කවි කතාව
පසුගිය කොටසෙන්.................
වෙසෙනා නිවස යාබද සිප් නැණ පියස
ඇමදා මිදුල අළුයම දුරලන අලස
වැඳලා බුදුන් පිළිගෙන නොඉඳුල දවස
නිතිනා සිරිය රඳවයි දෙවොලක විලස
~~~~~~~~
2 කොටස
නව යුග දිවි පිවිසි මේ ගුරුවරු දෙන්නා
හිමිදිරි උදයෙ පාසැල වෙත පිය මැන්නා
එහි සිසු දරුවො සැමටම යහ මඟ පෙන්නා
වැජබෙන ලදිය මිහිපිට දෙවිවරු වැන්නා
හිමිදිරි උදයෙ පාසැල වෙත පිය මැන්නා
එහි සිසු දරුවො සැමටම යහ මඟ පෙන්නා
වැජබෙන ලදිය මිහිපිට දෙවිවරු වැන්නා
කුස ගින්දරින් පෙළෙනා පොඩි දරුවනට
අත මිට මුදල ගැවසෙන ගම වැසියනට
නොම කර වෙනස් කම් හොඳ සක සුරුවමට
දෙති සහයෝගෙ එකඟව තම හදවතට

ඉඳහිට පොලොස් ඇඹුලක් වෙල් මාළු ඉතා
රසකර උයා රතු කැකුළුද මුලෙහි ඔතා
ගම විසු සියළු දරුවන් එක සමව සිතා
කුසගිණි නිවා පවසයි රස පිරුණු කතා
පරිනත වෙමින දැනුමෙනි ගුණයෙනි දැයට
දියකර හරිති ඇති ලෞකික සැප රුවට
මතුවන නමුදු එක දෙක නර කෙඳි හිසට
අපමණ තුටක් දුනි ගුරුවෘතිය ලයට

තම දිවි තලයෙ කල වයසත් පසු කරන
ලොකු පොඩි සැමට නෙක සහනය නිති බෙදන
ගම පන්සලේ දායක නිල තල දරන
රජවරු වැනිය වැඩ සිටි හෙළ දිව පුරණ
මතු සම්බන්ධයි......
🤘🤘
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට. මගේ කවි කතාව රස විඳින්න මේ පැත්තේ ආවාට.
Deleteහරිම ලස්සනයි සිතුවම් මැවෙනවා කියවනකොට..
ReplyDeleteඅනේ ඇත්තද.. එහෙහම් මගේ වෑයම ටිකක් විතර සාර්ථකයි කියලා හිත හදාගන්නම් මම. බොහොම ස්තුතියි ඔබට.
Deleteබොහොම ලස්සනට ලියලා තියෙනවා +++++++++++++++ Mayya
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. මම ලියපු දෙයක් කෙනෙක් රස විඳිනකොට දැනෙන සතුට කියන්න වචන නෑ.
Deleteහිත ආපසු කොළඹ යුගයට ගෙනයන කව් පෙළක්.
ReplyDeleteඑහෙමද? බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට සහ නිතර මේ පැත්තේ ඇවිල්ලා දෙන ඇගයීමට. එය මට තවත් දිරියක්.
Deleteඅද රතු කැකුළු කවිවල.
ReplyDeleteපොලොස් ඇඹුලත් එක්ක.
අපිව පිස්සු වට්ටන්ඩ නං එපා.
ජයවේවා!
බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. අනේ ඔව් මේවා ඉතින් අපිට රජ බෝජනම තමයි නේද? ඉඳලා හිටලා අපි කන්නෙත් ඔය ස්ටයිල් එකටම තමා. මගේ හබිත් ආසයි සිංහල විදිහට හදන කෑම වලට.
Deleteම්ම්.. දෙවෙනි කොටසත් රසවත්වලියා තිබෙනවා.
ReplyDeleteජයවේවා !!!
බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට සහ නිතර මේ පැත්තේ ඇවිල්ලා දෙන ඇගයීමට. එය මට තවත් දිරියක්. දිගටම මේ වගේ රසවත්ව ලියන්න හිතනවා.
Deleteඅනේ දෙයියනේ කථාව පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්නකෝ! මේක නිකං මෙගා ටෙලියක් වගේනේ! කොටින්ම දෙවෙනි ඉනිම වගේ!
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. අයියෝ ඉතින් කලින් කිව්වා නම් මුලයි මදැයි අගයි දමලා කවි පන්ති 5 කින් විතර මුළු කතාවම ඉවර කරනවා නේ මම.
Deleteඕන් මාත් කොටස් දෙකම කියෙව්වා. ලාස්සනයි.
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔයාට අපේ ගෙදරට ආවාට සහ ඔයාගෙ නිහතමානී ප්‍රතිචාරය ට.
Deleteඔබේ කවි කථාව කියවා අපි අතීතයටත් යනවා. ඊළග කොටස කියවන්න බලාගෙන ඉන්නවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට මගේ කවි රස විඳලා හිතට දැනෙන අදහස මෙහි සටහන් කිරීම ගැන. තුන්වන කොටසත් අරගෙන මම එන්නම් ලබන සතියෙත් ශනිදා දහයට.
Delete++++++++++++++++
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට.
Deleteපටන් ගනිද්දිම කියවාගෙන යන්න
ReplyDeleteමතු සම්බන්ධෙ - මලත් පනිනවා ඔන්න!
බොහෝම ස්තුතියි නිදි. හපොයි... හැමෝටම කේන්ති ගියා එකට නම්. ඒ නිසා තව වැඩිපුරත් එකතු කළා ඔන්න.
Delete