බිඳුණු සෙනේ මතකය හින්දා
තිබුණ සුවේ ළය තුල රන්දා
ඉගිල ගියේ කොහෙටදො මන්දා
විඳිනු කෙසේ නෙතු ඉකි බින්දා
නිමල හදින් සෙනෙහස පෑවේ
මියුරු නදින් කවිපද කීවේ
නොදැන කිසිත් අප දුර ආවේ
සිහිව සියල් හදවත දෑවේ
( සෙල් ඡන්දස අයත් නළුගාහ විරිත ඇසුරෙන් )
විරිතේ ස්වභාවය
පාදයකට මාත්‍රා 14 යි
මත් 4 පසුව ගුරක් තබා එහිම යතිය වේ
නැවත මත් 4 ට පසුව යෙදෙන ගුරු දෙකකින් පාදාන්තයේ යතිය තැබිය යුතුයි.
පාදයකට මාත්‍රා 14 යි
මත් 4 පසුව ගුරක් තබා එහිම යතිය වේ
නැවත මත් 4 ට පසුව යෙදෙන ගුරු දෙකකින් පාදාන්තයේ යතිය තැබිය යුතුයි.
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
No comments:
Post a Comment