යුද හමුදාවේ සේවය කරන සොහොයුරා තම සොහොයුරිය වෙත ලියූ ලිපිය......
දයාබර නැගණිය වෙතයි,
2 කොටස
~~
පසුගිය කොටසෙන්.....
මනසින් වදන් ගලපන ඒ හැම වාරේ
සැනකින් බිඳී විසිරී හදවත පෑරේ
පියමන් කරන සඳ ගන බඩ වැටි තීරේ
රහසින් මුමුණනා පද වැළපෙනු තෙරේ
.....
කොරටුවෙ නැන්ද, සිරිමලි, මව්පිය දෙන්නා
සැමවිට සුවෙන් ඇති බව සිත පවසන්නා
මහවැලි ගං ඉවුරෙ පෙණ කැටි සිහිවන්නා
මතකය හදවතේ පතුලෙහි කිමිදෙන්නා
සිරිමලි ගැනයි හද නිතරම විමසන්නේ
බැඳි පෙම නිසයි ඇය නිවසට වියැකෙන්නේ
සැමවිට සුවෙන් ඇති බව සිත පවසන්නා
මහවැලි ගං ඉවුරෙ පෙණ කැටි සිහිවන්නා
මතකය හදවතේ පතුලෙහි කිමිදෙන්නා
සිරිමලි ගැනයි හද නිතරම විමසන්නේ
බැඳි පෙම නිසයි ඇය නිවසට වියැකෙන්නේ
අප ගැන තමයි තුන් සිත නිති වැළපෙන්නේ
සටනද රුදුයි ඒකයි තුට ගිළිහෙන්නේ
සටනද රුදුයි ඒකයි තුට ගිළිහෙන්නේ
කැමතියි දැනගන්න තොරතුරු ගම පැත්තේ
නැතිවද ගිරව් ජෝඩුව සුපුරුදු අත්තේ
සවසට කොල්ලො කජු පුහුලන් තුරු මත්තේ
දඟකළ දොලේ දියකඳ නලියයි චිත්තේ
නැතිවද ගිරව් ජෝඩුව සුපුරුදු අත්තේ
සවසට කොල්ලො කජු පුහුලන් තුරු මත්තේ
දඟකළ දොලේ දියකඳ නලියයි චිත්තේ
සිතුවම් මැවෙනවා යලි යලි සිහිනපුරා
මනසින් දුවනවා වෙල් එළි කමතපුරා
සුසුමන් හෙළනවා සිහි කර දවසපුරා
මතු සම්බන්ධයි.........
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.



No comments:
Post a Comment