" ....... ට්‍රී ....... ට්‍රීන් ......... ට්‍රීන් ....."
* සුදු බේබි මෙන්න ටෙලිෆෝන් එක නාද වෙනවා....
** අනේ ඔව් මයි. වෙන කල්පනාවක හිටිය නිසා මට ඇහුනෙවත් නෑ.... ඉන්නකෝ මම බලන්න
මැණිකා කිව්වාට පස්සෙයි මම දුවල ගිහින් ටෙලි ෆෝන් එක ඉස්සුවේ .. කව්ද මේ අවේලාවේ කතා කරන්නේ කියලා කුතුහලයෙන් ..
දුරකතනයේ එහා පැත්තෙන් ඇහුනේ නාඳුනන පිරිමි කට හඬක්. කව්ද මේ..? මොකටද මට කතා කරන්නේ....? කොහෙන්ද මගේ අංකය හොයා ගත්තේ....?
මගේ හිතේ තිබුනේ ප්‍රශ්න වැලක්...
මේ මිස් සුභානි ද කතා කරන්නේ...... ? කල්පනාවෙන් හිටපු මම ආයෙමත් එහා පැත්තෙන් ඇහුන හඬට තිගැස්සුනා .... ඔ...ඔව්... මම සුභානි.... ක .... ක.. කව්ද මේ..... මගේ හිතේ අමුතුම භයක් වගේ දෙයක් තෙරපෙන්න ගත්තා. ඒ මොකද කියලා වත් හිතාගන්න බැරුව මම ගල් ගැහිලා වගේ ෆෝන් එක කනේ තියාගෙන හිටියේ.
මිස්... මම මේ කතා කරන්නේ..... රත්මලාන පොලිසියෙන් ....
ඇත්තටම මට ඇහුනේ එච්චරයි. ඊට පස්සේ එහා පැත්තෙන් තව මොන මොනවදෝ කියාගෙන ගියා මතකයි. මම පියවි සිහියට එනවිට මම හිටියේ මගේ කාමරේ ඇඳ උඩ. සුපුරුදු පරිදි මගේ තනියට හිටපු මැණිකා මා එක්කම හිටියා.
" දැන් ඉතින් හිත හදාගන්න උත්සාහ කරන්න අපේ සුදු බේබි .... "
දෙවියනේ... මම මේ දකින්නේ හීනයක් ද? මම මේ ලෝකේ දෙමව්පියන්ට පස්සේ වැඩියෙන්ම ආදරය කරපු කෙනා, මගේ මුළු ජිවිතයම බාරදෙන්න සිහින බලපු එයා.. හදිසි අනතුරකට මුහුණ දීල... දෙවියනේ.... මම කොහොමද මේ දුක දරාගන්නේ...... මේ විදිහට මාව දාල යන්නේ නැතිව, රෝද පුටුවක හරි ඔයා හිටියා නම් මම පොඩි දරුවෙක් ව බලාගන්නවා වගේ ඔයාව ආදරෙන් බලා ගන්නවා. ... ඇයි එහෙම වත් මා ළඟට වෙලා ඉන්න හිතුනෙ නැත්තේ ඔයාට...... මම මගෙන්ම ප්‍රශ්න කරන්න පටන් ගත්තා. කොහෙන් උනන උණු කඳුළුද මන්ද දෑස් වල ඉවුරු බිඳගෙන මේ විදිහට කම්මුල් දිගේ ගලා යන්නේ කියලා මටම හිතාගන්න බෑ.
* "බේබිගෙ අම්මයි අප්පච්චියි මඟ එනවා කිව්වා. කලබල නැතිව ඉන්නකෝ බේබි. " මගේ ළඟ හිටපු මැණිකා හැකි හැම විදිහටම මව සනසන්න ලොකු උත්සාහයක යෙදෙනවා.
අනේ මම දැන් මොකද කරන්නේ මැණිකා ... ඇයි මම විතරක් තවත් ජීවිත් වෙන්නේ. .....
අපි දෙන්නා මුණ ගැහුනේ අහම්බෙන් වගේ. චුටි අක්කගේ මඟුල් ගෙදරදී. එයා දෙවෙනි මනමාලයා. එයාගේ ලඟට වෙලා කිසිම හැඟීමක් නැතිව හිනාවෙලා හිටපු දෙවෙනි මනමාලි මම. අපි කවදාවත්ම හිතුවේ නෑ මේ හමුවීම අපේ ජීවිතවලටත් සුබ පණිවිඩයක් ගෙනෙයි කියලා. එත් චූටි අක්කගේ මඟුලෙන් මාසෙකට විතර පස්සේ අහම්බෙන් වගේ එයාව මුණ ගැහිලා අවසානයේ අපි පෙම්වතුන් බවට පත් වුනේ කිසිම දවසක, කිසිම කෙනෙකු නො හිතපු විදිහට.
එදා සිට පන්සලට යන හැම දවසකම මට පතන්න තිබුනේ එකම එක පැතුමයි. මම හිතුවෙම අපි හමුවුනේ පෙර පිනකින් කියලා. ඔයා තරම් කවදාවත් කවුරුවත් මට මේ තරම් ආදරයක් දෙන එකක් නෑ කියලා මයි මට හිතුනෙ. ඒ තරමටම මම ඒ ආදරෙන් වියරු වැටිලා හිටියේ. සදාතනිකවම ඒ හදවතේ ලැඟුම් ගන්න ඒ හදවත අයිති කරගන්න මම පෙරුමන් පිරුවා.
මගේ ඒ පැතුමන් ඔයාට නොදැනුනාවත් ද මගේ සුදු මහත්තයා... කාගෙන් අහලාද ඔයා මේ විදිහට ජිවිතේ අතර මඟ මාව අතහැරලා යන්න තීරණය කලේ. ... කියන්න..... මට කියන්න ... මම ඔයාට ආදරේ කල තරමට ඔයා මට ආදරය කලේ නැද්ද දෙවියනේ.... ? ... නිකමට වත් ඔයා හිතුවාද ඔයා නැතිව තනිවම මම කොහොමද ජිවිතේ ඉතිරි ටික ගෙවන්නේ කියලා.
තොල්පෙති තදකරගෙන යාන්තමට හිනාවේගෙන නිසොල්මනේ ගේ මැද සාලේ වැතිරිලා ඉන්න ඔයා දිහා බලාගෙන මට පතන්න තිබුනේ එකම එක දෙයයි. හැකි ඉක්මනින් මාවත් ඔයාගේ ළඟට ගන්න කියල විතරමයි.
එදා පන්සල් ගියා පෙරුමන් පුරා නුඹවම ලබන්න
සිතා ගනු බැරි හදේ කුළුදුල් සෙනෙහසේ සුව විදින්න
සදාතනිකව අයිති කරගෙන ලොවේ දිගුකල රැදෙන්න
පුදා නෙලු මල පැතූ පැතුමන් නොදැනුනිද මට කියන්න
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
හදිසි අනතුරු ගැන ඇහෙන හැමවෙලාවෙම හිතෙන්නේ අහිමිවෙන ජීවිත නිසා කීදෙනෙක් ජීවත්ව සිටියදීම මිය යනවද කියලා.
ReplyDeleteබොහෝම ස්තුතියි මගේ නිවහනට ගොඩවී සටහටක් තබා ගියාට.
Deleteඇත්තටම මම වැඩියේ දුර දිග හිතලා නොලිව්වාත් කී දෙනෙකුගේ ජිවිත කතාවද මේ කියලා දැන් මට හිතුනා
මේ වගේම ඉතා සංවේදී සත්‍ය කතාවක් මගේ නෑදෑ වැඩිමහල් සොහුයුරියකටත් සිද්ධ උනා. විවාහ වීමට සුදානම් වී සිටි ඒ සහොඒදයරයා ඉතා උසස් ගතිගුණ වලින් හෙබි අයෙක් . ඒත් අවසානාවකට ඔහු මෝටර් සයිකල් අනතුරකට ලක් වී දිවි ගමනින් සමු ගත්තා.
ReplyDeleteඉන්පසු මගේ සහෝදරිය අවුරුදු ගනනාවකට පස්සෙ නව සමබන්ධකමක් ඇති කර ගත්තත් එය සාර්ථක උනේ නෑ.
අදටත් ඇය අවිවාහක කාන්තාවක්. දැන් ඇයගේ රැකියාවෙනුත් විශ්‍රාම ගොස තනියෙන් තම ගමන් මග යනවා.
ඇයට විවාහ වීමට නොහැකි වීමට පුහු මථත් බලපෑවද කියලා මට හිතෙනවා. මොකදාඑයගෙ පෙම්වතා මිය යැම නිසා , ඒ කථාව අහපු බොහො අයෙක් ඇය සමග සම්බන්ධ වීමට මැලි උනාදැයි මට සැකයක් තියෙනවා. මන්ද ඇය ඉතා රූමත්,ඉහල රැකියාවක් කල තැනැත්තියක්
බොහෝම ස්තුතියි මගේ නිවහනට ගොඩවී සටහටක් තබා ගියාට.
Deleteඒ සහෝදරිය ගැන මට දුකක් දැනුනා. අපේ රටේ අයගේ මිත්‍යා විශ්වාස නිසා නේ මේ හැම දේම. ජිවිතේ නම් වෙලාවකට අනේ මන්ද.... මෙන්න මේකයි කියලා විස්තර කරන්න බැරි අමාරුම දෙයක් නේද.
සමහර විටකදී වෙන ලෝකයකදී හමු වේවි
ReplyDeleteබොහෝම ස්තුතියි මගේ නිවහනට ගොඩවී සටහටක් තබා ගියාට.
Deleteඅනේ ඔව් එහෙම හරි වෙනවා නම්.... ඒ වගේම කතන්දර සිහින ලෝකෙත් හැබෑ ලෝකෙත් නැතුවාම නොවෙයි නේද? මට කතකයි ඔබත් මේ වගේ දෙයක් ගැන පෝස්ට් එකක් දමා තිබ්බා වගේ.
++++++++++++👌😟
ReplyDeleteබොහෝම ස්තුතියි මගේ නිවහනට ගොඩවී සටහටක් තබා ගියාට.
Deleteහ්ම්ම්.. අඩු වැඩි වශයෙන් ගත්තොත් අපි හැමෝගෙම ජීවිතවල එක පැත්තක වැඩිපුරම තියෙන්නේ ශෝකාන්ත විතරයි නැද්ද මං අහන්නේ.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ පැමිණීම ගැන ඉතාම සතුටුයි.
Deleteඔව් ඔබ හරි ටිකක් නැවතිලා බලද්දී වැඩිපුරම විඳලා තියෙන්නේ දුක කඳුල තමා.
අදයි ආවෙ මේ පැත්තෙ.. නිවිහැනේ කියවන්නම්!
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබට මගේ නිවහනට ගොඩ වෙලා යන්න ආවාට.
Deleteආයෙත් එන්න හොඳේ.
කතාවටම ගැලපෙන අයුරින් කවිය... හිතේ දුකට ලියැවුනු කවියක්..රසවත් ..
ReplyDeleteබොහොම ස්තුතියි ඔබ තුමාට සුපුරුදු ලෙන්ගතු කමින මගේ සිතිවිලි නිවසට ගොඩ වැදී මගේ කවි රසවිඳ සටහනක් තබා ගියාට.
Delete