යුද හමුදාවේ සේවය කරන සොහොයුරා තම සොහොයුරිය වෙත ලියූ ලිපිය......
දයාබර නැගණිය වෙතයි,
3 කොටස
~~
පසුගිය කොටසෙන්.....
සිතුවම් මැවෙනවා යලි යලි සිහිනපුරා
මනසින් දුවනවා වෙල් එළි කමතපුර
පුන් සඳ එළියෙ පිළ මත හිද තරු ගනින
අප්පච්චිගෙ කතා සවනට රස මවන
අම්මගෙ බත් ගුලිය කන්නට පොර බඳන
පින්බර කැදැල්ලේ ඇත සුව හිත පිරෙන
සඳ එළියෙන් ඇඳෙන රූපන හරි අගය
ඇත හිත නඟන්නට සිතුවම එහි රඟය
බැහැ මඟ හරින්නට මගෙ සිතිවිලි දඟය
එවිටම මතක් විය ගිණි අවියද ළඟය
සිහි විය සටන් බිම වෙත පය තැබු දිනම
මගෙ එක පැතුම විය අප රට රැක ගැනුම
හෙළ අම්මාට සේවය කර මිය ඇදුම
සටනින් මගේ රට රැකුමට උර දෙනවා
ලබමින් විරාමය ළඟදිම ගම එනවා
විඳිමින් අසිරි වෙල් එළි සිරි නරඹනවා
නිමි.
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~~~~~
නැඟණියගෙ පිළිතුරු ලිපියෙන් හමුවෙමු.
යුද සමයේ ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදු කෝප්‍රල්, එම්.එච්.පී.සී ද සිල්වා, අංජු ද සිල්වා හා දිලු ද සිල්වා ගේ සොහොයුරාට උපහාර පිණිස පන්හිඳෙන් ගෙත්තම් කරන ලදි...
No comments:
Post a Comment