කවි කතාව
පසුගිය කොටසෙන්.................
ගම මායිමට වෙන්නට මිලදී ඉඩමක්
නව ආරෙකට තනවා යස ගේ පොඩියක්
කිරි උතුරවා නැකතට ගයලා පිරිතක්
තිර සර විසුම විය සැම දනගේ සතුටක්
4 කොටස
මව සහ පියා ගම පාසලෙ ශිල්ප දෙන
අතරම දුවණි යැවුනේ නගරෙකට වෙන
සවසට පැමිණ පාඩම් වැඩ නිමවු තැන
දුව පැන නටයි මිතුරන් සැම එකෙකු මෙන
ගම පාසැලේ දරු දැරියන් සිත නිවන
දෙනිබිම අසල ඇති සහනය සුව මවන
අරණෙහි ගත දැවටි සිහිලැල් මද පවන
මන දොළ සතපවයි සරසා දිවි බවන
වැඩිවිය පැමිණි දින මේ පින්බර දුවනි
තුටුවිය ගමේ සැම ආදර හද බැතිනි
නැකතට සියළු කටයුතු ඉටුකර සොඳිනි
පැතුවනෙ ජයෙන් ජය සෙනෙහස පිරි හදිනි
වෙහෙසව යොදා සිත කය තම දියුණ ගැන
අහවර කළා දෙටු පෙළ දිවි විජය ගෙන
වැඩි ඉගෙනුමට සරසවියට ඇතුළු වන
දින නෙතු පොඟයි තුටු කඳුළින හදෙනි පැන
ඉගෙනුම නිමා කර ඇය ඇත පැමිණීලා
මව පිය දෙදෙන තුටු සයුරෙහි කිමිදීලා
නිසි කල වයස ගිලිහෙනු පෙර බොඳවීලා
හොඳ පෙළ වහක් කර දීමට සැරසීලා
මතු සම්බන්ධයි......
බලා ඉමු එහෙනම් පෙළවහක් කරන තුරු
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාගේ ප්රතිචාරයට. ඔව් ඔව් මඟුල් ගෙදර එන්න ලෑස්ති වෙලා ඉන්න හොඳේ.
Deleteපෙල වහ... වහ.
ReplyDeleteමයෙ කට හොඳ නෑ අනේ 😂🤭. විස්තරේ ඉලග පෝස්ට් එකෙන්ම කියවන්නං කො
බොහොම ස්තුතියි ඔයාගේ ප්රතිචාරයට. ඔව් ඉතින් ජිවිතයේ දෙවන උපත කියනවා නේ. හරියන්නත් වරදින්නත් පෙළ වහක් කරගෙනම බලන්න ඕන.
Deleteගැටුම එන්නෙ පෙළවහට පස්සෙ වෙන්නැති. ඉඳලා බලමු.
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාගේ ප්රතිචාරයට. ඔව් ඔව් ගැටුම් නැති ජිවිත කොහෙද මේ ලෝකේ. දිගටම රැදිලා ඉන්නකෝ.
Deleteකවි කතාව අදත් ආසාවෙන් බැලුවා. ලස්සනයි
ReplyDeleteජයවේවා !!!
බොහොම ස්තුතියි ඔයාගේ ප්රතිචාරයට. දිගටම කියවලා බලන්නකෝ.
Deleteකවිකතාවක් නේ. නියමයි.
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාගේ ප්රතිචාරයට සහ මගේ බ්ලොගය පැත්තේ ආවාට. මගේ කවි කතාව දිගටම රස විඳින්න මම ආරාධනා කරනවා.
Deleteපෙලවහ ගැන ඊලඟ සතියේ බලමු ....+++++++++ ..... Mayya
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාගේ ප්රතිචාරයට. ඔව් ඔව් මඟුල් ගෙදර එන්න ලෑස්ති වෙලා ඉන්න හොඳේ.
Deleteඅයියෝ දෝණි මෙච්චර ඉක්මනට ලොකු කලාද...කෙල්ලට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න එපැයි කවි ලස්සනයි ඒත් ❤❤
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාගේ ප්රතිචාරයට. ඔව් අනේ බන්දලා දෙන්න හිතුවා. මඟුල් ගෙදර එන්න හොඳේ
Deleteඅද හතර!
ReplyDeleteහතර වරිගයටම කියන්න ලෑස්ති වෙලා!
ජයවේවා!
ඔව් ඔව්. ඔබ තුමාටත් මඟුල කියනවා. එන්න පුළුවන් නෙවෙද? වැඩි දුරකුත් නෑනේ.
Deleteබොහොම ස්තූතියි ඔබගේ ප්රතිචාරය ට.
ගොඩක් තතු කියා - කවි තුන-හතර ලියා
ReplyDeleteමංගල්ලෙකට යනවද මේ ටිකිරි ලියා?
කල වයසද හෙමි හෙමිහිට පැමිණි නියා
Deleteමඟ නොහරිමි යුතුකම ඉටු කරමි මෙයා
බොහොම ස්තුතියි ඔබගේ ප්රතිචාරයට.