Saturday, December 30, 2023

දෝණි 5 (ශනිදා දහයට)

කවි කතාව

පසුගිය කොටසෙන්.................

ඉගෙනුම නිමා කර ඇය ඇත            පැමිණීලා
මව පිය දෙදෙන තුටු සයුරෙහි            කිමිදීලා
නිසි කල වයස ගිලිහෙනු පෙර         බොඳවීලා
හොඳ පෙළ වහක් කර දීමට            සැරසීලා

5 කොටස 

අතමිට සරුයි දැරියත් හරි දැකුම්        කළුයි
සුසිනිදු වතද පුබුදින සුදු පියුම්             බඳුයි
මිණිකැට සදිසි නෙතු සඟලේ කැලුම්     මුදුයි
මියුලැස දීග යන නිවසට පහන්            සිළුයි


කපු මහතාට එන්ටය පණිවුඩ               යවපූ
පවුලට ඇවැසි පිළිවෙළ පැහැදිලි           කරපූ
මවපිය දෙදෙන යුතුකම අකුරට           රැකපූ
දියණිට සොයයි සහකරුවෙකු ගුණ       වඩපූ

බිළිදිය දා පටන් තම පණ මෙන්            සුරැකී
පැද යන දිවි ඔරුව ගැන ඔවදන්           රැසකී
යහ ගුණ ඇතුළු සැම දෙය ඉහතින්    නොමකී
සමඟම දෑවැදිද ඇති මසුරන්             තැනකී


නවතම නිවස පිහිටා ඇති නගරෙ            මැද
ගොඩ මඩ වලද වටිනාකම වැඩිය             අද
සියලුම දෙයම දුවටයි නොම කරන           වද
සොයනට කීවෙ කොළු ගැටයකි පිරුණු    තෙද

පණ හා දෙවෙනි කොට රැකි තම එකම     දරු
යවලා කොහොම වෙන ගමකට තිබෙන     දුරු
නැවතී දෙමාපිය සමඟම දිවිය                 තුරු
සිටිනා කෙනෙකුටයි ඇරයුම බොහොම     ගරු

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

18 comments:

  1. ඔහොම යමු ඔහොම යමු..
    හොද කොලු ගැටයෙක් ලැබේවිනේ..?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔයාට. ඒක තමයි මමත් කල්පනා කලේ.

      Delete
  2. කොලු ගැටයෙක් උනා නම් ඉල්ලලා බලන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට. හි... හී.....

      Delete
  3. අපූරු කවි කතාව

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අජිත්. කවි ගයා රස විඳ අති බව දැනුනා.

      Delete
  4. වෙනදා වගේම ඉස්තරම්

    -Mayya

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මයියා. ඔබේ වටිනා ප්‍රතිචාරය ඉදිරියට යන්න රුකුලක් වේවි.

      Delete
  5. අදත් ආසාවෙන් කියෙව්වා.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දුමින්ද. ආසාවෙන් රස වින්දානම් එය මට සතුටක්.

      Delete
  6. මගුල් ගෙදර තව ඉස්සරහට නේ. හොඳ කොල්ලෙක් ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සේපාලිකා. ඔව් ඔව් මඟුල තව ඉස්සරහට තමයි. ඇඳුම් හදාගන්න කල් අති නේද?

      Delete
  7. "සුදෝ සුදු" කියවනවා වාගෙයි හැඟීම!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබගේ පැමිණීමට. අනේ ඇත්තද? ආසාවෙන් රස වින්දා නම් එය මට සතුටක්.

      Delete
  8. කොල්ලට ගෙවල් හදන්න මහන්සි වෙන්ට ඕන නෑ හිටං 😁😁

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නමි ඔබගෙ ප්‍රතිචාරයට. හපෝයි ඔව්. ඒව ඔක්කෝම හරි. දන්නවානෙ ඉතින් අපේ සිංහල සංස්කෘතිය. දෙමව්පියන් දුක් මහන්සි වෙලා හැමදෙම දරුවන්ට සූදානම් කරලා දෙනවනේ.

      Delete
  9. නොකියා හිටි දෙයක් දැන් නොකියා බැරිය
    සුසිනිදු - බිලිදි වගෙ තැන් ඉඳහිට ඇතිය
    නිවැරදි යෙදුම් ඔබ නම් දන්නා හැඩය
    කලබලයෙන්ද ගෙතුවේ මේ කවි ලිපිය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නිදි.
      ඔව් ඉතින් කතන්දරෙටයි පද ගැලපිමටයි හරියන විදිහට කල්පනා කරද්දී එහෙම යෙදීම් ඇති විවිධ තැන්වල. ඉදිරියේදි කල්පනාකාරී වෙන්නම් කෝ.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.