තතු කියා - කවි තුන-හතර ලියා
    මංගල්ලෙකට යනවද මේ ටිකිරි ලියා?

    ReplyDelete
    Replies
    1. කල වයසද හෙමි හෙමිහිට පැමිණි නියා
      මඟ නොහරිමි යුතුකම ඉටු කරමි මෙයා

      බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.

      Delete