Saturday, December 9, 2023

දෝණි 3 (ශනිදා දහයට)

කවි කතාව

පසුගිය කොටසෙන්.................

 තම දිවි තලයෙ කල වයසත් පසු          කරන
ලොකු පොඩි සැමට නෙක සහනය නිති බෙදන
ගම පන්සලේ දායක නිල තල                දරන
රජවරු වැනිය වැඩ සිටි හෙළ දිව        පුරණ

3 කොටස  

නිරතුරු ගමට එන කලු කඩ             මුදලාලි
ලොකු මුදලකට විකුණයි පොඩි බඩු      කෑලි
දෙසවන ගැටී ගම්මුන් පවසන             සෝලි
අහුරන ලදිය මඟ නොඑනට පැන          වේලි


වියැකෙන අතර කාලය තම දිවි           පලසේ
ඇත පෙර නිමිති පහලව ලොවටම       රහසේ
තුරුළට රැගෙන නැළැවිලි ගී පද          රසසේ
ගයමින ප්‍රීති වීමට බිරිඳක                 පැතුසේ

දිවි මං තලාවේ  වෙනසකි           ඇරඹෙන්නේ
පැතුසේ පුංචි ළදැරියකිය             පිවිසෙන්නේ
සැමගේ සෙනෙහෙ සුව විඳිමින    සුරැකෙන්නේ
ඔප වී වැඩී යහගුණයෙනි             සපිරෙන්නේ


දැඩි ලෙස ගමට පෙම් බැඳි මෙම ගුරු     යුවල
සපථව අතැර නොයනා ලෙස බිම           සපල 
රැඳෙනට සිතයි සමඟින ගැමි දන           නිමල
මතුදින තමන් දිවි ගඟ වනතුරු              නිසල



ගම මායිමට වෙන්නට මිලදී                ඉඩමක්
නව ආරෙකට තනවා යස ගේ           පොඩියක්
කිරි උතුරවා නැකතට ගයලා               පිරිතක්
තිර සර විසුම විය සැම දනගේ           සතුටක්

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 2 කොටසට

👉 4 කොටසට


~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

23 comments:

  1. ඔන්න මම එක.
    කවි කතාව නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සේපාලිකා මල්. පුදුම වැඩේ කියන්නේ මමත් ඊයේ ඔයාගේ වැහුපැටි සීන් එකට 1ටම කමෙන්ට් කලේ මම වීමය

      Delete
  2. මම දෙක!
    ඇති යාන්තම් ගෙයක් හදන්න හිතුනා අපේ කිවිඳියට නොවේ ගුරු යුවලට!
    සුපිරි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. මම ගානෙ තමා ගේ නම් හදලා දෙන්නේ. පුළුවන් නම් පොඩි ආධාරයක් කරන්න හොදේ. මේවා ගමේ අයගෙ යුතුකම් ඈ.

      Delete
  3. මම තුන...
    හරිම ලස්සනයි .
    ජයවේවා !!!

    ReplyDelete
  4. මම තුන.
    හරිම ලස්සනයි කවි කතාව අදත්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමින්ද ඔබට. දිගටම රැදී ඉඳලා ගුණ දොස් ඇතොත් කියන්නකෝ

      Delete
  5. දැනට පැමිණීම සටහන් කර යමි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ පැමිණීමට. පසුව හිමිහිට කියවලා ගයලා රස විඳින්න කෝ. දිග වැඩියි කියලා හිතෙනවා නම් කියන්න. ආයෙම මම අඩු කරලා දමන්නම්

      Delete
  6. Replies
    1. බොහොම ස්තුතියි ඔබට ආවාට. අද මම දැක්කේ නැහැ ඔයාගෙ කතාවක්.

      Delete
  7. කියෙව්වා. මදි, තව ටිකක් තිබ්බනං කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ පැමිණීමට. හපොයි..... මේ ටිකත් මදිද ?

      Delete
  8. හුම්. ටීචින් කපල්එක ගමටම සින්න වෙන සීන් එකක් නෙ. ❤

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නමියා හැමදාමත් වගේ ඔබගේ පැමිණීමට. එකනේ එයාල ආයෙ නගරෙට යන්නේ නෑ. එයාල ගමට ගොඩාක් ආදරය කරනවා.

      Delete
  9. පසුගිය සතියෙන් කෑල්ල හරිම ප්‍රයෝජනවත්. හරිම ලස්සනයි .

    ReplyDelete
  10. සුපිරි +++++++++++++++ Mayya

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට. දිගටම රැදි ඉදලා බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා.

      Delete
  11. ඉතින් ඊට පස්සේ මක්කැයි වෙන්නේ
    කවි පහකින්ද ඔබ පවසන්නට යන්නේ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නිදි.
      ඔව් ඔව් කවි පහකින් තමයි. හරිම අපුරුයි පද ගැලපීම ඔබගේ

      Delete