Wednesday, February 24, 2021

අයියාගෙ ලියමන 3

 යුද හමුදාවේ සේවය කරන සොහොයුරා තම සොහොයුරිය වෙත ලියූ ලිපිය......

දයාබර නැගණිය වෙතයි, 

3 කොටස
~~

      පසුගිය කොටසෙන්.....

 කෙලිලොල් කිරි සිනහ වදුලෙද       ලියදිපුරා
සිතුවම් මැවෙනවා යලි යලි          සිහිනපුරා
මනසින් දුවනවා වෙල් එළි           කමතපුර
සුසුමන් හෙළනවා සිහි කර           දවසපුරා
.....
 
   පුන් සඳ එළියෙ පිළ මත හිද තරු         ගනින   
අප්පච්චිගෙ  කතා සවනට රස              මවන
අම්මගෙ  බත් ගුලිය කන්නට  පොර       බඳන
පින්බර කැදැල්ලේ ඇත සුව හිත          පිරෙන

   සඳ එළියෙන් ඇඳෙන රූපන හරි           අගය   
  ඇත හිත නඟන්නට සිතුවම  එහි         රඟය  
බැහැ මඟ හරින්නට මගෙ සිතිවිලි        දඟය
එවිටම  මතක් විය ගිණි අවියද           ළඟය 

   සිත තුල පියා දැරු අපමණ දරු           පෙමම    
සිහි විය සටන් බිම වෙත පය තැබු         දිනම
මගෙ එක පැතුම විය අප රට රැක        ගැනුම
     හෙළ අම්මාට සේවය කර මිය                ඇදුම 
    
සටනින් මගේ රට රැකුමට උර           දෙනවා
ලබමින් විරාමය ළඟදිම ගම                 එනවා
විඳිමින් අසිරි වෙල් එළි සිරි              නරඹනවා
සිතමින් එලෙස මම හදවත            සනසනවා

ඔබ සැමට දෙවි රැකවරණයි
මීට ආදර අයියා

නිමි.

~~~~~~~~~~

නැඟණියගෙ පිළිතුරු ලිපියෙන් හමුවෙමු.

යුද සමයේ ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදු කෝප්‍රල්, එම්.එච්.පී.සී ද සිල්වා, අංජු ද සිල්වා හා දිලු ද සිල්වා ගේ සොහොයුරාට උපහාර පිණිස පන්හිඳෙන් ගෙත්තම් කරන ලදි...

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, February 19, 2021

අයියාගෙ ලියමන 2

 යුද හමුදාවේ සේවය කරන සොහොයුරා තම සොහොයුරිය වෙත ලියූ ලිපිය......

දයාබර නැගණිය වෙතයි, 

2 කොටස
 ~~ 
                           පසුගිය කොටසෙන්.....

 මනසින් වදන් ගලපන ඒ හැම             වාරේ
සැනකින් බිඳී විසිරී හදවත                පෑරේ
පියමන් කරන සඳ ගන බඩ වැටි          තීරේ
රහසින් මුමුණනා පද වැළපෙනු          තෙරේ
.....
 
කොරටුවෙ නැන්ද, සිරිමලි, මව්පිය දෙන්නා
සැමවිට සුවෙන් ඇති බව සිත     පවසන්නා
මහවැලි ගං ඉවුරෙ පෙණ කැටි   සිහිවන්නා
        මතකය හදවතේ පතුලෙහි       කිමිදෙන්නා         

සිරිමලි ගැනයි හද නිතරම          විමසන්නේ
බැඳි පෙම නිසයි ඇය  නිවසට   වියැකෙන්නේ 
අප ගැන තමයි තුන් සිත නිති    වැළපෙන්නේ
           සටනද රුදුයි ඒකයි තුට           ගිළිහෙන්නේ           

කැමතියි දැනගන්න තොරතුරු ගම   පැත්තේ
නැතිවද ගිරව් ජෝඩුව සුපුරුදු            අත්තේ
සවසට කොල්ලො කජු පුහුලන් තුරු   මත්තේ
දඟකළ දොලේ දියකඳ නලියයි          චිත්තේ
 
කෙලිලොල් කිරි සිනහ වදුලෙද     ලියදිපුරා
සිතුවම් මැවෙනවා යලි යලි          සිහිනපුරා
මනසින් දුවනවා වෙල් එළි           කමතපුරා
සුසුමන් හෙළනවා සිහි කර           දවසපුරා

මතු සම්බන්ධයි.........

යුද සමයේ ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදු කෝප්‍රල් ,එම්.එච්.පී.සී ද සිල්වා, අංජු ද සිල්වා හා දිලු ද සිල්වා ගේ සොහොයුරාට උපහාර පිණිස පන්හිඳෙන් ගෙත්තම් කරන ලදි...

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි. 

Sunday, February 14, 2021

ආදරවන්තයින් ගේ දිනයට මගෙන් ඔයාට....

හාදු වැස්සක් 

හුදකලා වී සිටින ඔබ දැක පැමිණියෙමි ලඟටම            හෙමින්
හිතුන පුදනට හාදු වැස්සක් ඔබේ වත කමලට              පෙමින්
බැලිමි වට පිට පසක් කෙරුමට නොමැති බව කිසිවෙකු    එමින්
දිනකරත් සැඟවිලා හිමිහිට ඉත සිතින් අනුබල              දෙමින්
 
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, February 12, 2021

අයියාගෙ ලියමන 1

 යුද හමුදාවේ සේවය කරන සොහොයුරා තම සොහොයුරිය වෙත ලියූ ලිපිය......

දයාබර නැගණිය වෙතයි, 

1 කොටස
~~

නැගණියෙ ඔබ සැවොම අදරින් සිහි කරමින්
වෙහෙසව ලියමි පද සිතිවිලි දිඟ      හරිමින්
 ලතවෙයි තුන්සිතම පාළුව තනි        රකිමින් 
සුසුමකි මුදා හැරියේ ළය           හකුළුවමින්

පෙරදින මියුරු ගී රස විඳි මගෙ         සවන 
දෙදරයි වෙඩි හඬට නෑ සිත තුළ        සහන
වෙනුවට සුරත දැරු පන්හිඳ කවි        මවන
    රජවිය ගිණි අවිය මිතුරකු ලෙස       කලණ     

හසුනක අකුරු  අමුණන්නට නැත      නිවන
බියකරු රැයක හද ඔත්පල වෙයි       නිතින
සිසිලස මවන ගත සනහන තුරු       සෙවන
සිහිවන විටදි දිව එන්නට මට            සිතින 

මනසින් වදන් ගලපන ඒ හැම             වාරේ
සැනකින් බිඳී විසිරී හදවත                 පෑරේ
පියමන් කරන සඳ ගන බඩ වැටි         තීරේ
  රහසින් මුමුණනා පද වැළපෙනු          තෙරේ 

මතු සම්බන්ධයි.........

2 කොටසට  👉

යුද සමයේ ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදු කෝප්‍රල් ,එම්.එච්.පී.සී ද සිල්වා, අංජු ද සිල්වා හා දිලු ද සිල්වා ගේ සොහොයුරාට උපහාර පිණිස පන්හිඳෙන් ගෙත්තම් කරන ලදි...

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Thursday, February 4, 2021

ශ්‍රී ලංකා 73 වන නිදහස් සංවත්සර සැමරුම

 ශ්‍රී ලංකා

 සුපසන් හිරු අතරින් ලොව දිලෙමින් සිට        පොරණේ
    විකුමන් කළ නිරිඳුන් ගුරු ඇදුරන් දිනු               නිතිනේ   
 බටයන් දිවි ගෙවමින් යුධ කරමින්  රැකි            බැවිනේ
  අභිමන් තෙද පතුරන් අද සිහළුන් හෙළ            දෙරණේ 

( තෙනෙත් ඡන්දසට අයත් කමලා විරිත ඇසුරෙන්  )

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
ස න ද න බ ස මේ
සගණින් සයෙන් සය යති
කමලා නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ. 

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන් ~~